කොමිස් වලට ගත්තු බස් හතරේ ඇත්ත කතාව.

පසුගිය දා කොට්ටාව මාකුඹුර බස් නැවතුම් පොළේදී විශේෂ උත්සවයක් ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ ආබාධිත පුද්ගලයන්ට බසයට ඉතා පහසුවෙන් ගොඩවී තම ගමනාන්තය දක්වා පහසුවෙන් යා හැකි චැසිය පහත් මෙට්ට්‍රෝ බස් රථ සේවය ආරම්භ කිරීමයි. එය ඉතාමත් හොඳ දෙයක් වන අතර යුගයේ අවශ්‍යතාවයකි.

නමුත් එහි ඉතිහාස කතාව හරිම තිත්තය. මේ ඒ ගැන විමසුමකි.සත්‍ය වශයෙන්ම මෙම බස් රථ 2025 සැප්තැම්බර්  මසදී ධාවනයට එකතු කිරීමට සැලසුම් කරන්නේ  ජනාධිපති වරයාගේ පත්වීමට වසරක් පිරීම නිමිත්තෙනි. 2024 ජනාධිපතිවරණය නිමවූ  විගස ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වූ වත්මන් විදෙස් සහ සංචාරක ඇමති විජිත හේරත්  විසින්  ශ්‍රීලංගම යේ සභාපති ලෙස රමාල් සිරිවර්ධන පත් කළේය. රමාල් සිරිවර්ධන වෙනත් දේශපාලන ප්‍රවාහයක සිටියත් විජිත හේරත් ඇමති වරයා ගේ පුද්ගලික ඉල්ලීම මත ලංකා ගමනාගමන මණ්ඩලය මහජන සේවයක් ලෙස නැවත ගොඩනැගීමට ඔහු තුල තිබූ බලාපොරොත්තුව නිසාය. ඔහු ගමනාගමන මන්ඩලයේ සභාපති වූ විගස ඇමති විජිත හේරත් වෙත යෝජනා කර තිබුනේ මහජන යහපත උදෙසා දැනට පවතින ලොරි චැසියට බොඩි ගැසූ බස් වෙනුවට චැසිය පහත මෙට්ට්‍රෝ බස් හඳුන්වා දිය යුතු බවත් එය ක්‍රමානුකූලව කලයුතු බවත් ආරම්භයක් ලෙසට එවැනි බස් 150 ආනයනය කලයුතු බවය.විජිත හේරත් ඇමතිවරයා එම යෝජනාව එකපයින් පිළිගෙන සභාපති වරයාට කියා ඇත්තේ නොවැම්බර් පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව මෙම යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරමු කියාය.

2024 නොවැම්බර් මහමැතිවරණයෙන් පසුව වරාය , ප්‍රවාහන සහ මහමාර්ග ඇමති වූයේ වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාය. ගමනාගමන මණ්ඩලයේ සභාපති වරයා ඉහත යෝජනාව බිමල් රත්නායක ඇමතිවරයා වෙත යොමුකල විට කියා ඇත්තේ ඔව් එය කරමු කියාය. රමාල් සිරිවර්ධන වැඩේට බැස්සේය.

