සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිනී කාක්කා

මළකුණකට පොරකන්නේ තිරිසන් සත්ව කොට්ඨාස පමණි.එහෙත් අද අපට මළකුණු වලට පොර කන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙන්චයියෙකු පිළිබඳව තොරතුරු ලැබි තිබෙි.

රන් සිළු නැමති මල්ශාලා හිමිකරු වන සංජීව නමැති පුද්ගලයා සක්‍රීය දේශපාලනයේ නිරත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ  රියදුරු රැකියාවකද නිරත වෙයි.රැකියාව පසෙක දමා මොහුගේ පාතාල සම්බන්ධතා උපයෝගී කරගනිමින් කොළඹ වටේම තිබෙන රෝහල්වල මළකුණු ටික තමන්ගේ මල්ශාලාවට ගෙන යාමට  උත්සාහ කිරීම ඉතාමත් පිළිකුල් සහගතය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ද මොහුට රිසිසේ රඟන්නට ඉඩ ලබා දී ඇත්තේ ඔවුන්ට ලැබෙන ගතමනාවද සතුටුදායක බැවින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුට අපට පැවසීය.

දුරබැහැර ප්‍රදේශවල  මෘත ශරීරවලට මොහු මහත් ප්‍රියත්වයක් දක්වයි.එයට හේතුව ලැබෙන ගත මනාව අධික නිසාය. මොහුගේ තැ‍රැව්කරුවෝ දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් වන අතර මොවුන් රෝහල්වල සුළු සේවකයන් තඹයකටවත්  මායිම් කරන්නේ නැත.දින කිහිපයකට පෙර විශවේද ආයතනය තුළට මළ සිරුරක් ඩැහැගන්නට පැමිණි මොහුගේ හෙන්චයියෙකු එහි ආරක්ෂක නිලධාරියකුට පහර දුන්නේ සියල්ලන්ම ඉදිරියේය. එවිට එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් මොහුව  අත්ඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණේ දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු බවයි. මේ වන විට එම ආරක්ෂක නිලධාරියාට මෙම මල්සාලා හිමිකරු විසින් මරණ වරෙන්තු නිකුත් කර ඇති බව එම සේවකයා පවසනවා.පාතාලය මැඩලීමට සිටින අංශ රාජ්‍ය සේවකයන් ලෙස වෙස් වලාගෙන සිටින පාතාලයන් පිළිබඳව අවධානය යොමුවෙන තෙක් අප අවධානය යොමු කරගෙන සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *