රුපියල් කෝටි ගනනක් වටිනා දිට්වා ආධාර ලෙස ලැබුණු කූඩාරම්, ගෑස් ලිප් ඉවුම් පිහුම් උපකරණ,වියළි ආහාර ද්‍රව්‍ය මේ වනතෙක්ම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කාමරවල රහසිගතව ගොඩ ගසා ඇති බව වාර්ථාවෙි. තෙල්දෙණිය ,උඩදුම්බර ,ගලගෙදර ,උඩපලාත,යටිනුවර ,උඩුනුවර නාවලපිටිය, මිනිපේ යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ඇති උපකරණ හා ආහාර ද්‍රව්‍යවල කල් ඉකුත්වී තිබෙන බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබූණු බොහෝ වියළි ආහාර ද්‍රව්‍ය තොග පිටින් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඇතැම් නිලධාරින් නිලධාරිනියන් සූක්ෂම ලෙස තම තමන්ගේ හිතවතුන්ට බෙදා දී,තමනුත් රැගෙන ගිය බව,තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිට්වා ආපදා ලාභීන්ට බෙදා නොදුන් භාණ්ඩ තොගයක් විගණන නිලධාරී විමර්ශණ වලදී සොයා ගෙන ඇතත් තවත් එවැනි භාණ්ඩ වියළි ආහාර තොග පිටින් කල් ඉකුත් වී ඒවා රජයේ කාර්යාල වග සඟවා තිබෙන බව විශ්‍වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා දිට්වා ආපදා ලාභීන් ගැන මීට වඩා සොයා බැලිය යුතු බව මහනුවර දිට්වා ආපදාවට පත් ජනතාව පවසති.

