රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැණ තර්ජනය කළ බවට චෝදනා ලැබ සිටින හේමාලී විජේරත්න, අධිකරණය හමුවේ පෙන්වන පරස්පර හැසිරීම දැන් දැඩි කතාබහට ලක්ව තිබේ.
විශේෂයෙන්ම තමන් නිවැරදිකාරිය බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකු, හදිසියේම අල්ලස් කොමිසම සමඟ “ඕනෑම කොන්දේසියක් යටතේ” සමථයකට යාමට සැරසෙන්නේ ඇයිද යන්න බරපතළ සැකයකට තුඩු දෙයි.
“ඕනෑම කොන්දේසියක්” යනු කුමක්ද?
නීතිමය ක්‍රියාවලියකදී සමථයකට එළඹීම සාමාන්‍ය දෙයක් වුවද, මෙහිදී සැකකාරිය පාර්ශවයෙන් ප්‍රකාශ වූ “ඕනෑම කොන්දේසියක්” යන වචනය තුළ සැඟවුණු අර්ථයක් තිබිය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය නීතියේ රැහැනින් ගැලවීම සඳහා විමර්ශන ආයතනය වෙත යොමු කළ වෙනත් ආකාරයක “අල්ලසක්” නොවේද යන ප්‍රශ්නය සමාජය හමුවේ මතු වේ.
තමන් වරදක් කර නැතිනම්, කළ යුත්තේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නීතිය හමුවේ ජයග්‍රහණය කිරීම මිස, ඕනෑම කොන්දේසියකට යටත් වී නඩුව යටපත් කර ගැනීමට උත්සාහ කිරීම නොවේ.
නීතියෙන් ගැලවීමට දරන උත්සාහයක්ද?
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට බැණ වැදී ඔවුන්ගේ ආත්මගෞරවයට හානි කර, දැන් එම ආයතනය සමඟම සමථයකට යාමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි. මෙවැනි සමථයක් හරහා ඇය උත්සාහ කරන්නේ මුදලින් හෝ වෙනත් ආකාරයක බලපෑමකින් තම වරද වසා ගැනීමටද?
නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණි නිලධාරීන්ට තර්ජනය කිරීම වැනි බරපතළ වරදක් සම්බන්ධයෙන් “කොන්දේසි සහිත සමථයකට” අවස්ථාව ලබා දීම හරහා නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්වීමේ අවදානමක් පවතී.

දූෂණයට එරෙහිව නැගී සිටින ආයතන වල වගකීම
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහි දූෂණ විමර්ශනය යටපත් කිරීමට ඇගේ දියණිය කළ මැදිහත්වීම සහ දැන් ඇය සමථයකට දක්වන උනන්දුව දෙස බලන විට, මෙවැනි ක්‍රියාවන්ට කිසිදු ඉඩක් නොතැබිය යුතු බව අපගේ විශ්වාසයයි. “ඕනෑම කොන්දේසියකට” එකඟ වීමට සූදානම් බව පැවසීම මගින් වක්‍රව හැඟවෙන්නේ වරද පිළිගැනීමක් නොවේද? එසේත් නැතිනම් ඕනෑම දෙයක් ලබා දී නඩුවෙන් නිදහස් වීමට දරන උත්සාහයක්ද?
අල්ලස් කොමිසම මෙවැනි සමථ යෝජනා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය, ඉදිරියේදී මෙවැනි වරදවල් කරන අනෙකුත් “බලපුළුවන්කාරයන්ට” ද දෙනු ලබන ආදර්ශයක් වනු ඇත

