පොලිස්පතිගේ යාලු කිත්සිරිට දෙවැනි හොදම පළාත

කොළඹට දෙවැනි හොදම පළාත ලෙස සැලකෙන මධ්‍යම පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා සමග එකට කොස්තාපල් ලෙස සේවයට එක්වු දැනට දකුණු පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත්ට ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව දැනට මධ්‍යම පළාතභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඒ අනුව දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පති කිරිමට නියමිත බව සදහන්වේ.පතිනායක හා පොලිස්පති වීරසුරිය අතර ගැටුමක්ද පවතින අතර මේවනවිට පොලිසියේ ජේෂ්ඨතමයා වන්නේ ද ලලිත් පතිනායකය. ඊට අමතරව දැනට පාතාල ක්‍රියාකරකම් වැඩි
වශයෙන් සිදු වන්නේද දකුණු පළාතේ වන අතර එය පාලනය කර ගැනිමට ද පොලිස්පතිවරයාගේ යාලුවාන කිත්සිරිට නොහැකිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *