වී මිග ගැන කටමැත දොඩවන ඇමති බාන් දෙකට කට වසා ගොවි පුතා මැදිහත් වෙන්න

මේ වනවිට රටේ ගොවි ජනපද ආශ්‍රිතව ගොවින් විරෝධතා දක්වන බව පෙනේ මේ විරෝධතා අතර සැබෑ ගොවීන් සිටින නමුත් ඒවා මෙහෙය වන්නේ සජබ හා පොහොට්ටුවේ දේශපාලන හස්තයන් විසිනි.ඊයේ පෙරේදා දවසක zoom  තාක්ෂණය ඔස්සේ ගොවි ජනපද වල සජබ සංවිධායකයන් ඇමතූ විපක්ෂ නායකයකවරයා ගොවි සටන් වඩා තීව්‍ර කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.

කෙසේ වුවද ආණ්ඩුව මේ ප්‍රශ්නය ඉල්ලන් කෑ එකකි.අනෙක් අතට ලාල් කාන්ත ,නාමල් කරුණාරත්න ,ටී.බී සරත් ,වසන්ත සමරසිංහ යන සිව් පූට්ටුවේ කයිවාරු නිසා වැඩේ “වන “කරගත් එකකි.

පසුගිය මහ කන්නයේ වී අස්වනු නෙලීම අවසන්‍ වූයේ අප්‍රේල් මැද භාගයේ දීය .අවුරුදු ඉවර වූ සැනින් යල් කන්නයට ජලය මුදා හැරියේ ය.විශේෂයෙන් පොලොන්නරුව වැනි දිස්ත්‍රික්කවල ගොවින් සැලකිය යුතු පිරිසකට මේ තත්වය මත වී විකිණීමට කාලය තිබුනෙ නැත.සාමාන්‍යයෙන් ජුනි ,ජුලි මාසවලදී වී මිළ ඉහළ යන බැවින් ගොවීන් එම වකවානුවේදී  වී විකිණීමට අපේක්ෂා කලහ.මැයි මාසයේ දි වී කිලෝවක් රුපියල් 115.00 කට පමණ පුද්ගලික වී මෝල් හිමියන් මිලට ගත් නමුත් ඇතැම් ගොවීන් ඊට වඩා වැඩි මිලක් අපේක්ෂාවෙන් වී වික්කේ නැත.මේ තත්වය මත කවදත් අවස්තාවාදී වන මහමෝල් හිමියන් ක්ෂනිකව වී මිළ පහල දැම්මේ  කුණු කොල්ලයට වී ටික ගන්නා අපේක්ෂාවෙනි.

 යන එන මං නැතිවු ඇතැම් ගොවීන් අරගලයකට බැස්සේ ඒ නිසාය .මේ වන විට වී අලෙවි මණ්ඩලයේ වී ගැනීමද නතර වී තිබීම වැඩේ උග්‍ර වීමට තවත් බල පෑවේය .

මේ ආණ්ඩුවේ ගොන් කතා කියන ලාල් කාන්ත, නාමල් කරුණාරත්න, ටී බී සරත් ,වසන්ත සමරසිංහ

යන ඇමති බාන් දෙක කටමැත දොඩවා යාන්තම් ඇවිලෙමින් තිබු ගොවි සටන් වලට පෙට්‍රල් වත් කරමින් සිටී.ඒ මදිවට හාල් ටොන් 152000 ක් ගෙන්වා වැඩේ “අල කර” ගත්තේය .මින් කරල පැහී ඇත්තේ යන එන මං නැතිව සිටි විපක්ෂ කණ්ඩායම් වලටය .

අනෙක් පසින් ගොවි අරගල වල ඇතැම් සටන් පාඨ ප්‍රායෝගික නැත.රුපියල් 150 ට වී අරගෙන හාල් විකුණන්නේ කීයටද කියා ඔවුන් කියන්නේ නැත.ඔවුන් දැන් ආණ්ඩුවට බැන වැදුනද වි අලෙවි මණ්ඩලයට වී දෙන්නේ නැතැයි පුරසාරම් දෙඩුවේ ඔවුන්මය.රුපියල් 115.00 වී විකිණීමට අවස්තාව තිබියදී ඔවුන් එසේ නොකලේ ඊට වඩා වැඩි මිලකට ඒවා විකිණීමේ අපේක්ෂාවෙනි.

දැන් යල් කන්නය හා අතරමැදි කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබේ.එබැවින් පුද්ගලික වී මෝල් හිමියන් කොහොමත් වී ගන්නේ කුණු කොල්ලයටය.නැවත වී මිළ ඉහළ යා හැක්කේ නොවැම්බර් ,දෙසැම්බර් මාසවලදීය. එයද වසන්ත සමරසිංහලා හාල් නොගෙනාවොත්‍ ය.

වඩා හොඳම දේ හිටපු ගොවි සටන් නායකයෙකු වු ජනාධිපතිවරයා ගොවි සටන් කරුවන් සමඟ සාකච්ඡා කිරීමය .එතෙක් අර කටමැත දොඩවන ඇමති බාන් දෙකට කට වසාගෙන සිටින ලෙසට උපදෙස් ලබා දීමය.දැන් වෙන කල හැක්කක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *