සජබ මහනුවර නායකත්ව  පුටුව කිරිඇල්ලගේ  දෝණිට දිමෙන් අවුල්

මහනුවර දිස්ත්‍රික්  සමගි ජන බලවේගයේ නායකත්වය කිසිවෙකුට ගන්නට ඉඩ නොදී,මහනුවර දිස්ත්‍රික් සජබ ආසන බල මණ්ඩල සභාපති ධූරය තම දියණියට ලබා දුන්  සජබ දිස්ත්‍රික් නායකයාට සුජිව සේරසිංහ මහන්ත්‍රිවරයාගේ අප්‍රසාදය එල්ල වී  තිබෙන  බව දේශපාළන ආරංචි මාර්ග සඳහන් කරයි.

සජබ මහනුවර දිස්ත්‍රික්  බල මණ්ඩල නායකත්වය පක්ෂයේ නායක සජිත් පෙු්මදාස  මහතා හෝ පක්ෂයේ මහ ලේකම් වරයාගේ  අනුමැතියෙන් ලබා දුන්නක් නොව එය කිරිඇල්ලගේ හිතුමතයට දුන් තනතුරක් බව සේරසිංහ මන්ත්‍රිවරයා පවසා ඇත.

මහනුවර  කිසිදු සජබ සංවිධායකයෙකුට හිස ඔසවන්න ඉඩ නොදෙන කිරිඇල්ලගේ ඒකාධිපති පක්ෂ සංවිධානය පිළිබඳව ඔහුට සමීපව සිටි ප්‍රාදේශීය දේශපාළනඥයන්ද විවේචන මුඛයෙන් කතා කරයි.

තිස්ස අත්තනායක වැනි සජබේ ක්‍රියාකාරීන්ද ඉවතකට දමා  දියණිය නායකත්වයට  ගෙන ඒමට දැඩි  උත්සාහයක යෙදෙන බවටද ,මහනුවර සජබ  ක්‍රියාකාරීන් රැසක් පැවසූහ.

මේ අතර සජබ මහඇමති අපේක්ෂකත්වය සඳහා නවීන් දිසානායක සහ විශ්‍රාමික විශ්ව විද්‍යාල මහාචාර්ය  උපුල් දිසානායක යන මහත්වරු අතරද ශීතල යුද්ධයක් හටගෙන තිබේ,කොයි පක්ෂයෙන් ආවත්  මමයි මහ ඇමති අපේක්ෂක යැයි ව නවීන් දිසානායක පවසයි.සජබෙ සහ එජාප එක්වූණොත් තමන් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වනවාමැයි නවීන් පවසයි.

තමන්ට මහ ඇමති අපේක්ෂකත්වය  සජබෙන් ලැබෙනු ඇතැයි මහාචාර්ය උපුල් දිසානායක ඇඟිළි ගනිමින් සිටී,ලක්ෂ්මන් කිරිඇල්ල  සන්තෝෂ නොකලොත් උපුල් දිසානාකටත් දේශපාළනය එපාවේ යැයි ,සජබ ක්‍රියාකාරීන් කීප දෙනෙක් පවසති.කෙසේ වෙතත් කිරඇල්ල දෝණිට සජබ මහනුවර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල සභාපති පුටුව දී ඇත්තේ පක්ෂ නායකත්වයේ එකඟත්වය මත නොව කිරිඇල්ලගේ හිතුමතේට බව සජබ නායකයන් පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *