ගල උඩ පැහරු කල බලලාට සිදු වන වින්නැහිය බදු අවුලකට මුහුණ දී සිටින මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉන් මුදා ගැනීමට, පලමුව රාජ්‍ය සේවා කොමිසම ද දෙවැනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද “කැලෑ SLAS” වැඩක් කැත නැතිව කර තිබෙනවා.
ඒ දිට්වා සුලි කුණාටුවෙන් වැඩිම හානිය සිදුවූ “උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා සහන සේවා කටයුතු 100% කින් සැපිරෑ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිවයි.
පසුගිය 06 වෙනි දින පස්වරුවේ රාජ්‍ය සේවා කොමිසම පරිපාලන අමාත්‍යාංශයට නියෝග කරන්නේ, එම ලේකම්වරිය මධ්‍යම පළාතේ වෙනත් තනතුරකට පත් කරන ලෙසයි. කොමිසම එයට හේතු දක්වන්නේද නැත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇයට දීමට තනතුරක් නැති බව සදහන් කරමින් එම නිලධාරිනිය රාජ්‍ය පරිපාලන සංචිත වෙත මාරු කර ඇත.
මෙය සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම්වරිය අපරාධ වරදක් සම්බන්ධයෙන් රටේ ඉහළම අංශ වලින් පරීක්ෂණයක් ඉල්ලා තිබෙන පසුබිමකයි. එම වරද වනුයේ පසුගිය 23 වනදා දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්තගේ නියෝග මත පැමිණි අනන්‍යතාව තහවුරු නොකළ පිරිසක් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර 3 කට අසම්මත ක්‍රමයකට මුද්‍රා තබා ඒවායේ යතුරු පැහැර ගෙන යැමයි.
අනතුරුව දින 2 ක්ම පැමිණි, පොලිසිය හා ඉහළ නිලධාරීන් යතුරු භාර ගන්නා ලෙස ඉල්ලා සිටියද ලේකම්වරිය විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ කැලැ “SLAS ක්‍රමය” බැහැර කරමිනි.
ලේකම් වරිය ඉවත් කිරිමේ අරමුණ අදාළ අපරාධ වරද සම්බන්ධයෙන් ඇය ඉල්ලා සිටින පරීක්ෂණය යට ගැසීම පමණක්ම නොවන බව පෙනී යයි.
මන්ද ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අල්ලස් කොමිසම හමුවේ කර ඇති පැමිණිලි අනුව සිදු කෙරී ගෙන විමර්ශන වලින් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තනතුරේ මීට පෙර කටයුතු කල කිහිප දෙනෙකුගේ හා තවත් ඉහළ තනතුරු දරන්නන්ගේ ඉරණම තීරණය වීමට ඉඩ ඇති නිසාවෙනි.
ලේකම් වරියගේ පැමිණිලි අනුව විමර්ශන සිදු කෙරෙන්නේ රජයේ ඉඩම් කොල්ලකෑම් හා විමධ්‍යගත අරමුදල් ගම්පොළ කුප්‍රකට දේශපාලන පවුලක සුගතිය උදෙසා අනීතික හා අශිෂ්ට ලෙස යොදවා තිබීම සම්බන්ධයෙනි.
“කැලෑ SLAS” ක්‍රමය බැහැර කිරිමේ ආනිසංස අත්විඳිමින් සිටින මෙම නිළධාරීවරියට පෙර උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තනතුර හෙබවූ දෙදෙනෙකුම දැන් කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම් තනතුරු වලයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය whtasapp සමූහය වෙත ඉකුත් දා පණිවිඩයක් යොමු කරමින් ඉන්දික උඩවත්ත විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල උප කාර්යාල බව අවධාරණය කර තිබෙනවා.
2026-07-10

