ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL ) වර්තමාන පාලනය තුළ මෝටර් රථ ණය මුදල් ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවට සේවකයන් මැසිවිලි නගයි.
ආයතනය B / C ශ්‍රේණි වශයෙන් ලබා දෙන යතුරුපැදි ණය මුදල රුපියල් ලක්ෂ හතක උපරිමයකට වැඩිකර ඇති අතර එම උපරිමයට අයත් සීමාවන්ට අනුව යතුරුපැදි ණය මුදල ලබා ගැනීමට ගිවිසුම් කොන්දේසි පනවා ඇත්තේ සේවකයන්ට අවාසි සහගත තත්ත්වයන් නිර්මාණය වන පරිදි බව වෘත්තීය සමති පෙන්වා දෙමින් පවසන්නේ CPC හා CPSTL ආයතන දෙකට එකම කළමනාකාරීත්වයක පාලනය දෙවිදියකට යතුරු පදි ණය මුදල ලබාදීමේ සහ අයදුම් කිරීමේ පිළිවෙත් දෙකක් අනුගමනය කරමින් කටයුතු කරන බවයි.
චක්‍ර ලේඛනයක් මගින් ගිවිසුම් ගත කොන්දේසි දැඩිව බලපාන අයුරින් නව යතුරුපැදී ණය මුදල ලබාදීමේදී කොන්දේසි පනවා ඇතත් ,විධායක නිලධාරින් සඳහා ලබා දෙන ඉහළම ණය මුදලක් වන රථ වාහන ණය මුදල ලබාදීමේදී ආක්‍රමිකතා සිදුකරන නිලධාරීන්ට කිසිදු විනය ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රවණතාවයක් ආයතනයේ වර්තමාන ඉහළම කළමනාකාරවරුන් ඔවුන්ගේ උවමනා එපා කම් මත කටයුතු කරන බවයි.
තදාසන්නම අක්‍රමිකතාවයක් සහ දූෂිත සිදුවීමක් ලෙස සේවකයන් පෙන්වා දෙමින් මැසිවිලි නගන්නේ ආයතනය විගණන අංශයේම නිලධාරිනියක් වන සකුන්තලා තෙන්නකෝන් නැමැති විගණන නිලධාරිනිය ඇය විසින් මෝටර් රථ ණය මුදල ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති ලියාපදිංචි සහතිකයට අයත් මෝටර් රථය ගිවිසුම් ප්‍රකාරව මිලදීගෙන ගිවිසුම් කොන්දේසි වලට හා ආයතනයේ පරිපාලන නීති වලට අනුව අදාල ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෝටර් රථය මිලදී ගැනීමෙන් පසු ගිවිසුම් ප්‍රකාර මෝටර් රථයේ ලියාපදිංචි සහතිකය ආයතනය වෙත භාර දීම පැහැර හරිමින් එම මෝටර් රථය විකුණා එම මුදලින් වෙනත් මෝටර් රථයක් ලබාගෙන ගිවිසුම් ගත මෝටර් රථයේ ලියාපදිංචි සහතිකය වෙනුවට වෙනත් මෝටර් රථයක ලියාපදිංචි සහතිකයක් ලබාදීමට විගණන නිලධාරිනියක විසින් කටයුතු කිරීම ඉතා බරපතල විනය විරෝධී ක්‍රියාවක් සහ ඇයගේ වෘත්තියට අනුවද සාපරාදී ක්‍රියාවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.
වෙනත් සේවකයෙකු මෙම බරපතල ගනයේ වරදක් සිදු කළේ නම් මේ වන විට වැඩ තහනමට ලක් කිරීම සිදුකරන අතර ඒ වෙනුවට වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇයට හිතවත් අධ්‍යක්ෂකවරයකු සහ නීතිය අංශයේ නිලධාරිනියක ,නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙකු,සහ අදාල රථ වාහන ණය මුදල රාජකාරී මෙය වශයෙන් පවරා ඇති නිලධාරියාගේ උවමනාව මත මෙම බරපතල ගණයේ වංචනික ක්‍රියාව යට ගසා ඇති බවයි.
සේවකයන් පවසන්නේ පසුගිය කිසිදු රජයක පරිපාලන ක්‍රියාවලිය තුළ විගණන නිලධාරී මෙවැනි බරපතල ගණයේ විනය විරෝධී සහ වෘත්තීය මය වරදක් සිදුකිරීම ඊට අනුබල දීම සිදු කළේ නම් මේ වන විට නීත්‍යානුකූලව ඇයට දඬුවම් ලබාදීමට කටයුතු කලත් වර්තමාන රජයෙ ඉහළ නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික හිතවත්කම් මත මෙවැනි වංචනික ක්‍රියා යටගසන බවයි.
වෘත්තීය සමීති නිලධාරියෙකු අප වෙත පවසා සිටියේ මෙම නිලධාරිනියගේ ස්වාමිපුරුෂයා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස කටයුතු කරන බැවින් සහ ඇයගේ පියා හිටපු බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙහෙවින් දායකත්වය ලබා දී ඇති ක්‍රියාකාරිකයකු බැවින් මෙම නිලධාරිනියගේ මෙම විනය විරෝධී ක්‍රියාවලිය හිතවාදීන් ලෙස යට ගැසීමට දැඩිව කටයුතු කරන බවයි.
වර්තමාන රජයට සම්බන්ධ වෘත්තීය සමීති ව්‍යාපාර කීපයකම නිලධාරීන් පෙන්වා දෙමින් පවසන්නේ පසුගිය ආණ්ඩු වල සිදුවූ බරපතළ දූෂණ වංචා මෙම විගණන නිලධාරිනිය විසින් යට ගසා ගැනීමට අල්ලසක් ලෙස මේම වංචනික ක්‍රියාව යට ගසා ගැනීමට උදව් උපකාර කරන බවයි.
වර්තමාන රජයට පක්ෂපාතීත්වයක් පෙන්නුවමින් ඉහළ නිලධාරීන් ඇයගේ මෙම වංචනික ක්‍රියාව යට ගැසීමට කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ට හිතෛෂී පාර්ශ්වයන් දෙකක් වන ණය මුදල ලබා ගත් නිළධාරිය සහ ණය මුදල ලබා දුන් නිලධාරියා දූෂිත රාජපක්ෂවරුන්ගේ දේශපාලන ක්‍රියාවලියේ ප්‍රධානතම පවුල්වාදින් වන බැවිනි.
රජයට සම්බන්ධ ප්‍රධාන වෘත්තීය සමීතිය එළඹෙන සතිය තුළ මේ පිළිබඳව පොදු සේවක සංගමයේ සභාපති චන්දන සූරියාආරච්චි මන්ත්‍රීවරයා වෙත මේ පිළිබඳව පැමිණිළී කිරීමට කටයුතු කරනු ඇති බවයි.
බල ශක්ති අමාත්‍යාංශයේ විගනණ නිලධාරීන්ට මේ පිළිබඳව මානව සම්පත් කළමනාකරන කාර්යාංශයේ මෝටර් රථ ණය මුදල් ලබා දෙන රාජකාරී පවරා ඇති විධායක නිලධාරී වරයාගෙන් සහ ලිපි කාරිනියගෙන් මේ පිළිබඳව බල ශක්ති අමාත්‍යාංශය වෙත අදාල ලිපිගොනු මොවුන් සමග කැඳවා පරීක්ෂා කිරීමේදී මෙම මහා වංචාව හෙළිකර ගත හැකි බවයි.

