රටක ඉතාමත් හොඳ පාරිදෘශ්‍ය භාවයක් ඇති ආයතන වලින් එකක් විය යුත්තේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවයි. නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අවාසනාවට වත්මන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානයේ දෙවෙනි ශාඛාව බවට පත්වී ඇත.
නීතීඥයකු ලෙස මා එසේ කියන්නේ ඇයි? වත්මන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පත්වීම සිදුවූයේ සම්මත නීතියට පටහැනිව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ මූලික අවශ්‍යතා මතය. එම නිළය සදහා පැවති සම්මුඛ පරීක්ෂණ යේදී වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින නියෝජ්‍ය සොලිසිටර්ස් ජෙනරාල් මාධව තෙන්නකෝන් ය. නමුත් ජවිපෙ නීති කමිටුවේ සාමාජිකයකුව සිටි මීගමුව මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තනතුර සදහා තෝරා ගත්තේය .
එසේ සිදුකරේද පාර්ලිමේන්තුව නොමග යවමිනි. ව්‍යවස්ථා දායක සභාවේ දී මාධව තෙන්නකෝන් වෙත සාමාජිකයන් 5 ක් සහ රංග දිසානායක වෙනුවෙන් 4 ක් ලෙසට ජන්දය ප්‍රකාශකර තිබුණි. නමුත් වත්මන් කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මරදානේ චොප්පේගේ භූමිකාව රඟදක්වන සභානායක බිමල් රත්නායක දෙදෙනාගේ අත යට ගේමක් නිසා සුදුස්සාට සුදුසු තැන ලැබුනේ නැත. මේ කරුණ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් 2025 ඔක්තෝබර් මස 07 වෙනි දින පාර්ලිමේන්තුව වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකොට ඇත. එයට රජයට අනුබද්ධ දිනමිණ පුවත් හරහා ප්‍රසිද්ධියක් ලබා දී ඇත.
රංග දිසානායක 100% සවර්ව සාධාරණ කෙනෙකු ලෙස පෙනී සිටිමින් වැඩ පටං ගත්තද ටික දිනක් යනවිට නිල් බාල්දියට වැටුණු නරියා ගේ කතාව නැවත සිහි ගන්වමින් ජවිපෙ කන්ඩායම සමග හූ කියන්නට පටන් ගත්තේය. ආණ්ඩුවට එරෙහිව ඇති කිසිදු පැමිණිල්ලක් සේම ආණ්ඩුව විසින් ආරක්ෂා කරමින් සිටින කිසිවෙකුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් වත්මන් අල්ලස් කොමිෂන් සභාවෙන් සිඳුවන්නේ නැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක හිතාගෙන ඉන්නේ පැලවත්ත මූලස්ථානයේ ඉන්නා පූර්ණ කාලීන අපුල්ලන ඩෝබිං වගේ රටේම ඉන්නේ හාවෝ කියාය. එසේ නැති බව අනුර කුමාර දිසානායකට ගෞරවයෙන් සිහිකර දෙමි.
ජූනි 25 දින පුද්ගලයන් තිදෙනෙක් අල්ලස් කොමිෂන් සභාව මගින් අත් අඩංගුවට ගත්තේය. ඒ හොරණ සමගි ජනබලවෙිගයේ සංවිධායක චරිත් අබේසිංහ ජනාධිපති නීතීඥ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ සහ ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ අරුණ ශ්‍රී වරුෂහැන්දිගේ යන අයවලුන් ය. හේතුව වූයේ දැනට රැදවුම් බාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා යන අයගෙන් ඔහුගේ රැදවුම් නියෝග ඉවත්කර ගාල්ල බූස්ස බන්ධනාගාර ගත කරන බව පවසා රුපියල් කෝටි 30 ඉල්ලා ඉන් කෝටි 12 ක් ලබාගත් බවට ලද නිර්නාමික පෙත්සමක් විමර්ශනය කිරීමෙන් පසු බවයි. එවැනි වරදක් ඔවුන් කර ඇත්නම් අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනීමෙන් නොනැවතී නීත්‍යානුකූලව උපරිම දඩුවමකට යටත් කල යුතුය. ඒත් එම සද්භාවය අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට තුබුණාද යන්න පැහැදිලි ප්‍රශ්නයකි.
රටේ භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 2.5 කට ආසන්න මුදලක් ගෙවිය යුතු පාර්ශ්වයෙන් පරිභාහිර පාර්ශ්වයකට ගෙවා උත්තර දීගන්න බැරුව ගමේ භාෂාවෙන් කියනවා නම් රෙද්දේ රෙවිලා සිටි ජනාධිපති වරයා පසුගිය 25 වෙනි දින පාර්ලිමේන්තුවට පැමිණ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි පිලිබඳව කතාවක් කිරීමට සිටි අතර එම කතාවට උත්තේජනයක් ලෙසට මෙම අත්ඩංගුවට ගැනීම සිදුකල බව ඉතාමත් හොඳින් පැහැදිලිය. මෙම අත්ඩංගුවට ගැනීමට පාදක කර ගත්තේ නිර්නාමික පෙත්සමකි. නමුත් මෙම පෙත්සමේ අඩංගු කරුණු වලටවඩා තමගේගේ කටහඩින්ම නදුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රසිද්ධියේ මාධ්‍යට කියා සිටියේ තමාව රිමාන්ඩ් කිරීම සදහා හිටපු ඇමති ටිරාං අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් කෝටි 30 ඉල්ලා සිටි බවයි. නිර්නාමික පෙත්සමකට ලබාදුන් අයිතිය ඍජුවම කරුණු ප්‍රකාශ කල අයෙකුට රංග දිසානායක ලබා නොදුන්නේ ඇයි?
වත්මන් ආණ්ඩුව ටිරාං අලස්ට මේ තරම් බය ඇයි? සත්‍යලෙසම පෙරටුගාමීන් කියූ ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක ටිරාං අලස් සමග 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා වෙත ව්‍යාපාරිකයක් ලබාදුන් ආධාර වලින් යටිමඩි ගැසූ මුදල් වෙනත් රටක ආයෝජන කර තිබෙන නිසාද? එසේම ජනාධිපතිවරයාටත් නැති විශේෂ කාර්‍ය බලකායේ නිළධාරින් කන්ඩායමක් යොදවා ටිරාං අලස්ට ආරක්ෂාව ලබා දෙන්නේ ඇයිද යන්න අපට වඩා ආණ්ඩුවේම මන්ත්‍රී වරුන්ට ප්‍රශ්නය කි.
රංග දිසානායක විසින් හරක්කටා ගෙන් මුදල් ලබා ගැනීම වෙනුවෙන් මුලින්ම අත්ඩංගුවට ගැනීමට තිබුණේ ඊයේ අත්ඩංගුවට ගත් තිදෙනා නොවේ.
එසේ අත්ඩංගුවට ගත යුතුව තිබුණේ ටිරාං අලස් , හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , සීඅයිඩී හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ වත්මන් පොලිස්පති කාර්‍ය් මන්ඩල සාමාජික ජේෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් යන සිවු දෙනාවය. ඔවුන් සිවු දෙනාම නදුන් චින්තක නොහොත් හරක් කටා ගෙන් කෝටි ගනනින් මුදල් ලබා ගත් අයයි.
වෙනදාට හරබර දේශන පවත්වන ජනාධිපති වරයාගෙන් 25 දින ඇසුනේ අඳෝනාව කි. ඔහුගේ කතාවේ වැඩිපුරම කාළය මිඩංගු කලේ ඇමති ආනන්ද විජේපාල , ලේකම් රවී සෙනවිරත්න සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයගේ කක්කා රෙදි හේදීමටය.
වත්මන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතයක් නොව ජවිපෙ මූලස්ථානයේ පදයට නටන තවත් එක් රූකඩ මද්ධ්‍යස්ථාන යකි. අනාගතයේ දිනක වත්මන් අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ට සිර දඩුවම් විඳීමට සිදුවුව හොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.
(නීතීඥ ධනුෂ්ක සේනානායක විසින් අපගේ විද්‍යත් තෑපෑලට යොමු කළ ලිපියකි.)

