රංග නිශාන්ත රාජපක්ෂලාගේ ඝාතනයට ඔහුගේ බිරිඳත් හවුල් වෙලාද ?

පසුගිය අප්‍රේල් මස 30 වෙනි දින කුලියාපිටිය තම ගෙවත්තේදී සියදිවි හානි කරගත් බව කියන මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට තමන් ඇතුළු පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වූ වෛද්‍ය මන්ඩලය ඒක මතිකව තීරණය කලබව පසුගිදා අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලගරත්න බංඩා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී පවසන ලදි.
මීට පෙරද එම වෛද්‍යවරුන් ආණ්ඩුව හා සම්බන්ධව දේශපාලන කටයුතු වල නිරත වූවන් බව අප ලීවෙමු. එසේම තම ශරීරයේ ප්‍රධාන ධමණි ( බල නහර)තුනක් කපා ගෙන සියදිවි හානි කර ගැනීම ආණ්ඩුව කියන හැම දේටම ඔව් කියන වහල්ලුන් හැර කිසිවකු පිළිගන්නේ නැත. විශේෂයෙන් කකුල් දෙකේ ප්‍රධාන ධමණි දෙකම සහ අතක ධමණියක් කපා ගැනීමට මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි අයෙකුට හෝ කල නොහැක.
අදාළ සිදුවීම වූ දිනයේ රංග නිශාන්ත ගේ බිරිඳ වන වෘත්තියෙන් ගුරුවරියක් වන නිස්ශංක ආරච්චිගේ සීලවතී රැකියාව සදහා පිටත්වීමට පෙර තම ස්වාමිපුරුෂයා සමග කතිකා කරගෙන ඇත්තේ අද වැඩට ගොස් පැමිණි පසුව මහනුවර දළදා මාළිගාව වැඳගෙන ගෙදර නොපැමිණ වැඩිමහල් දියණිය නිවසට කැටුව ඒමට මොටටුවට යාමටය.
නමුත් එදින ඇය පාසලේ සිට කෙටි නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණ ඇත. ආ විගස දියණියගෙන් අසා ඇත්තේ “ඔයයි තාත්තයි කෑම කෑවද” යනුවෙනි. දියණිය කියා ඇත්තේ “මම කෑව තාත්තා කෑවේ නෑ. තාත්තා කජු අහුල්ලන්න වත්ත පහලට ගියා” ලෙසයි.
නමුත් බිරිඳ කර ඇත්තේ ක්ෂණික උදය අයියා යන පුද්ගලයකුට කතාකොට තම ස්වාමිපුරුෂයා සෙවීමට වත්තට යාමයි. එහිදී ඒ සදහා කොරටුවේ රණවීරද උදව් කර ඇති අතර කොරටුවේ රණවීර කියා ඇත්තේ “රංග මල්ලී කුඹුර දෙසට යනවා දුටු බවයි”. ඒ අනුව කුඹුර දෙසට යන විට බුලත් කොරටුවේ කරුණා අක්කා කියා අත්තේ රංග මල්ලී වත්තේ උඩුබැලි අතට වැටී සිටිනවා දුටු බවයි. ඔවුන් යන විට සිහි නොමැතිව රුධිරය වහනය වන තුවාල සමගින් සිටි රංග ගේ සිරුර ගෙනැවිත් තබා ඇත්තේ නිවසට යාබද මඩුවකය.
1990 ගිලන් රථයක් ගෙන්වා රෝහල වෙත රැගෙන යාමට සූදානම් වුදද ගිලන් රථයේ පැමිණි අය පවසා ඇත්තේ ඒ වන විටත් රංග මිය ගොස් සිටි බවයි. රංග ගේ රුධිරය වහනය වන සිරුර රැගෙන එන විට විශාල බයක් දැනුනා කියන රංග නිශාන්ත ගේ බිරිඳට ඔහුගේ මරණය ගැන කිසිම සැකයක් නැතිබවයි. උත්තර දෙක එකට එකක් පෑහෙන්නේ නැති බව අපගේ සීඅයිඩී හි රාජකාරී අත් දැකීමෙන් දනිමු. ඇය පොලීසිය කුමක් කීවත් මහේස්ත්‍රාත් වරයා මෙම මරණය පිළිබදව සැක උපදවා දේහය පිළිබදව පූර්ණ පරීක්ෂණයක් අධිකරණ වෛද්‍ය නිළධාරින් කණ්ඩායමක් යොදවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත ලිඛිතව දන්වා තිබුණි.
රංග නිශාන්ත රාජපක්ෂ සේවය කොට තිබුණේ මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ය. විදෙස් ණය ගෙවීම කරණු ලබන්නේ මහ භාණ්ඩාගාරයේ ණය කළමණාකරන දෙපාර්තමේන්තුව මගිනි. මෙම ප්‍රශ්න ගත ඩොලර් මිලියන 2.5 ක මුදල ගෙවීමට අදාල අංශයට සම්බන්දයක් නැති රංග නිශාන්තව යෙදවූයේ ඇයිද යන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා පැහැදිලි කලයුතුය. මේ වන තෙක් එය සිදුවී නොමැත.
රංග නිශාන්තගේ මරණය පිළිබදව අපි පසු විපරකම යෙදුනෙමු. ඔහු විසින් අප දෙපාර්තමේන්තුව වෙත සිවු වතාවක් ප්‍රකාශ ලබා දුන්නද ඔහු විසින් ලබාදෙන ලද හතරවන ප්‍රකාශය ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ඉතාමත් අහිතකර ප්‍රතිපල ගෙන දෙන එකක් විය. රංග නිශාන්ත පැහැදිලිවම කීවේ මෙම මුදල ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදට ගිය බවට තමා සැක කරන බවයි. ඔහු කළක් ජවිපෙ පූර්ණ කාලීනයකු ලෙස සිටි අයෙක් නිසාත් ඔහුට අයත් නොවන තැනක මුදලක් ඔහුලවා ගෙවිය යුතු ගිණුම වෙනුවට වෙනත් ගිණුමකට බැර කරවීමත් සුළුවෙන් බැහැර කල නොහැක.
රංග නිශාන්ත ගේ බිරිඳද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභළ සාමාජිකාවකි. ලැබී ඇති තොරතුරු අනුව සහ අප්‍රේල් මස 30 වන දිනත් ඉන් පසුවත් ඇගේ හැසිරීම ප්‍රශ්න සහගතය. ජනතා විමුක්ති පෙරමුණේ ඉහල දෙදෙනෙකු සහ කලක් ජවිපෙ ඉහල කෙනෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකු ලෙස සිටි වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුද රංග නිශාන්තව මරා දැමීමට පෙර ඇය සමග කතා කොට ඇත. ඔවුන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුවේ පැවැත්මට රංග නිශාන්ත බාධාවක් වන නිසා ඔහුව ඉවත්කල යුතු බවත් ඇගේ සහ දරුවන්ගේ පැවැත්මට උපකාරකරන බවත්‍ ය. එය තව දුරටත් සනාත වෙන්නේ ගෙදර ආ විගස ඔහු රංග නිශාන්ත සොයායාමත් රුධිරය වහනය වන තුවාල සහිත රංගගේ සිරුර ගෙනැවිත් නිවසට යාබදව පිහිටි මඩුවක තැබීමත්‍ ය. එම වියෝව ගැන ඇයට කම්පනයක් නැත .ඒ ඇය එය බලාපොරොත්තු වෙන් සිටි නිසාය.
ඇය ප්‍රකාශ කරන පරිදි රංග නිශාන්ත තම ධමණි තුනක් කපා ගත්තාය කියන පිහිය වසර 20 කට වඩා පැරණිය. ඒ ඔවුන් විවාහ වී නිවසට පැමිණෙන විටත් එම පිහිය නිවසේ තිබූ බවත් එය එළවළු කැපීමට භාවිතා කල බවත් පැවසීමෙනි. එතරම් පැරණි එම පිහියෙන් දැලි පිහියකින් හෝ ශල්‍යකර්ම කැපුම්තලයකින් කරන දෙයක් කලහැකිද යන්න රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තාවක් ලබා දිය යුතුය.
රජයේ රස පරීක්ෂකවරයාත් තමාගේ ධමණි කපාගෙන මියයාමට අකමැති නිසා අපරාධ කරුවන්ට අවශ්‍ය ලෙසට වාර්තාව ලබාදෙනු ඇත.
පොලීසියේ හැසිරීමෙන් හොදින්ම පෙනී යන්නේ පොලීසිය භාර ඇමතිවරයා මුල සිටම මෙම ඝාතනය සියදිවි නසා ගැනීමක් බවට ඒත්තු ගැන්වීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි. රංග නිශාන්ත ගේ සිව්වෙනි ප්‍රකාශයේ කරුණු ක්ෂණිකව ආණ්ඩුවේ ඉහලටම ලබා දීම වෙනුවෙන් සැලකීමක් ලෙසට අප දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට ප්‍රංශ සවාරියක් ලබාදීමයි. කොටුව මහේස්ත්‍රාත්තුමා කීවේ අසාත් මවුලානා යන අයව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙන්වා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි. නමුත් ආණ්ඩුවෙන් ලද ප්‍රංශ සාවාරිය ගොස් ඔහු අසාද්මවුලානා හමුවී ඔහුව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති නිළ නිවසට ගෙන්වාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමයි. තොරතුරු ආණ්ඩුව වෙත ලබාදුන් ශානි අබේසේකර ප්‍රංශයේ සිට ලංකාවට එනකොට රංග නිශාන්ත එලොව ගොස්‍ ය.
සාමාන්‍යයෙන් මොන තරාතිරමක පුද්ගලයකු මිය ගියත් ඒ පිළිබදව අධිකරණයේ පැවැත්වෙන සාක්ෂි විමසීම මෙහෙය වන්නේ උපරිමයෙන් සහකාර පොලිස් අධිකාරි වරයෙකි.
ලංකාවේ පලමුවරට මෙම සිදුවීමේ අධිකරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවන්නේ වයඹ පලාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණය. තිරිසන් ලෙස මරාදැමූ රංග නිශාන්ත සියදිවි නසා ගත්බවට පොලිස් සාක්ෂි මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බාරගත්තේ ඔහුට ආණ්ඩුවෙන් වාසියක් ලබා ගැනීමටය. ඒ ඔහු මේ වසරේ සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යාමට නියමිත බැවින් ජනාධිපති හරහා සේවා දිගුවක් ලබා ගැනීමටය. ඔහු එවැනි පක්කලි කම් කිරීමට දක්ෂයෙකි.
මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා ඇතුළු කණ්ඩායම බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකොට බොරැල්ල පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු මියගිය පසු චූදිතයන් රැගෙන සියළුම ජනමාධ්‍ය වේදීන්ට උසාවි භූමිය තහනම් කලාපයක් කොට චූදිතය අධිකරණය වෙත ගෙන ගොස් සියළු වැරදි මිය ගිය පොලිස් නිළධාරියා පිට පටවා චූදිතයන්ට ඇප ලබා දුන්නේ මේ අජිත් රෝහණමය. එවිටද ඔහු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. ගැහැණු ළමයෙකුට එල්ලා පහරදී මානව හිමිකම් උල්ලංඝණය කල බවටත් ඒ සදහා රුපියල් පනස්දාහක වන්දි ගෙවූ ඔහුගේ සියළුම උසස්වීම් ගැන හොදටම දන්නේ ඔහුගේ දිවත් නිරුපමා රාජපක්ෂත් පමණි.
රංග නිශාන්තගේ බිරිඳ මහේස්ත්‍රාත් ඉදිරියේ පැවති පරීක්ෂණ යේදීද තුන්වෙනි වතාවටත් කියා ඇත්තේ මෙම මරණය ගැන ඇයට කිසිම සැකයක් නැති බවය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ප්‍රභල ජවිපෙ සාමාජිකයන් වන අධිකරණ වෛද්‍ය නිළධාරින් තම පමණ ඉක්මවා මරණය ගැන කරුණු දක්වා ඇත. එය එසේ වියයුතුමය. ඔවුන් සත්‍ය වෙනුවට අසත්‍ය කියා තම දේශපාලන නායකයන් බේරාගත යුතුය. නැත්නම් ඔවුන්ද සියදිවි නසා ගත යුතුය.
ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ තම තත්වය රැකගැනීම සදහා ඝාතනය කල පුද්ගලයා සියදිවි නසාගත් බව ඔවුන්ට අවැසි ලෙසට සාක්ෂි සෑදීමට මුලින්ම උපයෝගී කරගෙන ඇත්තේ මරණකරුගේ බිරිඳය. එතනින් එහාට රංග නිශාන්ත ලබා දුන් සියළුම ප්‍රකාශ ආණ්ඩුවට අවශ්‍ය ලෙසට අපේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙනස් කරනු ඇත. එතුමා තරම් අවශ්‍ය ලෙසට තිරකතා ලියන්නට හැකි කෙනෙක් පොලීසිය තුල නැත. මාධ්‍ය ඔහු සර්ලොක් හෝම්ස් කීවත් අපි නම් කියන්නේ ඔහු සයිලොක් හෝම්ස් කියාය. ඔහුට ඔහුගේ වාසිය සදහා හරියටම මස් රාත්තල ඕනෑය. එය කෙසේ හෝ ලබා ගැනීමට ඔහු පසුබට වෙන්නේ නැත. අප ජීවත්වන සමාජය කොතරම් භයානක දැයි ඔබට වැටහෙනු ඇත. පාලකයන් කුමක් කීවත් අපේ ආරක්ෂාව අපිම සලසා ගතයුතු තැනට රටම පත්ව ඇත.

( මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බී.ආර්.එස් යන අනවර්ථ නාම ඇති තිදෙනෙකු විසින් විද්‍යුත් තැපෑලට එවූ ලිපියකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *