මාලිමා රජයේ මැති ඇමතිවරුන් මෙන්ම මාලිමාවට සම්බන්ධ සාමාජිකයින් වංචාවෙන් තොරව පාලනය සිදු කරන බව රජයේ වගකිවයුතු පුද්ගලයින් දස අතේ දිවුරමින් ප්‍රකාශ කරන බව අප දැක ඇත්තෙමු. ජාතික ගමනාගමන කොමිෂන් සභාව තුළ සිටින මාලිමා ප්‍රධානියා ලෙස පිළිගැනෙන්නේ සභාපති පී.ඒ චන්ද්‍රපාල නමැත්තාය.එය නාමික තනතුරක් ලෙසට පත් කරමින් මේ වන විට ප්‍රවාහන කොමිෂන් සභාව තුළ සිටින මාලිමා ප්‍රධානියා ලෙස පිළිගැනෙන්නේ වැටලීම් අංශ ප්‍රධානී රෝහණ නමැත්තාය.
මෙම රෝහණ නමැත්තා ජනාධිපති අනුර කුමාරගේ බලය අවභාවිතා කරන අයෙකු බවට මේ වන විටත් අනාවරණය වී ඇත. ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ හොඳම කේලම්කරුවා වශයෙන් කටයුතු කරන මොහුගේ දූෂිත ක්‍රියා කරළියට ඒම වැළැක්වීමට මොහු මේ වන විට නොගන්නා උත්සාහයක් නැත. වැටලීම් වලට යන බව පවසමින් වවුනියාවේ හෝටලයකට ගොස් මුදල් ගෙවූ බවට ව්‍යාජ ලිපි සකසා මුදල් ගසා කෑමේ සිදුවීමට නීතිය ක්‍රියාත්මක කිරීමට ගණකාධිකාරීවරයා පසුබට වී ඇත්තේ මොහුගේ මාලිමා බලය හේතුවෙනි.
ගමනාගමන ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විද්වත් සාමාජිකයින් තුන්දෙනෙක් මේවනවිට ඉල්ලා අස්වූයේද මොහුගේ බලපෑම මත ඇමති බිමල්ගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසාවෙනි.මාලිමාවට හිතැති සේවක සංගමයේ මේ වන විටත් දස දෙනෙකු පමණ ඉවත්වීමට තීන්දු අරගෙන ඇත්තේ රෝහණගේ දේශපාලන අවභාවිතය දරා ගැනීමට නොහැකිවය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දේශපාලන පත්වීමක් වන සභාපති පී.ඒ චන්ද්‍රපාල සිටින මුත් රෝහණ මේ වන විටත් සභාපතිටත් ඉහළින් රජවීම විශ්මය දනවන සුළුය. මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂක වන නෙවිල් සමග දූෂිත ක්‍රියා ගනුදෙනු සිදුකළ ආලෝකා සහ ශෙරින් නමැති නිලධාරිනියන් දෙදෙනා සමග රාත්‍රී සාද දමා මොහු ඔවුන්ගෙන්ද මුදල් උපයා ගැනීම විශේෂිත කරුණකි.
චෝදනාවන්ට ලක්වන මෙම නිලධාරිනියන් දෙදෙනාගේ විමර්ශනද යටගසා ඇත්තේ මොහු විසිනි.රෝහණ සහ පොහොට්ටු සාමාජිකයන්ගේ දීගය ඔවුනට සුබදායක වුවද ප්‍රවාහන සේවයට ඒවායින් සිදුවන්නේ අගතියකි. මොහු වැටලීම් අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන නිසා මොහු ලංකාවේ කොහේ ගියත් සියලුම බස් හිමිකරුවන් මොහුට සැප පහසුකම් ලබා දී සැලකිය යුතු මුදලක් අත මිට මෙලවිය යුතුය .එසේ නොමැති නොමැති නම් බස් හිමිකරුවන්ට නඩු රැසක් හිමිකර දීමට රෝහණ
සමතෙකි.
ප්‍රවාහනය පිළිබඳ අල්පෙනෙත්තකවත් දැනුමක් නොමැති සභාපති මීට පෙර සේවය කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ මල අපද්‍රව්‍ය නළ භාර ඉංජිනේරුවා වීම මෙම නාඩගම් සියල්ලටම හේතු වන බව කොමිෂන් සභාව තුළ සිටින ඕනෑම අයෙකුගෙන් දැනගත හැකි අතර විමර්ශන කරන නිලධාරීන්ට මේ පිළිබඳව මතක් කර දීමට කැමැත්තෙමු.
2026-06-22

