පිලිතුරු දීමේ අයිතිය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිනී කාක්කා ගැන

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිනී කාක්කා” යන ශිර්ෂපාඨය සහිතව ජූනි 02 වන දින පළවු ලිපිය සම්බන්ධයෙන් එම පාර්ශවයෙන් අපවෙත ලිපියක් එවා තිබෙි.එහි සදහන් වන්නේ ආදාළ චෝදනාව එල්වලවී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ රියදුරෙකු ලෙස කටයුතු කරන සංජිව නැමැති අයගේ පුතා වන අචිල අශේන් රත්නායක මහතා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එමගින් සිය පවුලේ කිර්තිනාමයට හානියක් සිදුව ඇති බවයි.

එම ලිපියේ සඳහන් කර ඇති කරුණු මාගේ පියා වන සංජීව මහතාගේ ගෞරවයට, ව්‍යාපාරයට සහ පවුලේ සාමාජිකයන්ගේ මානසික තත්ත්වයට දැඩි හානියක් සිදුකරන අසත්‍ය, ඒකපාර්ශ්වික සහ අපහාසාත්මක ප්‍රකාශයන්ගෙන් සමන්විත බව කණගාටුවෙන් දැනුම් දෙමි.
උපුටා ගැනිම-
“මාගේ පියා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය රියදුරෙකු ලෙස වසර ගණනාවක් අවංකව සේවය කළ පුද්ගලයෙකි. ඔහු සතු ව්‍යාපාරය කිසිවෙකුගේ අනුග්‍රහයකින් හෝ අසාධාරණ ක්‍රමයකින් ගොඩනැගූ දෙයක් නොව, දශක ගණනාවක් පුරා දුක් මහන්සියෙන්, කැපවීමෙන් සහ අවංක ශ්‍රමයෙන් ගොඩනැගූ ව්‍යාපාරයකි.’මගේ පියා වසර ගණනාවක් පුරා අසරණ ජනතාවට සහ අවශ්‍යතා ඇති පවුල්වලට උපකාර කළ, සමාජ සේවා කටයුතුවල නිරත වූ පුද්ගලයෙකි. ඔහු ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වූ අයෙකු වන අතර, ඔහුගේ නම සහ චරිතය මෙලෙස සමාජය ඉදිරියේ අපකීර්තියට පත් කිරීමට උත්සාහ කිරීම පිළිගත නොහැකි ක්‍රියාවකි.”
උපුටා ගැනිම අවසන්
කතෘ සටහන
සාක්ෂි සාධක සහිතව පුවත වාර්තාකර ඇත.ආරක්ෂක නිලධාරියාට පහර දුන් පුද්ගලයන් බොරැල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකින් මත්ද්‍රවයට ඇබ්බැහි වූවන් බවට අනාවරණය වී ඇත.මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොහු පිළිබඳව විමර්ශනද ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව සියලු රෝහල් පරිපාලකයින්ගෙන් තොරතුරු විමසීමක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *