මහනුවර නගරය පුරා අනවසර දැවැන්ත ගොඩනැගිලි ඉදිවන්නේ මහනුවර මහ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන යන ආයතන නොදැන නොව අතර ඒවායේ ඇතැම් බලධාරින්ට මොණර කොල බන්ඩල් පිටින් අතයට ලැබෙද්දී ස්ථාන පරීක්ෂණ සිදුකරන ටී ඕලට ,තාක්ෂණ නිලධාරින්ට සහ නිලධාරිනියන්ට අත යට ගනුදෙනුව ලැබෙද්දී නගරයේ අනවසර ගොඩනැගිලි ඉදිකිරිම නතර වන්නේ කෙසේදැයි නාගරික ජනතාව පවසති.



මෙලෙස ඉදිකරන අනවසර ගොඩනැගිලි මහනුවර නගරය මැදින් ගලායන මැද ඇලද අවහිර කර සමහර දේශපාලනඥයන් විසින් සාදා දැවැන්ත හෝටල් නිවාස සහ ව්‍යාපාර ස්ථානද ආරම්භ කර තිබේ.
එජාපයේ ,මාළිමාවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනෙක් මහනුවර නගරයේ මැද ඇල උඩම දැවැන්ත ගොඩනැගිලි ඉදිකර තිබේ, මෙම මැද ඇල අධික වැසි දිනවලට ජලය පිරී උතුරා ගංවතුර තත්ත්වයක්ද ඇති කරවන බව නගරයේ ජනතාවත් නගර පරිපාලන බලධාරිනුත් මැනවින් දනිති.
මීට පෙර අනවසර ගොඩනැගිලි කඩා වැටී මිනිස් ජීවිත විනාශ විය.මේ වන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනෙක්ද නගරයේ අනවසර ඉදිකිරීම් සිදු කර තිබේ.මැද ඇල හරස් කර ඉදිකර තිබෙන මෙම දැවැන්ත ගොඩනැගිලි දේශපාළන බලය නිසා ඉදිවූ ඒවාය.වෙනස කෝ යැයි මාළිමාවට බලය ලබා දුන් මහනුවර ජනතාව ප්‍රශ්ණ කරති.අම්පිටිය ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් බලධාරියා මහනුවර නියෝජ්‍ය පුරපති බව අම්පිටිය ප්‍රදේශයේ ජනතාව පවසති.

