1978 ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාව හදුන්වා දීමෙන් පසුව අනුන්ගෙන් සම්මාදම් නොකර පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයට තුනේන දෙකක (2/3) බලයක් ලැබෙන්නේ 2024 නොවැම්බර් 14 පැවති මහ මැතිවරණයේ දීය.
වෙනදා පාර්ලිමේන්තුවට තේරීපත්වන ඇච්චෝ බැච්චෝ වෙනුවට මෙවර තේරුණේ බහුතරයක් පාපිසිය. එසේම වෙන කිසිම දවසක නොමැති තරම් කාන්තා නියෝජනයක් ආචාර්ය මහාචාර්ය වරුන් සහ නීතිවේදීන්ද විය. එසේම පූර්ණකාළීනව ජවිපෙ සිටි කටිං වැඩ දැමූ උසස් අධ්‍යයාපනයක් නැති අයද නමට උපාධි සහතික ඇති අම්බරුවන් ද ඒ අතර විය.
කවුරු මොනවා කීවත් ජවිපෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජේෂ්ඨතම පුද්ගලයා නිහාල් ගලප්පත්ති ය. ඔහු 1994 දී තනි මන්ත්‍රී ධූරයෙන් 87/89 විනාශයෙන් පසුව දියවන්නාව තරණය කල පලමු පුද්ගලයාය. ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමක් වත්මන් ජවිපෙ නැත. එය පිළිඹිබු කරමින් වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට නිහාල් ගලප්පත්ති නොතේරිණි. ඒ සමග කරළියට ආවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයේ ජේෂ්ඨතමයා වන සහ අත් දැකීම් බහුල නිහාල් ගලප්පත්ති කථානායක ධූරයට නම් කරාවි යන්නයි. ඒත් එසේ නොවීය. නිහාල් ගලප්පත්ති යනු අනුර වාදියෙකු නොව විජේවීර වාදියෙකු වීම ඊට හේතුවයි. වත්මන් ආණ්ඩුවේ කථානායක ලෙසට පත්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය අශෝක රන්වල ය.
පාර්ලිමේන්තුව රැස්වී මාසයක් යන්නට පෙර පළමු කතානායක පුටුවට එරෙහි පලමු බෝම්බය පත්තු විය. ආචාර්ය අශෝක රන්වලට ඇතැයි කියන ආචාර්ය උපාධිය බොරු එකක් බවත් හැකිනම් ආචාර්ය උපාධිය සභාගත කරන ලෙසටත් අභියෝගයක් එල්ල විය. පාර්ලිමේන්තුවේ මරදානේ චොප්පේගේ චරිතයට පණ පොවන සභානායක බිමල් රත්නායක දන්න සෙල්ලම් සියල්ල දැමුවේ පූර්ණකාළීන ජෙප්පෙක් වූ අශෝක රන්වල ව බේරා ගැනීමටය. අවසන් ප්‍රතිපලය වූයේ මසක් තුල අදාල ආචාර්ය උපාධි සහතිකය සභා ගතකරන බවට ප්‍රකාශයක් කරමින් ආචාර්ය අශෝක රන්වලට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමටය. අදටත් අදාල ආචාර්ය උපාධි සහතිකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.
කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම අශෝක රන්වලට පලමු පංතියේ ආචාර්ය උපාධියක් ඇත. ඒ ඔහුගේ නමට නොව බෞද්ධ භික්ෂුවකගේ නමටය.
ඉන් පසුව කතානායක පුටුව හිමිවන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව ට පැමිණි වෛද්‍ය ජගත් වික්‍රමරත්නටය. එතෙක් මෙතෙක් පාර්ලිමේන්තු කතානායක පුටුවේ වාඩිවූ කුජීතම කතානායක වරයා ඔහුය. සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තු සම්ප්රදායයන් අමු අමුවේ උල්ලංඝණය කරද්දී ජාඩියට මූඩිය සේ කතානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුව විගඩම් මඩුවක් බවට පත් කරමින් සිටියි. මෙම කථානායක වරයා තමන්ට ඕනෑ ලෙසට කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ වීරයා විය. එය වැඩිකල් පැවතුනේ නැත. වත්මන් කථානායක වරයාගේ පුද්ගලික ජීවිතයේ යම් යම් වැරදි පුරුදු එයට බලපෑවාය. ඔහු තමාගේ සමලිංගික සහකරු සමග ප්‍රසිද්ධියේ පෙම් කෙළියාය. කථානායක වරයා තම වල්ලඹයා වූ තමාගේ පුද්ගලික ලේකම් සමග කථානායක කාර්යාලය තුලදි ආලිංගනයේ යෙදෙමින් සිටි මොහොතක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්න ගේ අතටම හසුවිය. එයින් කිපුන තමා හිට්ලර් යැයි සිතා සිටින කථානායක වරයා නියෝජ්‍ය මහලේකම් වරයාගේ සේවය අත් හිටවන ලදි. වැඩේ පත්තු විය.
නියෝජ්‍ය මහලේකම් වරයා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ල ක් ඉදිරිපත් කළේය. දැන් කථානායක වරයා සිටින්නේ අල්ලස් කොමිෂන් සභාවේ අත්ඩංගුවට පත්වීමට ඔන්න මෙන්න කියාය. එය කෙසේ හෝ නවන ලෙසට ආණ්ඩුව ඉල්ලා සිටියද අල්ලස් කොමිසමේ අධ්යක්ෂ රංග දිසානායක කියා ඇත්තේ අනුන්ගේ පව් වලට අනාගතයේ දී තමන්ට ජම්පරය ඇඳීමට නොහැකි බවයි. ඒ සමගම විපක්ෂය කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව මහලේකම් වෙත භාරදුන්නද ජනාධිපතිවරයා ගෙන් ලද උපදෙස් පරිදි එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර නැත. එයද ඉතාමත් වැරදි පූර්වාදර්ශයකි. දැන් කතිකාව වී ඇත්තේ කථාානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ධූරයෙන් අස්වීට කියා වෙනත් කතථානායක වරයෙකු පත්කර ගැනීමය.
දැන් කථානායක පුටුවේ වාඩිවීමට සංගීත පුටු තරඟයක මෙන් 4 දෙනෙකු එය වටේ දුවමින් සිටීයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ තේරීම පාර්ලිමේන්තුවේ දී පමණක් නොව රූපවාහිනී විවාද වලට ගොස් ජනාධිපතිවරයා වෙනුවෙන් ඇති තරම් පීචං වී සිටින නීතීඥ ලක්මාලී හේමචන්ද්‍ර ය. සභානායක බිමල් රත්නායක ගේ තේරීම ජවිපෙ පූර්ණකාළීනයකු ගේ බිරිඳවන වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්යා කාරක සභාපතිණිය වන හේමමාලී වීරසේකරය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ යෝජනාව වී ඇත්තේ ආණ්ඩුවට 22 වෙනි සංශෝධනය සදා දුන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාව කථානායක කර පාර්ලිමේන්තුව දැන් පත්ව ඇති තත්වයෙන් මුදවාගෙන අපක්ෂපාතී පාර්ලිමේන්තුවක් ඇති කරන ලෙසය.
විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ආණ්ඩු පක්ෂෙට සම්බන්ද මුස්ලිම් මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීම වී ඇත්තේ වත්මන් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි මහතාව කථානායක ධූරයට පත් කරන ලෙසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඉතිහාසයේ පලමු
වතාවට කැබිනට් මණ්ඩලයට මෙවර මුස්ලිම් නියෝජනයක් නොමැති වීමය.
කවුරු මොනවා කීවත් අවසානයේ ජයග්‍රහණය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආශීර්වාදය ලබන කෙනාය. කවුරු කථානායක පුටුවේ වාඩි වුනත් අපිට කම්නැත. සිදුවිය යුත්තේ රටේ සහ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කෙනෙකු එම පුටුවේ වාඩි වීම මිස තවත් ගංකඹරකු හෝ වට්ටි අම්මා කෙනෙකු එම පුටුවට නොතේරීම ජනාධිපතිවරයා ගේ වගකීම වන්නේය.
2026-11-03

