පසුගිය පෙබරවාරි මාසයේ දී නිට්ටඹුව පොලීසියට ලද තොරතුරු මත ලැඟුම් හලක කරන ලද කරන සෝදිසි කිරීමේදී වයස අවුරුදු 14 ක දැරිවියක් තරුණයකු සමග සිටියදී අත්ඩංගුවට ගෙන තිබුණි.
මෙම දැරිවිය අනුරාධපුර , කැදෑව , වැලෑව පදිංචි එස්.එස්.එන්. ඉසුරි කුමාරි නම් විය. ඇයගේ මව අනුරාධපුර පූජා භූමියේ සෑම කෙනෙකුම හඳුන්වන්නේ පැණි අම්මා ලෙසිණි .
පොලිස් අත්ඩංගුවට පත් මෙම දැරිවියගෙන් නිට්ටඹුව පොලීසියේ ළමා සහ කාන්තා කාර්‍යාශයේ නිලධාරිනියක් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ 2023 වසරේ දී එනම් ඇයට වයස අවුරුදු 11 දී එවකට රුවන්වැලිසෑය භාර මහානායක පල්ලේගම හේමරතන හිමියන් විසින් දූෂණය කර ඇති බවය. ඒ වන විට ඇයගේ වයස අනුව මෙය ඇගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීම සිද්ධ වුවද එය රටේ පවතින නීතියට අනුව බාළවයස්කාර ස්ත්‍රී දූෂණයකි. තව දුරටත් ඇය කියා ඇත්තේ තමාව දූෂණය කිරීමට පල්ලේගම පල්ලේගම හේමරතන හිමියන්ට ලබා දුන්නේ ඇගේ මවත් පියාත් යන දෙදෙනාය. හාමුදුරුවන් විසින් තමාව දූෂණය කල පසු රුධිරය තැවරී තිබූ තමන්ගේ යට ඇඳුම් ෂොපිං බෑග් එකක දමා ඇඟේ ගෙවත්තේ වළ දමන ලෙසට මෙම චීවරධාරීයා උපදෙස් දී ඇත.
ඇයගේ එම ප්‍රකාශය මත එම ඇඳුම් පාර්සලය පොලිස් භාරයට ගෙන ඇත. ඇය අත්ඩංගුවට පත්වන විට ඇය සමග කාමරයේ සිටි බස් කොන්දොස්තරවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඔහුට විරුද්ධව නඩු පැවරීමට පොලීසිය කටයුතු කරමින් සිටීයි. ඉන් ටික දිනකට පසුව පොලීසිය කලේ පරිවාස භාරයේ සිටි මෙම දැරිවිව රාගම රෝහලේ මොනෝවෛද්‍ය ඒකකය වෙත යොමුකර නේවාසික ප්‍රතිකාර ලබාදීමය. එසේම පොලීසිය සහ රාගම රෝහල විසින් පොලිස් ජාතික කාන්තා සහ ළමාරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දී ඇත.
වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් රවී සෙනවිරත්නටද මෙය දැනගන්නට ලැබී ඇත. ඒ ඔහුගේ බාප්පා වන මෙම ළමා ස්ත්‍රී දූෂණය සිදුකල අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම විමලරත්න ගෙනි. වහාම ක්‍රියාත්මක වූ රවී සෙනවිරත්න තම බාප්පාට එරෙහිව අදාල පරීක්ෂණය යට ගසන ලෙසට එම ඒකකය වෙත බලපෑම් කර ඇත. ඇය එසේ ප්‍රතිකාර ලබා ගන්නා අතර තුර ස්වාධීන මාධ්‍යවේදී බිමල් රුහුණගේ යන අයට ඔහුගේ පුද්ගලික තොරතුරු කරුවකු විසින් මෙම දැරිවිය පිළිබදව දැනුම් දී ඇත. කරුණු සනාථ කර ගැනීමෙන් අනතුරුව ඔහු විසින් පසුගිය අප්‍රේල් 22 වනදින ජාතික කාන්තා හා ළමාරක්ෂණ අධිකාරිය වෙත පුරවැසියෙකු ලෙස අංක CC/26/04/427 යටතේ පැමිණිල්ල ක් ඉදිරිපත් කර ඇත. ඒ වන විටත් එම අධිකාරිය එම ළමා ස්ත්‍රී දූෂණය ගැන දැනුවත්ව සිටියද ලේකම් රවී සෙනවිරත්නගේ බලපෑම නිසා නිහඩව සිට ඇත. මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් කරන ලද පැමිණිල්ල නිසා පොලීසියට සහ ජාතික කාන්තා සහ ළමාරක්ෂණ අධිකාරියට නිහඩව සිටීමට බැරිවූ අතර මෙම අපරාධය සමාජගත විය.
මෙම දැරිවියගෙන් තව දුරටත් කරුණු විමසූ පොලීසියට හෙළිදරව් වූයේ 2024 දෙසැම්බර් මස දිනක තමාගේ අම්මා සමග පැණි රැගෙන දඹුල්ල ආර්ථික මද්ධ්‍යස්ථානය වෙත ගිය අවස්ථාවේ දී එහි කාන්තා වැසිකිළිය තුලදී දුටුවොත් හඳුනාගත හැකි පුද්ගලයකු විසින් ඇගේ කැමැත්ත ඇතිව ඇයව දූෂණය කර ඇති බවයි. නමුත් ඇය බාලවයස්කාරියක් නිසා එයද ඇයගේ කැමැත්ත නැතිව අපහරණය කර ඇයව දූෂණය කිරීමේ වරදක් ලෙස පොලීසිය විසින් ලේඛන ගතකර පරීක්ෂණ පවත්වයි.ඒ අනුව ආදාළ සැකකරුද මේ වන වවිට අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙි.
දැරිවියගේ ප්‍රකාශ වල සම්පිණ්ඩනයක් සහිතව ගම්පහ කොට්ඨාස කාන්තා හා ළමා කාර්‍යාශය විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම දූෂණය පිළිබදව කරුණු වාර්තා කර ඇත. පොලීසිය විසින් පරීක්ෂණ පවත්වා තිබියදී ( වින්දිත දැරියගේ ප්‍රකාශ මත ඇයව වසය අවුරුදු 11 දී දූෂණය වූ දින ඇය විසින් වළදමා තිබූ ඇඟේ යට ඇඳුම් සොයාගෙන ඇත. ) එහෙත් ප්‍රධාන සැකකාර හිමි නම මේවනතෙක් අත්ඩංගුවට ගෙන නොමැත. කෙසේ වෙතත් මේ වනවිට රටතුළ මෙම සිද්ධිය ප්‍රධාන මාතෘකාවක් බවට පත් විමත සමග වහාම සැකකාර පල්ලේගම හේමරථන හිමියන් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
මේ අතර බාල වයස්කාර දැරියවරින්වර දූෂණයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන පොලිස් විමර්ශණ කටයුතු වලට අවශ්‍ය පල්ලේගම හේමරථන හිමියන් මේ දිනවල ඓතිහාසික කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන සංඝ මූලස්ථානයක රහසිගතව වැඩ වසන බව එම සංඝ මූලස්ථානයේ ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසිවෙකුට ලඟාවීමට නොහැකි අධි ආරක්ෂිත කලාපයක්ව පවතින එම මූලස්ථානයට යාමට ඇති මාර්ගයේ සිට ,එම මූලස්ථාන පරිශ්‍රය පුරා ආරක්ෂිත කැමරා පවා සවි කර තිබෙන අතර පැය 24 පුරා අඛණ්ඩව ආයුධ සන්නද්ධ හමුදා පොලිස් මුරකාවල් තියන මෙහි ගොස් ළමා දූෂණ අපචාර සිද්ධියට සැකකර පොලීසිය සොයන චීවරධාරී යාගෙන් ප්‍රශ්ණ කරන්නේ කුමන බලවතාද යන්න එම සංඝ මූලස්ථානයේම ඇතැම් බුද්ධ පුත්‍රයන් ප්‍රශ්ණ කරයි.
කෙසේ වෙතත් ඒ ගැන වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ අනුරාධපුර මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මෙම ළමා ස්ත්‍රී දූෂණයට සම්බන්ද බවට සැකකරන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන සමග සමීප සම්බන්දතාවයක් ඇති බවත් ඔහුටද එම චීවරධාරීයා විසින් යහන් ගත වීමට තරුණියන් ලබා දී ඇති බවත් ය.
ළමා ස්ත්‍රී දූෂක ලෙසට සැක පල්ලේගම හේමරතනගේ පැටිකිරිය ඒ තරමට අපූලය. ඔහු ප්‍රශ්න ගත ළමා දූෂණය සිදුවන විට විහාරාධිපති ලෙස සිටියේ රුවන්වැලිසෑය භාරවය. ඒ වන විට අටමස්ථානාධිපති ලෙස සිටියේ පල්ලේගම සිරිනිවාස හිමියන් ය. ඔහු සහ හේමරතන යනු දෙමස්සිනාලාය. රවී සෙනවිරත්නට ඒ දෙන්නාම බාප්පලා ය. පල්ලේගම සිරිනිවාස යනු ප්‍රසිද්ධියේ ප්‍රභා නම් කාන්තාව සමග අනියම් සම්බන්දයක් පැවැත්වූ අයෙකි. ඇයට සිරි නිවාසට දාව දියණියක් සිටීයි. අදටත් අනුරාධපුර ඇති කීර්ති ඉලෙක්ට්‍රික් ආයතයේ අයිතිකරු විවාහ වී සිටින්නේ ඇය සමගය.
සිරිනිවාස මිය පරලොව ගිය පසු ඔහුගේ දේපළ පිළිබදව අධිකරණය ඉදිරියේ නඩුවක්ද විභාග විය. ඒ ඔහු සතුව තිබූ ටොයෙටා කේඩීඑච් වෑන් රථයක් ඩිෆෙන්ඩර් ජීප් රථයක් ඉඩම් සහ කෝටි ගානක මුදල් තිබ්බේ ඔහුගේ අනියම් බිරිඳ වූ ප්‍රභා ලගය. ඔහුගේ දියණිය සහ දියණියගේ ස්වාමිපුරුෂයා භාරයේය. එම චංචල සහ නිශ්චල දේපළ පිළිබදව අයිතිය තහවුරු කරන සහ ඒවා ඔවුන්ට පැවරූ ලේඛන වල ඇත්තේ පල්ලේගම සිරි නිවාස ගේ අත්සන බව පරීක්ෂණ වලදී හෙළිදරව් විය. එවැනි ඉතිහාසයක් ඇති අයකුගේ ඇවෑමෙන් එම පදවියට පත්වූ ඔහුගේම මස්සිනා ගෙන් ඊට වඩා අමුතු දේවල් බලාපොරොත්තු විය නොහක.
මෙවැනි අපරාධයක් සිදුව ඇති මොහොතක ලංකාවේ කාන්තා සහ ළමාරක්ෂණ ඇමතිතුමියගේ භූමිකාව ඊට හපන් ය. කයිවාරු ගසන ආණ්ඩුවේ තවත් අසමත් ඇමතිනියක් වන්නේ සරෝජා පෝල්රාජ් ය. මේ ඇය අසමත් බව ප්‍රසිද්ධියේ පෙන්වන තුන්වන අවස්ථාව ය.
- මීට වසරකට පෙර එනම් ගියවසරේ මැයි මාසයේදී වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ ඉගනුම ලැබූ දැරියක්ව එම විදුහලේම ගුරුවරයෙකු අතින් දූෂණය වී තිබුණි. එම දැරිය විසින් බම්බලපිටිය පොලීසිය වෙත කරනලද පැමිණිල්ල ප්‍රකාරව සැකකරු අත් ඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතනොකර පොලීසිය විසින් ඇපලබාදී තිබුණි. එම දැරියට සිදුවූ අපරාධ වෙනුවෙන් සාධාරණයක් ඉටුනොවීම නිසාත් මාලිමා ආණ්ඩුවට සම්බන්ද ටියුෂන් මාස්ටර් කෙනෙක් ඇයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසාත් ඇය පදිංචිව සිටි මට්ටක්කුලිය මහල් නිවාසයෙන් බිමට පැන මියගියාය. මිය ගිය දැරිවිය ද්‍රවිඩ ජාතිකයකු වූ අතර ද්‍රවිඩ ජාතික සම්භවයක් ඇති සරෝජා පෝල් රාජ ඇමතිනිය මිය ගිය දැරිය පිළිබදව කිසිදු සහ කම්පනයක් දැක්වූයේ නැත. එම මරණය පිළිබදව ඇයගේ අමාත්‍යාංශය ඉදිරියේ උද්ඝෝෂණ කල අයගේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් හෝ ඇය ලබා දුන්නේ නැත. ඒතරමට ඇගේ උද්දච්ච භාවය ප්‍රදර්ශනය කලාය. අඩුම තරමින් ස්ත්‍රී දූෂක ගුරුවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමට තියා ඔහුගේ වැඩ තහනම් කිරීම කෙසේ වෙතත් ස්ථාන මාරුවක් දීමට හෝ මැදිහත් වීමට ඇයට බැරි විය.
- කොළඹ මහානාම විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියකු විසින් එම පාසලේ බාල වයස්කාර පිරිමි ළමුන් 13 දෙනෙකු විටින් විට අපයෝජනය කර තිබුණි. ඒ පිළිබදව පැමිණිලි කලවිට ළමා සහ කාන්තා ඇමති ලෙසට ඇය කිසිදු ක්‍රියාමාර්ග යක් ගත්තේ නැත. අඩුම තරමින් එම දරුවන් අපයෝජනය කල ආරක්ෂක නිළධාරියා අනුයුක්තව සිටි ආරක්ෂක අංශය හෝ මහානාම විදුහලෙන් ඉවත් කිරීමටවත් ඇයට නොහැකි විය.
- අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන විසින් අවුරුදු 11 ක වයසේ සිටි දැරියක් දූෂණය කරීම ගැන ළමාසහ කාන්තා කටයුතු භාර ඇමතිනිය ලෙසට ඇයට වගේ වගක් නැත.අපට හිතෙන්නේ මේ දරුවන් දූෂණය කරපු එකෙක් හෝ පැමිණ ඇමතිතුමියව දූෂණය කරලා යනකම් බලා ඉන්නවා කියාය.
වත්මන් ආණ්ඩුව මැති ඇමතිවරු වරියන්ගේ හොඳටම ඇත්තේ පම්පෝරිය සහ ඉහට උඩින් යන උද්දච්ච කමය. අධිකරණ ඇමති අධිකරණයේ වෙන්නේ මොනාද දන්නේ නැති නිසා ඉහත අපරාධ වලදී ඔහුගේ හැසිරීම නිෂ්ක්‍රිය මට්ටමේ ඇත්තේ ඒ නිසාය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ කරන්න බැරි ඇමතිකම් බදාගෙන ආණ්ඩුව පීචං කරමින් තමනුත් පීචං නොවී නාඩිය වැඩ සටහනට දේශපාළුවන් ගෙන් ප්‍රශ්න ඇසීමට එන දුවෙකුට සහ පුතෙකුට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය භාරදී ඔබලාගේ දෙමාපියන්ට පිං අනුමෝදනා නොකර පඩුවේ සිටීම හොඳ බවය.

