සුදු අලියෙක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා පොලීසියට මාධ්‍ය ප්‍රකාශකවරයෙක් හදුන්වා දෙන්නේ උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධයේ එක් අතුරුපලයක් ලෙසින්‍ ය. එයට ප්‍රධාන හේතුව වූයේ කටකතා වල තුබූ ප්‍රභලතාවයයි. ලංකාවට සෙලියුලර් දුරකතන හදුන්වා දෙන්නේ 1990 දීය. නමුත් ඊට පෙර සාමාන්‍ය පුරවැසියන් පාවිච්චි කරේ ස්ථායී දුරකතන ය.
නමුත් වෙනත් පලාතක සිට දුරකතනයක් හරහා ලැබෙන පණිවිඩයක් ඉතාමත් සුළු කාළයක් තුල සමාජයේ හිතා ගැනීමට බැරි දුරකට කටකතා ඔස්සේ සංසරණය විය. උදාහරණයක් ලෙස 1983 දී කළු ජූලිය ඇති වීමට ප්‍රධාන හේතුව වූ උතුරේදී මියගිය හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු ගේ සිරුරු ඉතා රහසිගත ලෙස බොරැල්ල පොදු සුසාන භූමිය තුල මිහිදන් කිරීමට එවකට පැවති රජය කටයුතු කිරීමට සූදානම් වූ විට එයට එරෙහිව එම සිරුරු කොළඹට රැගෙන ඒමට පෙර පලාලි සිට සොල්දාදුවකු ලබා දුන් දුරකතන ඇමතුමකි.
එම දුරකතන ඇමතුම නොලැබෙන්න ඉතා රහසිගතව එම සිරුරු භූමිදානය කරනවා නොඅනුමාන ය. බොරැල්ල පොදු සුසාන භූමිය අවටට එදා එනම් 1983 ජූලි 23 සවස ජනතාව දස දහස් ගනනින් එක් රැස්කලේ කට කතාමගිනි. එදින බොරැල්ලෙන් ඇරඹි ඒ ව්‍යවසනය පැය 12 ක් යන්නට පෙර රට පුරාම පැතිරුනේ කට කතාමගිනි.
ඊට පසුව පාලකයන් තීරණය කරේ පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පිලිබඳව තනි පුද්ගලයකු හරහා මාධ්‍ය වෙත නිකුත් කිරීමට මාධ්‍ය ප්‍රකාශකයකු පත් කිරීම සුදුසු බවය. මාධ්‍ය ප්‍රකාශක කොතරම් ප්‍රසිද්ධියට පත්වුන්නද යත් යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක වූ මේජර් ජෙනරාල් සරත් මුණසිංහ මහතා 1994 දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වී නියෝජ්‍ය කතානායක ධූරයට පවා පත්විය.
ඉතිහාසය එසේ වුවද අද ඊට හාත්පසින්ම වෙනස්‍ ය. නවීන තාක්ෂණය හරහා යම් ස්ථානයක් සිවුවන සිදුවීම්ක් ක්ෂණික ලෝකය පුරාම තත්පර කීපයකින් සංසරණය වීමයි. එහෙත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසිය තුල විනය පවත්වාගෙන යාම සදහා හිතුන හිතුන කෙනා මාධ්‍යට කතා කරනවා වෙනුවට මාධ්‍ය ප්‍රකාශකවරයෙකු හරහා ඒවායේ තොරතුරු ජනගත කිරීම උදෙසා මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නඩත්තු කරණු ලබයි. විශේෂ කාර්‍යයකදී හැර පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන් සෑම විටම මාධ්‍ය වෙත අදහස් දැක්වීම ත්‍රිවිධ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක වරුන් නොකරයි.
පොලීසියේ මූලික කාර්‍ය්භාරය රටේ සාමය ආරක්ෂා කිරීම සහ නීතිය බල ගැන්වීම සදහා අධිකරණය වෙත සහය වීමයි. පොලිස් දෙපාර්තමේන්තුවට එක් මාධ්‍ය ප්‍රකාශකයකු සිටියාට පොලිස් ලොක්කන්ට වෙන වෙනම මාධ්‍ය ප්‍රකාශක වරු සිටී. එම පොලිස් ලොක්කන් තම තමන්ගේ ලකුණු වැඩිකර ගැනීම සදහා පුද්ගලිකව තම ධනය වියදම් කරමින් එම මාධ්‍ය ප්‍රකාශක යන්ව නඩත්තු කරයි. එම පුද්ගලික මාධ්‍ය ප්‍රකාශකවරුන් කොච්චර ප්‍රභළද යත් පොලිස්පති වරයා පවා ඔවුන්ට බයය.
සමහර පොලිස් ලොක්කන් අන්තර් ජාලය හරහා වෙබ් පිටු පවත්වාගෙන යන මාධ්‍ය වේදීන්වද මුදල් ගෙවා නඩත්තු කරයි.
දකුණු පලාතේ පොලීසිය කුමන කාරණයක් කලද දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් එම පුවත ඔහුගේ පොලිස් රාළහාමි බැචාවන බිමල් ජයසේකරට ලබාදියි. පොලිස්පතිට ලැබෙන තොරතුරු ද කිත්සිරි ජයලත් හරහා යන්නේ බිමල් ජයසේකර ටය.
මහජන අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නට ලැබෙන තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා දෙන්නේ විදෙස් රටක සිට වෙබ් පිටුවක් කරන හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ අජිත් ධර්මපාලටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතා සංවේදී රහස් පවා එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ පුද්ගලික මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන තරිඳු ජයවර්ධනට ලබා දේයි.තරිඳු ජයවර්ධනට බිෂොප් හවුස් එක හරහා මාසික දීමනා ලැබෙන නිසා තරිඳු ජයවර්ධන විසින් හෙලිදරව් කරණු ලබය අති සංවේදී රහස් ගැන ඒවා ලැබුනේ කෙසේද යන්න ප්‍රශ්න කිරීමට පොලිස්පතිවරයාද බයය.
පසුගිය දිනක හොරණට ආසන්නයේ බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5 ක මුදල් මංකොල්ලය ගැන ඉතාමත් රසවත් කතා සමාජ මාධ්‍ය ජාල හරහා ලියනු ලබයි. ඒවා කොතරම් දුරට සත්‍යද අසත්‍යද යන්න දන්නේ ලියන කෙනාමය. හේතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ ගැන කිසිදු නිළ ප්‍රකාශයක් කර නැත. බස්නාහිර පලාත් උතුර කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරින් අතර ගැටුමක් ඇති බවත් ඒ නිසා දෙකට බෙදුන පොලිස් නිළධාරින් කණ්ඩායම් දෙක වෙනුවෙන් මාධ්‍ය කණ්ඩායම් දෙකක් සමාජ මාධ්‍ය ජාලා තුල මරා ගන්නේ නැති ටික පමණි.
කරුණු එසේ වන හෙයින් නමට පමනක් සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය වෙත පැමිණ ඇඟට අරං දොඩවන ජෝකරයෙකු නොවී තමන්ගේ වැඩක් බලාගෙන සිටීම යහපතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *