රාජකාරිය අකුරටම කළ පමුණුගම ස්ථානාධිපතිවරයා කබලෙන් ළිපට වැටෙද්දී, සැකකාර වෛද්‍යවරයා බේරාගන්න ඉහළ පුටු පෙළගැසෙයි.

ශ්‍රී ලංකා පොලිසිය යනු මහජනතාවට නැතුවම බැරි ආයතනයකි. ඔවුන්ගේ සහය නොමැතිව උදෑසන කිසිවකුටත් මාර්ගවල ගමන් කිරීම පවා අසීරුය. පොලිස් දෙපාර්තමේන්තුවේ අඩුපාඩු නැතුවාම නොවේ. සුළුතරයක් කරන වැරදි හේතුවෙන් බහුතරයක් වූ අවංක නිලධාරීන් මහජන දෝෂදර්ශනයට ලක්වන අවස්ථා ද එමටය. එහෙත්, පමුණුගම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අයි.එස්. විජේනන්ද මහතා පසුගියදා සිදුකළ යහපත් ක්‍රියාවක් හේතුවෙන්, ඔහු අගය කරනු වෙනුවට මේ වන විට ඔහුට දැඩි බලපෑම් සහ ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

​සිද්ධියට මුල පුරන්නේ මීට සති කිහිපයකට පෙර පමුණුගම පොලිස් වසමෙන් වාර්තා වූ 15 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිදුවීමකි. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන්නේ ප්‍රකට අධිකරණ වෛද්‍යවරයෙකි. අපයෝජනයට ලක්වූ දරුවාට සාධාරණය ඉටුකිරීම වෙනුවට, සැකකාර වෛද්‍යවරයා බේරාගැනීම සඳහා ක්ෂේත්‍රයේ ආචාර්ය, මහාචාර්යවරුන් පිරිසක් දැඩි උත්සාහයක නිරත වන බව මීට පෙරද මාධ්‍ය විසින් අනාවරණය කර තිබුණි.නීතිය අකුරටම ක්‍රියාත්මක කළ ස්ථානාධිපති

​මෙම මහා පරිමාණ යටගැසීම වැළැක්වීමට වහාම අවධානය යොමුකළ පමුණුගම ස්ථානාධිපති විජේනන්ද මහතා, වහාම අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස අපයෝජනයට ලක්වූ දරුවාව කොළඹ පංච පුද්ගල වෛද්‍ය කමිටුවක් වෙත යොමු කිරීමට ඔහු කටයුතු කළේය.

​කෙසේ වෙතත්, මෙම ඍජු තීරණයත් සමඟ ස්ථානාධිපතිවරයාට මුහුණ දීමට සිදුව ඇත්තේ පුදුම සහගත සිදුවීම් මාලාවකටය.

​ළමාරක්ෂණ අධිකාරියේ සැකකටයුතු හැසිරීම

​මීට පෙර අටමස්ථාන හිමිගේ අපචාර සිද්ධිය පිළිබඳව දැඩිව හඬ නැඟූ, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීති අධ්‍යක්ෂක සංජීවනී අබේකෝන් මහත්මිය විසින් පමුණුගම ස්ථානාධිපතිවරයා අමතා දුරකථනයෙන් දැඩි ලෙස බැන වැදී දෝෂදර්ශනයට ලක් කර ඇති බව වාර්තා වේ. එම තර්ජන හමුවේ නොසැලී ස්ථානාධිපතිවරයා තම රාජකාරිය ඉටු කිරීමත් සමඟ කුපිත වූ ළමාරක්ෂණ අධිකාරියේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණාසිංහ මහත්මිය ද මෙම විමර්ශන වහාම නවත්වන ලෙස ලිඛිතව දන්වා ඇත.

​හිටපු මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කළ අයෙකු, මෙවැනි බරපතල ළමා අපචාරයක් යටගැසීමට ආධාර අනුබල දීම අතිශය ලැජ්ජාසහගත කරුණකි. ඇය මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කළ අවධියේ ලබාදුන් තීන්දු තීරණවල විශ්වාසනීයත්වය සහ සාධාරණත්වය පිළිබඳවද මෙයින් බරපතල සැකයක් මතු වේ.

​අභ්‍යන්තර තොරතුරු පවසන පරිදි, නීති අධ්‍යක්ෂක සංජීවනී අබේකෝන් මහත්මිය මෙයට මැදිහත් වී ඇත්තේ දරුවා අපයෝජනය කළ වෛද්‍ය එරන්ද නමැත්තා සමඟ ඇති සමීප මිතුරුකම නිසාය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ මහාචාර්ය අනුරුද්දි සහ ඉන්දිරා යන අයද ඇයගේ සමීපතමයන් බව පැවසේ.අල්ලසට යටවූ වෛද්‍ය වාර්තා සහ කුඩම්මාගේ සැලකිලි

​පමුණුගම ස්ථානාධිපතිවරයා මේ වන විට “කබලෙන් ළිපට” වැටුණු තත්ත්වයකට පත්ව ඇත. ඔහු විසින් සැකකරුවන් සහ වින්දිතයන් රාගම අධිකරණ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන අලගියවන්න වෙත යොමුකළ විට, පොලිසියට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. වාර්තා වන පරිදි, අධිකරණ වෛද්‍ය අලගියවන්න රුපියල් ලක්ෂ දෙකක වැනි මුදලකට මෙම වෛද්‍යවරයාගේ ළමා අපචාරය යටගැසීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ අතර, පමුණුගම ස්ථානාධිපතිවරයා ඊට ඉඩ නොතබා නීතිමය පියවර ගැනීම මෙම වෛද්‍යවරයාගේ වෛරයට හේතු වී ඇත.

​පන්දහසක් ගොඩගැසුණු පැමිණිලිවල රහස

​පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය වූයේ මෙරට ළමා හිංසන සහ අපචාර පැමිණිලි 5,000කට අධික ප්‍රමාණයක් විමර්ශනයකින් තොරව ගොඩගැසී ඇති බවයි. එයට හේතුව දැන් පැහැදිලිය. දූෂිතයන් රකිමින්, තම තනතුරු අවභාවිත කරමින්, වරප්‍රසාද ලබාගෙන වැජඹෙන මෙවැනි අන්ත දූෂිත ඉහළ නිලධාරීන් සහ නිලධාරිනියන් හේතුවෙන් අසරණ දරුවන්ගේ පැමිණිලි දිනෙන් දින යටපත් වෙමින් පවතී.තවද මෙම සොයා යාම් හමුවේ අනාවරණය වූ වැදගත්ම කරුණ නම් මෙම චෝදනාවට ලක්වන ආචාර්ය මහාචාර්ය නීති අධ්‍යක්ෂක ලංකාව තුළ සමලිංගිකත්වය ස්ථාපිත කිරීමේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන  කාන්තාවන් තිදෙනෙකු බවයි.

​උගත්, දැනුවත්, නමුදු අන්ත දූෂිත බලධාරීන්ට අප අවධාරණය කරන්නේ, මෙම අසරණ දරුවාට සාධාරණය ඉටුවන තෙක් මාධ්‍ය ලෙස අපගේ අවධානය මෙයින් ඉවතට නොගන්නා බවයි. එමෙන්ම, ළමා අපචාර පිළිබඳව සහ රාජකාරිය අකුරටම කරන පහළ නිලධාරීන් මුහුණ දෙන මෙම ඛේදනීය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ වගකිය යුතු උසස් නිලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතු බවද අප මතක් කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *