සැරයන්වරුන්ගේ උස්සවිම් ඉල්ලු නඩුවේ තින්දුව වසරකට ආසන්න කාලයක් ගියත් තවම නැහැ

වසර ගණනක සිට පොලිස් සැරයන්වරුන්ට ලබා දියයුතු උසස් වීම් වහාම ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කර ඇති අතර එම නඩු විභාගයේ තින්දුව ලබා දිම දැනට වසරකට ආසන්න කාලයක සිට කල් දමා ඇතත් එම තින්දුව ලබා නොදිමෙන් එම නිළධාරින් දැඩි අසාධාරණයට පත්ව සිටියි.
පොලිස් සැරයන්වරු 144 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ට හිමි උසස්වීම් ඉල්ලා ගොනු කල නඩුව වසර 04 ක් විභාග කර 2025 අගෝස්තු 07 දින තීන්දුව ලබාදීම තිබු අතර තින්දුව පසුව ලබා දෙන බව පවසා නඩුව කල් තබා ඇත .
එම නිළධාරින් පවසන්නේ ලංකාවේ තිබෙන උත්තරීතර අධිකරණයේ විශ්වාසය බිඳ වැටෙමින් ඇති බවත් මේ පිළිබඳව අධිකරණ ඇමැතිවරයාට , අගමැති ,ජනාධිපති ලේකම්වරයාට ,ලිපි ගණනාවක් යොමු කලද මේ දක්වා විසදුමක් නොමැති බවයි ,
පොලීසියේ උසස් නිලධාරීන්ගේ උසස්වීම් නිසියාකාරව කලට වේලාවට ලැබෙන අතර පහළ නිළධාරින් ගැන කිසිදු සාධාරණයක් නොමැත වසර 35 ක් 38ක් පොලිස් සේවය කරන පහළ නිළදාරින්ට නියමිත ආකාරයට උසස්විම් ලබා දිමට කටයුතු නොකිරිමෙන් එම පහළ නිළදාරින් එකම නිළයේ වසර විස්සකට වැඩි කාලයක් සිටිම නිසා දැඩි කළ කිරිමට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *