ත්‍රිකුණාමලය, පුල්මුඩේ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි 2 තනතුරු ධාරි නිලධාරියා වන C. A. B. ජයසුන්දර අතිශය දූෂිතයෙකි. නීතිය නැවීම්, අතයට ගනුදෙනු කොතෙක් ද යත් ඔහු තරම් කප් ගැසුවෙක් ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසය තුළ දක්නට නැත.
විදෙස් රැකියා දෙන බව පවසා මහා පරිමාණයේ මුදල් වංචා කර සැඟව සිටියදී අත් අඩංගුවට පත් කුච්චවේලියේ ආදිල් අතීෆ් අත් අඩංගුවට නොගෙන රැකවරණය දුන්නේ සහකාර පොලිස් අධිකාරි ජයසුන්දර ය. අතීෆ් ගේ හා ජයසුන්දර ගේ සමීප සබඳතා අතීෆ් ගේ දුරකථන ඇමතුම් සටහන් වල මනාව සඳහන් වී තිබුණි.
එමෙන්ම පසුගියදා කුඹුරුපිටියේ නීති විරෝධි වැලි කැපු ජාවාරම් කරුවකු STF අත් අඩංගුවට පත්වු විට ඔහුගේ ට්‍රැක්ටරය කඩිනමින් මුදා හැරිමට බලපෑම් කලේද සහකාර පොලිස් අධිකාරි ජයසුන්දරය.

ජයසුන්දර ගේ පැටිකිරිය එසේය. එය ජයසුන්දර ගේ නම තරම් සුන්දර නැත. නීතියෙන් තහනම් කර ඇති වින්ච් යන්ත්‍ර යොදා කල්ලරාව ධීවර ගමේ මා දැල් අදින මුදලාලිලා සමග ද කුඹුරුපිටියේ වැලි ජාවාරමුන් හා පුල්මුඩේ ඩයිනමයිට් කරුවන් සමග ද සමීපව ගනුදෙනු කරන ජයසුන්දර නාමල් රාජපක්ෂ ජනපති කරවීමේ සටනට පණ පොවමින් ඡන්ද එකතු කිරීමේ වැඩේ සෙමෙන් අරඹා ඇත්තේය.
තම පොලිස් අධිකාරි බලය භාවිත කරමින් පුල්මුඩේ, කල්ලරාව ධීවර ගමේ ජනයා රැස්කොට රැස්වීම් පවත්වමින් මාලිමාවේ ආණ්ඩුව විවේචනය කරමින් පොහොට්ටුව පුබුදුවීමට වැඩට බැස ඇති ජයසුන්දර කල්ලරාවේ ධීවරයන්ට කියා තිබුණේ තව වසර දෙකකින් මාලිමාවේ උන් ගෙදර බවය. නාමල් සමග එක්වන ලෙසය. තමන් ඉදිරි මැතිවරණ සඳහා ත්‍රිකුණාමලය ආසනයෙන් තරග කරන බවය. එවිට කුච්චවේලියේ කල්ලරාවේ පුල්මුඩේ මිනිසුන් අමතක නොකරන බවය. තමන් සමග සමීපව සිටින ලෙසය. ඉදිරි මැතිවරණය ඉලක්ක කර කුච්චවේලියේ අණසක පතුරුවන සහකාර පොලිස් අධිකාරි ASP ජයසුන්දර කුඩා කණ්ඩායම් රැස්වීම් තියන්නේ ද ජාවාරම් කරුවන් ට සහය දෙන්නේ ද තමා වටා බලයක් ගොඩනගා ගැනීමට බව ආණ්ඩුවේ ඇත්තෝ ද තේරුම් ගත යුතුය.

