අනුරාධපුර ප්‍රදේශයේ පාළොස් හැවිරිදි දැරියක් පල්ලේගම හේමරථන හිමියන් විසින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළ නඩුවේදී ළමා රක්ෂණ අධිකාරියේ නිළදාරින් කටයුතු කළ ආකාරය සමිබන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයේන් දැඩි දෝෂාරෝපනයක් එම නිළධාරින්ට කර ඇති බව වාර්ථාවෙි.
පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන පසුගිය 05 වන දින පාර්ලිමෙින්තුවට කැදවා සිදු කළ සාකච්ජාවෙි දීය.එහිදී කමිටුව ඉදිරියට පොලීසිය ,ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියවන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ සහ එහි නීතීඥ සංජීවනී අබේකෝන් යන අයවළුන් කැදවා තිබුණි.එහිදී කමිටු සභාපතිනිය අභිබවා යමින් කමිටු සාමාජික නීතීඥ ලක්මාලි හේමචන්ද විසින් කාන්තාවකට නුසුදුසු අන්දමින් ලමාරක්ෂක අධිකාරියේ සහපතිතුමියට සහ නීතීඥ සංජීවනී අබේකෝන්ට බැන වැදී ඇත.
”ඔයත් නිතිඥවරියක් , මමත් නිතිඥවරියක්, හැබැයි ඔයා එදා නඩුව දවසේ හැසිරුණේ මිඩියා ෂෝ එකකට ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න,එකේන පොලිසියත් අපහසුතාවයට පත් කළා.තමන්ගේ සීමාව දැන ගෙන වැඩ කරන්න.මේවා එහෙම මාද්‍යයේ ගියොත් ඔක්කොමලා වරප්‍රසාද කම්ටුවට ගෙනැල්ලා ප්‍රශ්න කරනවා.”යැයි මන්ත්‍රිවරිය පවසා ඇත.එහි දී නිතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිළදාරියාද ඊට සහයෝගය පළ කරමින් කටයුතු කර තිබෙි.
රැස්වූ කමිටුව කියා සිටියේ ඊලග නඩු දිනයේදී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිධි නීතිපති දෙපාර්තමේන්තුවෙන් රජයේ නීතීඥයකු නඩුව මෙහෙයවීමට අධිකරණය වෙත යනබැවිත් නීතීඥ සංජීවනී අබේකෝන් ට උසාවියට ගොස් නිහඩව සිටින ලෙසය.ලක්මාලි හේමචන්ද්‍ර ළමාරක්ෂක අධිකාරියේ සභාපතිතුමියට නීතී නිළධාරිනී සංජීවනී අබේකෝන් ඍජුවම කීවේ මේ කරුණු මාධ්‍ය වෙතට ගියොත් පාර්ලිමේන්තුව වරප්‍රසාද කමිටුව වෙත කැදවා කෙළවලා ගන්නා බවයි.
අවසානයේ ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ඇතුලු පිරිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මියට පවසා ඇත්තේ දැන්නම් මේකේ ඉන්නවාට වඩා ඉවත් වන එක සුදුසු බව යනුවෙනි.

