මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ කාර්යාල කාර්ය සහායකවරයෙකු දවසේ පැය 24 පුරා මහනුවර නගරයේ වඩුගොඩපිටිය අවට මත්පැන්හල් වල ගැවසි මත් පැන් පානය කර රාජකාරි කටයුතු කරන අතර මොහුට එරෙහිව කිසිදු පියවරක් ගන්නට,එම විදුහලේ විදුහල්පති ඇතුලු කාර්ය මණ්ඩලය කටයුතු නොකරන බව විදුහලේ දරුවන්ගේ මව්පියන් පවසයි.මහනුවර අධ්‍යාපන බලධාරින් මෙම රාජ්‍ය සේවකයා පිළිබඳව සොයා නොබලන්නේ ඔවුනට විවිධ වාසි ලැබෙන නිසා බව බොහෝ දෙනා පවසති.
මෙම රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවන්නේ ජනතවගේ මුදලිනි,මොහු බීමත්ව විදුහලේ රාජකාරී කරන්නේ කෙසේදැයි බොහෝ දෙනා ප්‍රශ්ණ කරති.විදුහලේ යකඩ සොරාගෙන පැමිණ වඩුගොඩපිටිය යකඩ මිළදී ගන්නා කඩවලට විකුණා මුදල් ලබාගෙන මත්පැන් පානය කරන බව එම විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් පවසයි.රාජකාරී අවස්ථාවේදීද මත්පැන් පානය කර විදුහලේ ගැවසෙන මෙම සේවකයා එම විදුහලටත් විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ටත් අගෞරවකරද්දී බණ කියන කයිවාරු ගහන විදුහල්පති නිහඬව ඉන්නේ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්ණ කරති.
2026-06-21

