ලංකාවේ ශ්‍රව්‍ය ද්‍රස්‍ය මාධ්‍ය අතර සිරස නාලිකාව මුල් තැනක් ගනී. 1993 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීමෙන් පසු ජනාධිපති ධූරයට පත්වූ ඩීබී විජේතුංග මහතා විසින් පුද්ගලික ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා ආරම්භ කිරීමට පුද්ගලික අංශයට අවසර ලබාදෙන ලදි.
ඒ අනුව ඉන්දීය සම්භවයක් ඇති රාජා මහේන්ද්‍රන් විසින් සභාපතිත්වය දැක්වූ පුද්ගලික සමාගම් රාශියකින් සමන්විත මහරාජා සමාගම විසින් පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් 1994 මාර්තු 2 වන දින සිරස නමින් ආරම්භ කරන කළේය. ලංකාවේ ශ්‍රාවකයන්ට නුහුරු එෆ් එම් තරංග මාලාවකින් එය ආරම්භ කල අතර ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදනයකු ලෙසට සේවය කල තම සේවය ස්ථිර කරගැනීම සදහා මූලික අද්ධ්‍යාපනය සුදුසුකම් නොමැතිව සිටි නිමල් ලක්ෂපතිආරච්චි එම එෆ් එම් ගුවන්විදුලි යේ මුල් අධ්‍යක්ෂක වරයා විය.
එම එෆ් එම් නාලිකාව ජනතාව නැවුම් අත් දැකීමක් විය. ඒත් එය පිටුපස සිටියේ ඉංදියාව බවත් ඉන්දීය සංස්කෘතිය බලහත්කාරයෙන් ලංකාව වෙත පොම්ප කිරීමක් එයින් සිදුවනබව කිසිවකු දැන සිටියේ නැත.
සිරස එෆ් එම් ගුවන් විදුලිය 1998 ජූනිමස 10 වෙනිදා සිරස ටීවී නමින් රූපවාහිනී නාලිකාවල දක්වා වැඩි දියුණු විය. එය ආරම්භ වන්නේ ආයෝජන මන්ඩලයේ ලියාපදිංචි වූ සමාගමක් ලෙසය. එහි මව් සමාගම වූයේ සිංගප්පූරු රූපවාහිනී සමාගමකි. ඒ නිසා සිරස ටීවී ප්‍රධාන විධායක ලෙසට ආවේ විදේශිකයන් ය. එම කාළය තුල දී සිරස නිශ්පාදනය කල සියළුම වැඩ සටහන් නිෂ්පාදනය කලේ ටැලන්ට් ෆැක්ටරි නම් උපසමාගමක් විසිනි. සිරස මුල් සමාගමෙන් ඉවත්වී ඉන් පසුව ඔවුන් ඉන්දියාවේ ශ්‍රී අධිකාරි බ්‍රදර්ස් සමග සම්බන්ද විය.
ඉන් පසුව ඔවුන් සමග එක්වී විශේෂ වැඩ සටහන් ගොන්නක් රටට පෙන්නුවාය. සිරස රූපවාහිනීය නැරඹූ කිසිවකු නොදැක්ක දෙයක් විය. ඒ ලංකාවේ නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය සහ වැඩ සටහන් සදහා ඉන්දීය අධ්‍යක්ෂක වරුන් සිටීමය. එසේම ශ්‍රී අධිකාරි බ්‍රදර්ස් හි මාසික වේතන ලබන නළු නිලියන් රඟපෑ ටෙලි පඩංගු ලංකාවට ගෙනැවිත් සිංහල හඩකවා ප්‍රදර්ශනය කළේය. ඒවායේ රඟපෑ දකුණු ඉන්දීය තුට්ටුදෙකේ නිලියන් ලංකාවට ගෙනැවිත් ලංකාව පුරා ප්‍රදර්ශනය කරමින් ජනතාව තවත් ගොනාට ඇන්දුවාය.
ඉන්දියාවේ රූපවාහිනී නාලිකා 50 කට වඩා විකාශනය වන අතර එම නාලිකාව එකකට එකක් නොදෙවෙනි ළමයින්ගේ සිට නාකි මහල්ලන් දක්වා නානාවිදි රියැලිටි ෂෝ ඇති අතර සිරස ටීවී එම සියළුම රියැලටි වැඩසටහන් ලංකාවට හදුන්වා දීමේ ප්‍රමුකයා විය. ඔවුන් ඉංදීය සංස්කෘතිය මෙරට ව්‍යාප්ත කිරීමේ පුරෝගාමී යාද විය.
සිරස ඍජුවම දේශපාලනට අවතීර්ණ වෙන්නේ 2001 මහ මැතිවරණයේ දීය. ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමටය. එම කැපවීම වෙනුවෙන් පත්වූ ආණ්ඩුවේ තරුණ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙන් 2001 දෙසැම්බර් 31 රාත්‍රී පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශන වෙනුවෙන් එම අමාත්‍යාංශයේ මුදල් රුපියල් කෝටි 3 ක් ලබාදී තිබුණි. එම සංගීත සංදර්ශනයේදී ප්‍රශ්න ගත දෙයක් සිදුව තිබුණි. ඒ එයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ගාමිණී අතුකෝරල වෙත ලබාදුන් සුදු වයින් වීදුරුවට යමක් කලවම් කිරීමය. ඊට පසුදින ආරංචි වූයේ ගාමිණී අතුකෝරළ මහතා නිදි පැදුරේදීම මිය ගොස් සිටි බවයි.
ගාමිණී අතුකෝරළ මහතා නිවස කරා යමින් සිටියදී ඔහුට වායුසමන කල කාරය තුලදී සිතා ගැනීමට නොහැකිවන ලෙස දාඩිය දා තිබුණි. පුවක්පිටිය සිට නිවසට යන තෙක් ඔහු කාරය තුල ගොස් තිබුනේ උඩුකය නිරුවත්වය. ඒ බව රියදුරු සහ පුද්ගලික ආරක්ෂක නිළධාරියා සාක්ෂි දරයි. එම මරණය සිදුවූ මාසයක් යනවිට සිරස රූපවාහිනිය තුල අත්බූත හදිසි ගින්නක් ඇතිවිය. එම ගින්නට පසු පරීක්ෂා කිරීමේදී ගින්නෙන් හෝ හානි සිදුනොවන පැරණි වැඩ සටහන් පටිගත්ව තිබූ හාඩ් ඩික්ස් කීපයක් අතුරුදහන්ව තිබුණි. ඒවා ගාමිණී අතුකෝරළ මහතාට අවසන් වයින් වීදුරුව දුන් අවස්තාවේ පටිගත වූ දර්ශන තිබූ ඒවා බවට තොරතුරු ලැබුනත් ඒ ගැන කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුනි.
ගාමිණී අතුකෝරළ ගේ මරණය සිදුවී මාසයක් යනවිට රනිල් වික්‍රමසිංහ ලෝකයේ අත්සන් කරන දෙපාර්ශවයේ නායකයන් දෙතැනක සිට අත්සන් කල එකම ගිවිසුම වූ එල්ටීටීඊ සමග අත්සන් කල අවබෝධතා ගිවිසුම අත්සන් කළේය. ඒ සදහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සිරස නාලිකාවය. ඉන් පසුව එල්ටීටීඊ සංවිධානය මුල්වී සිදුකල පොංගු තමිල් උත්සව සදහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේද සිරස නාලිකාවමය. නමුත් ඔවුන් රනිල් වික්‍රමසිංහ සමග මතවාදී ගැටුමක් ඇතිකරගෙන තිබුණි. ඒ ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් සිරස ආයතනය විසින් නම් කරන දෙදෙනෙකුට ලබාදෙන ලෙසට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි. රනිල් වික්‍රමසිංහ සිරස ලොක්කන් කියන ඒවා තඹදොයිතුවකට මායිම් නොකිරීමද තවත් හේතුවක් විය. සිරස නාලිකාව දකුණේ එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ට පක්ෂ රූපවාහිනී නාලිකාව ලෙස කිසිම හිරිකිතයකින් තොරව ක්‍රියාත්මක විය. තෙවැනි ඊලාම් යුද්ධයේ අවසන් අධියරදී ද රජයේ හමුදාවලට එරෙහිව ඔවුන් පෙනී සිටියේය.
2009 වසරේ ජනවාරි මස 7 දින දෙපානම පිහිටි සිරස රූපවාහිනී විකාශන මධ්‍යස්ථානය ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල විය . එය එවකට පැවති ආණ්ඩුව මෙහෙයවූ බවට චෝදනා එල්ල වූවත් තමන්ට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සහ රක්ෂණය මගින් මුදල් ලබා ගැනීමට එල්ටීටීඊ සහය ඇතිව ඔවුන් විසින්ම මෙහෙයවා තිබූ බවට බුද්ධි අංශවෙත වාර්තා වී තිබුණි.
2004 දෙසැම්බර් 26 සිදුවූ සුනාමි ව්‍යවසනයේදී සිරස සහන යාත්‍රා නමින් සහන සේවයක් දියත් කලද එහිදී බෙදා දුන් භාණ්ඩ වලින් 99% ක්ම සපයාගෙන තිබුනේ රටේ ජනතාව ලබා දුන් පරිත්‍යාගය වලිනි. උදාහරණයක් ලෙස සිරස බැනර් ගසාගෙන ගිය ලොරි පරිත්‍යාග කර තිබුනේ ඩීඑස් ජයසිංහ ආයතයන විසිනි.
යුද්ධය නිමාවත් සමගම ඔවුන් ඍජුවම දේශපාලනයට පිවිසියාය. 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළේය. Sport First සැමට ඉදිරියෙන් කියා SF අකුරු දෙක කැපීපෙනෙන ලෙසට මුද්‍රණය කර තිබුණි. 2010 මහ මැතිවරණයේ දී එජාපයෙන් මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔවුන්ගේ නිවේදකයකුව සිටි බුද්ධික පතිරණව ඉදිරිපත් කල අතර කොලොන්නාව ආසනය වෙනුවෙන් තවත් නිවේදකයකු වූ සුසිල් කිදෙල්පිටියව ඉදිරිපත් කල අතර බුද්ධික ජයග්‍රහණ කොට කිදෙල්පිටිය පරාද විය.
එයට සමගාමීව මහින්ද රාජපක්ෂ නායකත්වය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ශක්ති ටිවී ( සිරස ද්‍රවිඩ නාලිකාව) හි නිවේදකයෙක්ව සිටි ශ්‍රී රංගා ජයරත්නම්ව ඉදිරිපත් කලේය. පලාත් සභා මැතිවරණයේ දී සුසාර දිනාල්ව එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ දිස්ත්‍රික්ක වෙත ඉදිරිපත් කර ජයග්‍රහණය කලේය.
2011 වසරේදී හිටපු අමාත්‍ය සිරිසේන කුරේ විසින් ප්‍රේමදාස ජනාධිපතිවරයා මියගිය පසුව පුරවැසි පෙරමුණ නමින් ආරම්භ කරන ලද දේශපාලන පක්ෂය රුපියල් කෝටි 7 ක් දී මිළදී ගෙන එහි නායකයා ලෙසට ශ්‍රී රංගාව පත්කර 2011 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයේදී උතුරු පලාතේ තුනුක්කායි සහ මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභා සදහා තරග කර මන්ත්‍රී ආසන කීපයක් දිනාගෙන එහි ප්‍රධාන විරුද්ධ පක්ෂය විය.
2010 මහ මැතිවරණයෙන් පසුව එජාපය දෙකඩ කිරීමේ කාර්ය සදහා මුල පුරන්නේද සිරස නාලිකාවමය. ඔවුන් සජිත් ප්‍රේමදාසව ප්‍රොමෝට් කරමින් රනිල්ට පහර ගැසීම දිගටම කලේය. එහි උච්චස්ථානය වූයේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගය පිහිටුවාලීමය.
2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලය පෙනී සිටියේය. එයින් ප්‍රතිලාභ ගැනීමට සිසර කිරීමට උත්සහ කරේ පාවිච්චයෙන් ඉවතලා තිබූ රුසියානු යුධ නැවක් ලංකාවට මිළදී ගැනීමට මෛත්‍රීපාල සිරිසේන වෙත යෝජනා කිරීමයි. සමාජයෙන් ආ විරෝධය හමුවේ එය හකුලා ගැනීමට සිදුවිය. 2015 මහ මැතිවරණය දී ඔවුන්ගේ දේශපාලන ජඩබව හොඳින්ම විදහා පෑවාය. ඒ මාතරින් සිරස වෙත බුද්ධික පතිරණ විසින් කැදවාගෙන ආ මරික්කාර්ව එජාපයෙන් කොලොන්නාව ආසනය වෙත ඉදිරිපත් කල අතර මරික්කාර්ට වඩා සිරස ආයතනයේ ජ්‍යෙෂ්ඨයකු වූ සුසිල් කිදෙල්පිටියව සරත් ෆොන්සේකා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් එම ආසනයටම ඉදිරිපත් කලේය.
2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස කර තියාගෙන ගියේ සිරසය. ඒ සජිත්ට ආදරයට නොව සජිත් හරහා එජාපය දෙකඩ කිරීමටය. ජනාධිපතිවරණය අහවර වී සජිත් ප්‍රේමදාසට පක්ෂ එජාපය තුලසිටි කණ්ඩායම වෙනුවෙන් වෙනම පක්ෂයක් නිර්මාණය කිරීමට සජිත්ව පෙළඹවීම කරේ සිරසය. එසේ කරේ විපක්ෂ භේද කර පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුව තුල 2/3 ක බලයක් ගොඩනැගීමටය. එය අතිසාර්ථ නොවුනත් පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 145 ක් දිනා ගත්තේය.
ඒ මොහොතේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නට අයත් කෙසෙල් ඇවරිය ලාංඡනය යටතේ ලියාපදිංචි කර ඇති එක්සත් ජාතික නිදහස් පෙරමුණ යටතේ සජිත් ඇතුළු කණ්ඩායමට කිසිදු කොන්දේසියක් නොමැතිව ලබාදුන් අවස්ථාව මඟහැර ඩයනා ගමගේ සහ ඇගේ සැමියාවන සේනක සිල්වාට අයත් සමගි ජන බලවේගය පක්ෂය මූලික කොන්දේසි තුනකට යටත්ව මිළදී ගෙන එයින් තරග කිරීමට සජිත් පොළඹවන ලදි. මුදලින් රුපියල් ලක්ෂ 50 ක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සහ පක්ෂයේ ඉහල උප නිළයක් ලබාදිය යුතුවිය.
ඒ අනුව මැතිවරණයෙන් පසුව ඩයනා ගමගේට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සේම සජම උප ලේකම් ධූරය පිරුණැමිනි. බුද්ධික පතිරණ සහ මරික්කාර් ටෙලිෆෝනයෙන් කොළඹට සහ මාතරට ජන්දය ඉල්ලන විට ඔවුන්ගේ ආයතනයේ මාධ්‍යවේදියෙක් වන ශ්‍රීපාල් වන්නිආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කලේය. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙසට පත්වන්නේ සිරස එෆ් එම් ගුවන් විදුලියේ ආ මුල්ම කණ්ඩායමේ සිටි කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙසට පත්විය. සිරස රාජපක්ෂලා සමග රටට පෙන්වූ ආරවුලක් ඇත්තටම තිබුනේ නැති බවට එය හොදම නිදසුනකි.
2022 දී ඇමරිකාණු තානාපති කාර්යාලය සහ ඉන්දියාව එක්ව ගෝඨාභය රාජපක්ෂ එලවීම සදහා ආරම්භ කරන ලද අරගලට පූර්ණ මාධ්‍ය දායකත්වය දුන්නේද සිරසය.මාර්තු 9 වෙනි දින අරගලයට ප්‍රහාරය එල්ල කිරීම සහ ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම එදින සවස රටපුරා මුදාහැරි භීෂණකාරී තත්වය සජීවීව රටට බෙදා හැරීමට මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වුයේ ඔවුන්ය. එපමණක් නොව 2022 ජූලි 09 වන දින රාත්‍රියේ දී කොළඹ රාජකීය විදුහල ආසන්නයේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස සහ පුස්තකාලය ගිණි තැබීමට මිනිස්සු පෙළඹවීම කලේ ඔවුන් ය. එය මුළු ලෝකයම දැක්කාය.
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වූ දින සිට සිරස සජිත් ප්‍රේමදාස සමග තිබූ දීගය අත් හැරියේය. ඒ සජිත්ට අගමැති කම භාරගන්නා ලෙසට ගෝඨාභය කල ඉල්ලීම සජිත් ඉවත ලෑම නිසාය. සිරස කීවේ සජිත්ට එය භාරගන්නා ලෙසය.
සජිත් ගෙන් මිඳුණු සිරස හේත්තු වන්නේ අනුර කුමාර දිසානායක වෙතය. 2024 ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ පූර්ණ දායකත්වය අනුරට ලබා දුන්නාය. එයට ප්‍රති උපකාරයක් ලෙසට බොහෝ කලක් එක්සත් ජාතික පක්ෂයේ නුවර දිස්ත්‍රික්කයේ සංවිධායක වරයෙකුව සිටි චන්දන සූරියබංඩාරව ජනාධිපති අනුරගේ මාධ්‍ය උපදේශක ලෙස පත්කර ගත්තේය.
සිරස සමාජ සත්කාරයක් ලෙසට පෙන්වා අනුන්ගේ මුදල් සහ ශ්‍රමය විකුණමින් ගම්මැද්ද වැඩ සටහන කරගෙන යයි. ඔවුන් එයින් බලාපොරොත්තු වෙන්නේ වෙනමම දේශපාලන කතිකාවක් කිරීමය. ඔමායා සහ සුරංග ඊලග මහ මැතිවරණයේ දී මාලිමාව නියෝජනය කරමින් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.
දැන් සිරස නාලිකාවට ගොස් කිසිවෙකුට ආණ්ඩුව විවේචනය කල නොහැක. ඒත් ඒ කොපමන කළකටද කියා දන්නේ සිරසම පමණි. රටේ බිම් මට්ටමේ දී ආණ්ඩුව විවේචනය වන ආකාරය සිරස හොඳින් දන්න නිසා රොෂාන් වැනි මාධ්‍යවේදීන් ලවා බොරු සෝබන දමමින් සිටීයි. අද විපක්ෂය කරන කියන දේට උත්තර දෙන්නේ ආණ්ඩුව නොව සිරසය. ඊලග ජනාධිපතිවරණයේ දී සිරස අනුරව අමතක කොට පොදු අපේක්ෂකයා පසුපස ගියොත් එය පුදුමයක් නොව ඒ සිරසේ හැටිය. සිරස යනු ලාභ හොයන වාසියට නැවෙන ආයතනයක් මිස පුන්‍ය ආයතනයක් නොවන බව හොදින් මතක තබා ගත යුතුය.

