මහනුවර ප්‍රධාන  පාසල්වල විදුහල්පතිවරුන් කෝටිපතියන් වන අලුත්ම ජාවාරම

මහනුවර නගරයේ ප්‍රධාන බාළිකා සහ පිරිමි පාසැල් වල සිදුවන පාවහන් ,ටී ෂර්ට් සහ ක්‍රීඩා ඇඳුම් කට්ටල (ට්‍රැක්කිට්)   මිළදී ගැනීමේදී  ඒ ඒ  විදුහල්වල විදුහල්පතිවරු ,විදුහල්පතිනියන්  එක්රැස් කරන රුපියල් කෝටි ගනනක   මුදල් වලට නිසි ප්‍රමිතියෙන් යුතු සපත්තු සහ ඇඳුම්  ,ක්‍රීඩා ඇඳුම්  නොලැබෙන බවට  මව්පියන් චෝදනා කරයි.

මෙම ජාවාරම හරහා කෝටිපතියන් වන විදුහල්පතිවරු ,විදුහල්පතිනියන්ගේ වත්කම් බැරකම් සෙවීම ඇතැම් ආදී ශිෂ්‍ය සංගම්  වල නිලතල හොබවන්නන් විසින් යට ගසා තිබේ.

අද ඇතැම් විදුහල්පතිවරු ධන කුවේරයන්වී සිටින අතර ඇතැමුන්ගේ වාහන මිළ  ලක්ෂ 99 ,කෝටි එකහාමාර ඉක්මවයි.මහනුවර නගරයේ ඉතා ජනප්‍රීය නම් වලින්  පවතින  පිරිමි ගැහැණු පාසැල්වල විදුහල්පතිවරු විදුහල්පතිනියන්  ජීවත් වන්නේ මැති ඇමති වරු සහ ධන කුවේරයන් මෙනි.

අසරණ මව්පියන්ගේ මුදල් එක්රැස් කර විනෝද සංචාර,පිටරට සවාරි සඳහා  යාමට ලමුන් තෝරාගැනීමේදීද ,ඇතැම් විදුහල්පති වරු ,විදුහල් පතිනියන් රුපියල් ලක්ෂ  ගනනින්   අත යට මුදල් එක්රැස් කරති.කිසිදු ආණ්ඩුවකට පාලනයකල නොහැකි මහනුවර විදුහල්පති මාෆියාවට මේ දිනවල එක්වූ අලුත්ම සංස්කෘතිය  දේශපාළන විදුහල්පති සහ ගුරු සංගම්ය.

ඇතැම් විදුහල් වල ලමුන්  4000 දක්වා ඉගෙනුම ලබන අතර ,මෙම විදුහල්වල දරුවන්ට,පාසැල් බෑග් ,පාවහන් ඇතුලු ක්‍රීඩා භාණ්ඩ මිළදී ගන්නා  ආයතන වලින් කොමිස් මුදල්ද  ,එයට අමතරව සිංගප්පූරුව,තායිලන්තය ,චීනය ,වැනි රටවල විදෙස් සංචාරද  ,ඇතැම් විදුහල්පති වරුන්ට,විදුහල්පතිනියන්ට  හිමිවෙයි,මෙම සූක්ෂම ගසා කෑම් සඳහා ඇතැම් පලාත් අධ්‍යාපන බලධාරීන්ගේද ආශීර්වාද ලැබෙන්නේ ඔවුනටද  ජරාව පොදි පිටින් ලැබෙන නිසා බව තතුදත්  ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.සුදු ටයි කොට්දමාගත්  ඇතැම් දූෂිත විදුහල්පති වරු සූක්ෂම ලෙස  දෙමව්පියන්ගේ මුදල් ගසා කන්නේ ඇතැම් පාසැල් සංවර්ධන කමිටු සහ ආදී ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *