වසන්තට සැනකෙලියක් වූ හාල් කොමිස් ගැහිල්ල.

අද රටපුරාම ගොවීන්ගේ මැසිවිල්ල වී ඇත්තේ තම වී අස්වැන්නට සාධාරණ මිළක් නොලැබීමය. එයට මූලිකම හේතුව තම සාක්කුවේ වාසිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශි ක්‍රියා පිළිවෙල ය. 2024 දෙසැම්බර් රූපවාහිනී නාළිකාවක් වෙත පැමිණි වත්මන් ආණ්ඩුවේ වෙළද සහ පාරිභෝගික ඇමති වසන්ත සමරසිංහ කීවේ “අපි මේ සහල් ආනයනය කරන්නේ අන්තිම වතාවට අපි ආයිත් සහල් ආනයනය කරන්නේ නෑ මාව 2025 දෙසැම්බර් මේ නාලිකාවටම ගෙන්නලා අහන්න “කියාය.
එසේ හාල් ආනයනය කිරීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේ හාල් මිළ අඩු කරන්නේ නැත්නම් මම ඉංදියාවෙන් හාල් ගේනවා කිලෝවක් රුපියල් 139/= ගානේ කියාය. නමුත් ඒ කතාවට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක කල පාදඩම වැඩේ වූයේ සාමාන්‍ය වෙළද පොළ කිලෝවක් රුපියල් 195 ට තිබූ නාඩු හාල් කිලෝවක් මේසෙට මිට මෙලවූ අතින් ගසා කිලෝවක් රුපියල් 230 ක දක්වා වැඩිකොට පාලන මිළක් නියම කිරීමය. ඒසේ කරේ රටේ මිනිස්සුන්ට ආදරයට නොව ඩඩ්ලි සිරිසේන මාලිමාව වෙනුවෙන් ජන්දයට වියදම් කල මුදල් පියවා ගැනීමටය.
ඊළග වටය ලෙස සහල් ආනයනය කිරීමට වෙළද ඇමති වසන්ත සමරසිංහව පෙළඹවූයේය. ආණ්ඩුව ලබා ගැනීමට පෙර පම්පෝරි ගැසුවේ “පුද්ගලික අංශයෙන් අපි වැඩ ගන්නවා, ඒ කොමිස් බලාගෙන නෙවෙයි ,ඒ කොමිස් වාසියත් දෙන්නේ ජනතාවට “කියාය. කතාව එසේ උනාට වැඩේ උනේ එලෙසට නොවේ. සහල් ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කල ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක වූයේ සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ ) නීතිගත සංස්ථාව ය. එහි ප්‍රධානීන් දෙදෙනා අමතා ඇමති වසන්ත සමරසිංහ උපදෙස් දුන්නේ සහල් ආනයනය කිරීමට ටෙන්ඩර් පත් ඉදිරිපත් කරන ලෙසත් එම ටෙන්ඩර් පත් අවලංගු වන ආකාරයට ඉදිරිපත් කරන ලෙසත්ය. වැඩේ එසේම විය.
ඉදිරිපත් වූ ටෙන්ඩර් අතරින් රජයේ පාර්ශ්වයන් ඉදිරිපත් වූ ටෙන්ඩර් දෙකම අවලංගු විය. නැවත ඉදිරිපත් කරන ටෙන්ඩර් දෙකද පෙරසේම අවලංගු වන ලෙස ඉදිරිපත් කරනලෙසට දෙවන වරටත් ඇමති වසන්ත සමරසිංහ ගෙන් උපදෙස් ලැබුනි. රජයේ පාර්ශ්වය ඉදිරිපත් කල ටෙන්ඩර් පත් දෙක සේම තවත් ටෙන්ඩර් පත් දෙකක් අවලංගු කෙරිණි. ඒ ජවිපෙ වෙනුවෙන් වසර ගනනක් දරදිය ඇද්ද ජවිපෙට කෙනෙක් සත පහක් නොදෙන කාලේ ජවිපෙට මුදල් වියදම් කල ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරිපත් කල ටෙන්ඩර් පත්‍ ය. අනෙක් ටෙන්ඩර් පත් වලට අවසර ලැබුණි. ඒ නිකං නොව ආනයනය කරන සෑම සහල් කිලෝවක් සදහාම රුපියල් පහක කොමිස් මුදලක් අතයට ඇමතිට ලබාදිය යුතු පොරොන්දුව මතය. රජයේ පාර්ශ්වයෙන් සහ ජවිපෙ සාමාජිකයන් දෙදෙනාගෙන් අතයට කොමිස් මුදල් ලබා ගැනීමට බැරි නිසා එම ටෙන්ඩර් පත් අවලංගු වීම පුදුම වියයුතු දෙයක් නොවේ. එය බොරු නම් විෂය භාර ඇමති වරයා ලෙසට වසන්ත සමරසිංහ සතොස සහ රාජ්‍ය වාණිජ ( විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් දෙදෙනා ඒ මොහොතේම ඉවත්කල යුතුව තිබුණි. ඒ ඔවුන් පුරුදු වෙන්න ටෙන්ඩර් පත් ඉදිරිපත් කරන ආයතන නොවන නිසාය. ඇමති වසන්තට එසේ කිරීමට බැරි එම ආයතන වල ප්‍රධානීන් එසේ කලේ ඇමති වසන්ත ගේ නියෝග නිසාවෙනි.
එතැන් සිට අද දක්වාම ඇමති වසන්තගේ සහල් කොමිස් වැඩේ නැගලා යයි. 2025 ජනවාරි මස හරියටම තෛපොංගල් දිනයේ විශේෂ ගැසට නිවේදනයක් නිකුත් විය ඒ දේශීය වෙළදපොලේ කීරි සම්බා හිගයට පිළියමක් ලෙසට ඉන්දීය පුන්නි සම්බා ආනයනය කිරීමටය. සාමාන්‍යයෙන් දකුණු ඉන්දියාවේ තෛපොංගල් උත්සවය සදහා සතියක නිවාඩු ලැබෙන නිසා එම සතිය තුල තූත්තුකුඩි වරායෙන් කිසිදු භාන්ඩ නැව්ගත කිරීමක් සිදුවන්නේ නැත. එය නිතීයට එහා ගිය සම්ප්‍රදායකි. නමුත් පුදුමයට කාරණය නම් ලංකාවේ පුන්නි සම්බා ආනයනයට ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර ලංකාවට එවීමට තූත්තුකුඩි වරායෙන් පුන්නි සම්බා සහල් නැව් 4 ක් පටවා තිබුණි. ඒ කියන්නේ ඇමති වසන්තට කොමිස්දෙන 4 වන සහ 5 වන හරස් වීදියේ ව්‍යාපාරිකයන් එම නිකුත් වීමට නියමිත ගැසට් පත්‍රය ගැන දැනුවත් ය.
හොඳම වැඩේ උනේ ඊටපසුව. දේශීය වෙළද පොලේ පුන්නි සම්බා කිලෝවක් රුපියල් 240 ට මිළ වෙන විට ජනාධිපති අනුර කුමාරගේ පාලන මිළ ගැසට්ටුව නිසා නාඩු සහල් කිලෝවක් මිළ රුපියල් 230 ක් විය. පාරිභෝගිකයන් නාඩු සහල් වෙනුවට පුන්නි සම්බා පාරිභෝජනයට හුරු විය. වෙළදපොළේ නාඩු සහල් විකිණීම අඩාල විය. ප්‍රධාන සහල් මෝල් හිමියන් වෙළද පොළට නාඩු සහල් නිකුත් කිරීම සීමාවිය. නොවිකිණූ නාඩු සහල් මිළ කිලෝවක් රුපියල් 230 සිට රු 130 දක්වා පහත වැටුණි. ඒ පාඩුව සපුරා ගැනීමට මෝල් හිමියන් වාඩුව ගත්තේ ගොවීන්ගෙන් ය. ඒ ඔවුන් රුපියල් 6800 කට මිළදී ගත් තෙත වී කිලෝ 64 මිටියක් රුපියල් 5000 දක්වා මිළ පහත දැම්මාය. වියලූ වී කිලෝ 64 ක මිටියක් රුපියල් 6600 ට මිළ නියම කර ඇතත් ගොවීන් සංතකයේ ඇති වී මිළදී ගැනීමට කිසිවකුත් ඉදිරිපත් වෙන්නේ නැත.
පෙරදී ද ඩඩ්ලි සිරිසේන අරලිය සහල් මෝලෙන් දිනකට කීරිසම්බා කිලෝ ලක්ෂයක් වෙළද පොලට නිකුත් කල අතර දිනකට ඔවුන්ගේ සහල් මෝලෙන් සාමාන්‍ය වශයෙන් සහල් ලොරි 45 ක් වෙළද පොල වෙත නිකුත් කලද දැන් දිනකට වෙළද පොල වෙත එන්නේ සහල් ලොරි 8 කි.
ඒ ගැන වැඩියෙන්ම සතුටු වී ඇත්තේ ඇමති වසන්ත සමරසිංහය. ඒ අද ලංකාවේම සහල් වෙළදපොල පාලනය කරන්නේ වසන්ත සමරසිංහට කොමිස් ලබාදී ඔහුට වසන්ත උදානය උදාකර දුන් 4 වෙනි සහ 5 වෙනි හරස් වීදියේ සහල් වෙළෙන්දන්ය. ඔවුන්ගේ ඉතිහාසය සොයා බැලුවොත් එම වෙළෙන්දන් 2009 ට පෙර එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් මාසිකව අයබදු ගෙවූ අයය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *