මහා බ්‍රිතාන්‍ය 9වන බෞද්ධ දින සැමරුම පාර්ලිමේන්තුවේදී සැමරේයි

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී 9වන බෞද්ධ දින සැමරුම අර්තවත්ව පසුගියදා පැවැත්වුණා. ඒ ලෝක සාමය තේමා කර ගනිමින් මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ සංවිධානයෙනුයි.
2018 වසරේ සිට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බෞද්ධ දින සැමරුම පක්ෂ හෝ ආගම් මෙන්ම ජාති බේදයකින් තොරව පැවැත්වුණා. මෙවර එය පැවැත්වුනේ ලෝක සාමය තේමා කරගනිමිනුයි. එහි ප්‍රධානත්වය කන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් මහතා දරණු ලැබුවා.

ඊට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නදුනි ගෝවින්නගෙ මහත්මිය හා විවිධ ජාතීන් නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා මෙන්ම බෞද්ධ හා බෞද්ධ නොවන ආරාධිතයන් ජාති බේදයකින් තොරව එක්ව සිටියේය. මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී 9 වන වරටත් බෞද්ධ දින සැමරුම සංවිධානය කර තිබුනේ කන්සවේටිව් පක්ෂයේ ලන්ඩන් කාන්තා සංවිධානයේ සභාපතිනී අජන්තා තෙන්නකෝන් මහත්මියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *