පසුගිය මාසයේ රටේම ආන්දෝලනයට ලක්වූ කාරණයක් වූයේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නම් චීවරධාරියාට එකම දිනක් හෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකර ඇප මත මුදා හැරීමයි. ඇප ලබාදීමට හේතු පාදක කර ගත්තේ පොලීසිය විසින් සියළුම පරීක්ෂණ අවසන් බවත් ගොණුව නීතිපතිවරයාට යවා ඇති බවත් පැවසීමය.
තිරේ පිටුපස ඇත්ත කතාව එය නොවේ. පල්ලේගම හේමරතන යනු වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ගේ බාප්පාය. බාප්පා බේර දෙන ලෙස රවී සෙනවිරත්න පුද්ගලිකව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර ඇත.
මාර්තු මස 6 වෙනි දින අත්ඩංගුවට පත්වූ දූෂණයට ලක්ව සිටි දැරියගෙන් ලද ප්‍රකාශ අනුව පල්ලේගම හේමරතන විසින් වයස අවුරුදු 11 ක් වන මොහොතේ දී ඇයව දූෂණය කරතිබූ බව පොලීසිය දැනගෙන තිබුණි. මෙවැනි තොරතුරක් ලද වාහාම ඒ ගැන ළමාරක්ෂක අධිකාරිය දැනුවත් කල යුතුය. පොලීසිය ඒ වෙනුවට කරේ පොලිස්පතිව දැනුවත් කිරීමය. පොලිස්පති ලේකම් රවී සෙනවිරත්නව දැනුවත් කර ඇති අතර රවී සෙනවිරත්න ජනාධිපතිවරයා ලගට ගොස් ඇත්තේ ඉන් පසුවය. විශ්වවිද්‍යාලයේ අද්ධ්‍යාපනය ලබන කාලේ බෞද්ධ සංගමයේ සභාපති ධූරය හෙබවූ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊලගට කලයුත්තේ කුමක්දැන් හොඳින් දන්නා නිසා ඔහු පොලිස්පති වරයාට නියෝග කර ඇත්තේ රහසිගතව මල්වතු නා හිමියන් හමුවී තත්වය පැහැදිලි කර කිසිම කරදරයක් හිරිහැරයක් නොවන ලෙසට පල්ලේගම හේමරතන ව අත්ඩංගුවට ගැනීමට අවසර ලබාගන්නා ලෙසය. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පතෝල පොලිස්පති ජනාධිපති කියූ ලෙසට වැඩේ කර තිබෙි.
පොලීසියේ පාදඩකම ස්ත්‍රී දූෂණයක් ගැන හෝ ළමා ස්ත්‍රී දූෂණයක් ගැන පැමිණිල්ලක් ලද විගස ඔවුන් ක්‍රියාත්මක වෙන ආකාරයට හාත්පසින් වෙනස් ලෙසට පල්ලේගම හේමරතන වෙනුවෙන් ක්‍රියාත්මක විය. උදාහරණයක් ලෙසට සේයා දැරියගේ සිදුවීමේදී අදටත් නිසි සාධාරණයක් ඉටුකිරීමට අපොහොසත්වූ පාදඩ පොලීසිය පාසල් දරුවෙකුට තිරිසන් ලෙස පහර දී සදා ආබාධිත තත්වයට පත්කළේය. එම දරුවා අත් අඩංගුවට ගෙන පහර දී ඔහුගේ මුළු ජීවිතයම විනාශ කරේ කිසිම සාධාරණ සාක්ෂියක් නොමැතිවය. නමුත් සියළුම සාක්ෂි තිබියදී පොලීසිය කරේ පල්ලේගමගේ වල්ල අතගෑමය. ඒ ජනාධිපතිවරයාගේ බලපෑම නොවේ නම් කුමක් නිසාද යන්න පොලීසිය හෝ ජනාධිපතිවරයා රටට පැහැදිලි කලයුතුය.
පොලීසිය සහ ජනාධිපතිවරයා උත්සහ කරේ මෙම අපරාධය යට ගැසීමටය. ලංකාවේ ඒවා බැරි බව ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතුව ඇත. ස්වාධීන මාධ්‍යවේදියකු වූ බිමල් රුහුණගේ විසින් අප්‍රේල් මස 26 දින ළමාරක්ෂක අධිකාරිය වෙත මෙම අපරාධය පිළිබදව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එයට ප්‍රතිචාරයක් ලෙස ළමාරක්ෂක අධිකාරිය මෙම අපරාධය පිළිබදව පොලීසියෙන් විමසන තෙක් පොලීසිය අඳ ගොළු බිහිරි න්‍යාය අනුගමනය කර ඇත. ළමාරක්ෂක අධිකාරිය මැදිහත් වූවාට පසු පිස්සු බල්ලෙක් නාවන්නට ගෙනියනවාට වඩා අමාරුවෙන් පොලීසිය උසාවිය වෙත රැගෙන ගියේය. ජනාධිපතිවරයා නැවත ක්‍රියාත්මක විය. ඒ වෙනත් ආකාරයකටය. එවර ජනාධිපතිවරයා ඇමතුවේ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පත්මන් සූරසේනටය. ඒ අධිකරණයට ඉදිරිපත් කරන දිනයේදීම පල්ලේගමට ඇපලබා දෙන ලෙසට අනුරාධපුර මහේස්ත්‍රාත් වරයාට දැනුම් දෙන ලෙසටයි. සූරසේන එකවරම අත පුච්චාගන්න කැමති කෙනෙක් නොවන නිසා අනුරාධපුර මහේස්ත්‍රාත් වරයාට කියා ඇත්තේ චූදිත පල්ලේගම හේමරතන රිමාන්ඩ් වෙනවාට ජනාධිපතිතුමා අකමැති බවයි.
මැයි මස 22 වෙනි දින චූදිත පල්ලේගම හේමරතන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල මොහොතේදී ළමාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවන් නීතීඥ සංජීවනී අබේකෝන් මහත්මිය පෙනී සිටියාය. ඒ දෑත හිසව නොව ඇය පිටු 7 ක ලිඛිත වාර්තාවක් සමග ඇමුණුම් 11 ක් සමග පිටු 18 ක වාර්තාවක් ඉදිරිපත් කරමින් පැයකට ආසන්න කාළයක් කරුණු ඉදිරිපත් කරමින් පල්ලේගම හේමරතනව රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටියාය. ඒත් වැඩක් නැත කොතරම් කන්නලව් කරත් මහේස්ත්‍රාත් වරයා ජනාධිපති ගේ කැමැත්තට මෝහනය වී සිටි නිසා ඉදිරිපත් කල කරුණු කිසිවක් තුට්ටුවකට මායිම් නොකර පල්ලේගම හේමරතන ඇපමත මුදා හැරියේය. හැබැයි ඇයගේ කරුණු දැක්වීම තුලදී පොලීසියේ දෙපිටකාට්ටු බව විවෘත අධිකරණයේ දී ලෝකයටම ඇසෙන්න කීවාය.
ලෝකය පුරා විසිරී සිටි සමාජ ජාලා හි නිරතව සිටින ලාංකිකයන් කොතරම් බලපෑමක් කරාද කිව හොත් පල්ලේගම හේමරතනට අටමස්ථානාධිපති ධූරය තාවකාලික අහිමි කිරීමට මල්වතු නා හිමියන්ට සිදුවිය. එපමණක් නොව සමාජයෙන් එල්ලවූ විරෝධය නිසා නිහඩ විලියම්ගේ චරිතය රඟපාමින් සිටි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරියන්ගේ සංසදයටද රැස්වී දැරිය වෙනුවෙන් ඉදිරිපත් වීමට සිදුවිය. ඒ සදභාවයෙන් නොව රටේ මිනිස්සු රැවැට්ටීමටය. ඒ බව හොඳින්ම තහවුරු වූයේ පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තුවදී එම සංසදය රැස්වී ඔවුන් හැසිරුන ආකාරය මුළු සමාජයම පිළිකුල්කරමින් සිටී.
ඒ සියළුම සාමාජිකාවන් ගැන නොව නීතීඥ ලක්මාලී හේමචන්ද්‍ර සහ කමිටු සභා සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු පිළිබද ඇමතිනී සරෝජා පෝල් රාජ දෙදෙනාය. ඔවුන් දෙදෙනාගේ ඒ තුච්ච හැසිරීමට මූලික හේතුව ඔවුන් දෙදෙනා ඒ මොහොතේ නියෝජනය කරේ අගතියට පත් දැරිවියගේ පාර්ශ්වය නොව ජනාධිපතිවරයාගේ පාර්ශවය වීමයි. ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ දූෂක පල්ලේගම හේමරතන පාර්ශ්වයයි. එය තව දුරටත් 9 වෙනි අඟහරුවාදා පැවති රජයේ නිළ මාධ්‍ය හමුවේදී රජයේ නිළ ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස තව දුරටත් තහවුරු කළේය. මාධ්‍යවේදීන් දිගින් දිගටම පාර්ලිමේන්තුව කාන්තා සංසදයේ දී ලක්මාලි හේමචන්ද්‍ර ගේ හැසිරීම ගැන ප්‍රශ්න කරන විට ආඳාගේ න්‍යාය අනුගමනය කරමින් ලිස්සායන පිළිතුරු ලබා දුන්නේය. එසේම ඔහු ඉතාමත් ඕනෑකමින් මෙම අපරාධය වසන් කිරීමට පොලීසිය ගත් නින්දිත ක්‍රියාවලිය සාධාරණීකරණය කළේය. එයින් තව දුරටත් ගම්‍ය වෙන්නේ ළමා ස්ත්‍රී දූෂක පල්ලේගම හේමරතන නම් චීවරධාරියාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානාය ඉන්නා බවය.
අවසන් වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට අමාත්‍ය නලින්ද ජයතිස්සට ඇමතිනී සරෝජා පෝල් රාජ්ට සහ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර ට එක දෙයක් කිවයුතුය. නුබලා ලබාගත් ජන්ද ලක්ෂ 68 න් ලක්ෂ 63 ක්ම ජන්ද පසුගිය මැතිවරණය වලදී වෙනත් දේශපාලන පක්ෂ සදහා පාවිච්චි කරපු ජන්දය. නුබලාත් පැරණි උන් මෙන් උද්ච්ච වී ඒ ලෙසටම වැඩ කරන්නේ නම් හිටපු උන්ට වඩා අන්ත විඳහට නුබලාව කුණු කූඩයට දැමීමට මිනිස්සු දෙවතාවක් නොසිතන බවය.
සබැදි පුවත් – හේමරතන බේරා ගැනීමට කෝටි 5 ක් වියදම් කර වෛද්‍ය මණ්ඩලයෙන් සහතිකයක් – voiceofsrilanka.com

