මධ්‍යම පළාත් සභාවේ ජනතා බදු මුදලින් දේශපාලනඥයන්ට ,ආණ්ඩුකාර වරයාට සහ අමාත්‍යාංශ ලේකම් වරුන්ට මිළදී ගත් එකක් රුපියල් කෝටි දෙකක් වන සුපිරි වාහන වෙන්දේසිය පලාත් සභාවේ කූඨ ලේකම් වරයෙකු විසින් හිතා මතා යට ගසන බවත්,ඔහු විශ්‍රාම යන විට මෙම එක් සුපිරි වාහනයක් තුටටු දෙකට මිළදී ගන්නට උත්සාහ දරණ බවත්,පලාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ප්‍රධාන ලේකම් ධූරයට පැන ගත් මෙම ලේකම්වරයා දැනට මාළිමාවේ සුවච කිකරු ගෝලයෙකි.මෙම වටිනා වාහන වෙන්දේසියෙන් මිළදී ගන්නට ඉල්ලුම් කල මාතලේ පලාතේ දේශපාලඥයෙක් ,මහනුවර වාහන සේල් කරුවෙක් සහ පලාත්ස භාවේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරිනියක්ද සිටින බවත් ,පලාත් සභාවේ දූෂිත නිලධාරින් කීප දෙනෙක්ද සිටින බවත් මධ්‍යම පලාත් සභාවේ ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මධ්‍යම පලාත් සභාව තුල සිදුවන දූෂණ වංචා අයථා ගෙවීම් ,ඇතැම් ලේකම්වරු ලේකම්වරියන් ,රජයේ නිල වාහන අයථ ලෙස භාවිතා කිරිම,වැනි කාර්යයන් විගණනය කිරීමට පත්ව සිටින ඇතැම් විගණන නිලධාරීන්ද දූෂිතයන් සමග සබඳතා පවත්වන බව දැනගන්නට තිබේ.
පළාතේ ජනතා බදු මුදල් වලින් අයථා ලෙස ගමන් වියදම් ලබා ගැනීම,වාහන අයථා ලෙස භාවිතා කර පුද්ගලික කටයුතු වලට යොදා ගැනිීම ගැන සොයා බලන්නට දේශපාලනයෙන් තනතුරු ගත් ආණ්ඩුකාරවරයා කිසිදු පියවරක් නොගන්නා බව පලාත් සභාවේ රාජ්‍ය සේවකයන් පවසයි.
රුපියල් කෝටි 10 ක පමණ සන්නිවේදන උපකරණ පලාත් සභාවට මිළදී ගෙන තිබෙන අතර එම ඊනීයා මාධ්‍ය ඒකකයේ ඇතැම් සේවකයන් මහජන බදු මුදල් නාස්ති කරමින් මහජනතාවට කිසිදු සේවයක් නොකර මාසිකව ලක්ෂයකට ආසන්න වැටුප් දීමනා ලබති.මධ්‍යම පලාත් සභාවේ පරිපාලනයේ පවතින දූෂණ අක්‍රමිකතා ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමු කර යහපත් පාලනයක් සදහා මධ්‍යම පළාත් සභාව යොමු කළ යුතු බව ජනතාව පවසති.

