නුවරඑළිය මහ නගර සභාව වසන්ත සැණකෙළිය සඳහා වීථීවල සවිකිරීමට මිළදීගත් වීථී ලාම්පු මිළදී ගැනීම සිදුකර ඇත්තේ නගර සභාවේ මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරව බව විපක්ෂ මන්ත්‍රීවරු නගන චෝදනාවට නගර සභාවේ නාගරික කොමසාරිස් සහ ප්‍රධාන ගණකාධීකාරීවරයා පිලිතුරු ලබා නොදි මග හරින බව නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 97 (97.31000. 00) වටිනා මෙම විදුලි උපකරණ මිළදී ගැනීමේදී ඒවා පිළිබඳව නගර සභාවේ තාක්ෂණ නිලධාරියා පරීක්ෂා කල යුතු වුවද ,ඒවා සොයා බලා මිළදී ගෙන ඇත්තේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි භටයෙකු බවද ,විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරයි.
මෙම විදුලි උපකරණ මිළදී ගැනීමේදී නගර සභාවේ මහජන බදු මුදල් අවභාවිතා වී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට විපක්ෂය චෝදනා කලද ,ඒවාට පිළිතුරු දීමට නගර සභාවේ ආණ්ඩු පක්ෂ දේශපාළන බල අධිකාරිය සහ වගකිව යුතු නිලධාරින් ඉදිරිපත් නොවන බවටද විපක්ෂය චෝදනා කරති.
මෙම මිළදී ගැනීම් වලට නගර සභාවේ නගරාධිපතිවරයා අත්සන් කර නැති බවද ,මෙම උපකරණ නගර සභාවේ තාක්ෂණ නිලධාරියා පරීක්ෂා කර නැති බවද විපක්ෂ සෘජුව චෝදනා කරයි.මෙම මිළදී ගැනීමේදී තත්ත්වයෙන් බාල වීථී ලාම්පු 500 ක් මිළදී ගෙන ඇති බවද ,නගර සභාවේ සේවකයෝ පවසති.නගර සභාවේ මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරව මෙම විදුලි උපකරණ මිළදී ගෙන ඇති නිසා,අදාළ මිළදී ගැනීම් ලේඛණ වලට නගරාධිපති වරයා අත්සන් කර අනුමැතිය දී නැති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන්කරයි