සභාපති වරයා මෙම බස් රථ මිළදී ගැනීමට චීනයේ බස් නිෂ්පාදය කරන ආයතනයක් සමග කතාකල විට ඔවුන් කියා ඇත්තේ එක බස් රථයක් සදහා ලක්ෂ 5 ක කොමිස් මුදලක් ලබා දිය හැකි බවත් මුදල් නොගන්නේ නම් මිලදී ගන්නා මෙට්‍ට්‍රෝ බස් රථ 10 වෙනුවෙන් එක් සාමාන්‍ය බස්රථය බැගින් කිසිදු අයකිරීමකින් තොරව ලබාදිය හැකි බවයි. ඒ අනුව සම්පූර්ණ ඇනවුම සදහා සාමාන්‍ය බස් රථ 15 ලබාදිය හැකි බවයි. සභාපති රමාල් සිරිවර්ධන එම යෝජනාව ඇමති බිමල් රත්නායක මහතාවෙත ඉදිරිපත් කලවිට ඔහුගේ පිළිතුර වූයේ ” බස් ඕනේ නෑ රුපියල් කෝටි හතහමාර (7 1/2) ක මුළු කොමිස් මුදලම ජවිපෙ අරමුදලට ලබා දිය යුතු” බවයි. සභාපති රමාල් සිරිවර්ධන එකහෙලාම එයට විරුද්ධ විය. බිමල් ඇමතිතුමා කියා ඇත්තේ. මම කියන ලෙසට වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න” කියාය.

 එසැණිකින් රමාල් සිරිවර්ධන 2025 මාර්තු මස ඉල්ලා අස්වීමේ ලිපිය ඇමති බිමල් රත්නායකට දී ගෙදර ගියේය. රමාල් සිරිවර්ධනට වූ අසාධාරණ වෙනුවෙන් ඇමති විජිත හේරත් කලේ ඔහුව පලාත් පාලන ජන්දයට ගම්පහ නගර සභාවෙන් ඉදිරිපත් කර ඔහුව නියෝජ්‍ය නගරාධිපති කිරීමය.

ඉන්පසුව බිමල් රත්නායක ඇමතිතිවරයා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙසට පත් කරන්නේ පුද්ගලික සමාගම් කීපයක අධ්‍යක්ෂක ධූර හොබවමින් සිටි ජීවක ප්‍රසන්න පුරසිංහය. ඔහුද රමාල් මෙන් ඍජු තීන්දු තීරණ ගන්නා නිළධාරියෙකි. වසර ගනනාවකට පසුව ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට 2025 වසරේ සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් බෝනස් පවා දීමට ඔහුගේ පාලනය ශක්තිමත් විය.රමාල් සිරිවර්ධන අතර මග නවතා ගිය මෙට්‍ට්‍රෝ බස් යෝජනාව ඇමති බිමල් රත්නායක මහතා විසින් සභාපති ජීවක පුරසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත. ඔහුද මෙම බස්රථ මිළදී ගැනීමට කතා කර ඇත්තේ පෙර සමාගමටමය. ලැබුන පිළිතුර එකම විය. ඔහුද කියා ඇත්තේ ලැබෙන සාමාන්‍ය බස් 15 දුෂ්කර පලාත් වලට යවමු කියාය. ඒත් බිමල් රත්නායක ඇමතිවරයාට අවශ්‍ය වූයේ පක්ෂ අරමුදල තර කිරීමට මුදල් මිස සාමාන්‍ය ජනතාවට අවශ්‍ය බස් නොවේ. අදාල මිළදී ගැනීමට සභාපති වරයා අකමැති වූ නිසා සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහටත් හිටපු සභාපති රමාල් සිරිවර්ධන මෙන් ගෙදර යාමට සිඳුවිය. පෙර සභාපති මාස 6 කින්ද මේ සභාපති මාස 9 කින්ද එනම් 2025 නොවැම්බර් ගෙදර ගියේය.

පසුව 2025 නොවැම්බර් වත්මන් ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙසට සජීව නන්දන කනකරත්න පත්විය. ඔහුටද ඇමති බිමල් පෙර යෝජනාව ඉදිරිපත් කල අතර ඔහුගේ කොන්දේසියද ඉදිරිපත් කළේය. ඇමතිතුමා කියන ඕනෑම දෙයකට වත්මන් සභාපතිවරයා එකග වුවත් ගමනාගමන මණ්ඩලයේ සිටින සහ සිටි වෘත්තීය සමිති නායකයන් නිකම් දෙන බස් ලබාගත යුතු බවට යෝජනා කළේය. බිමල් රත්නායක ඇමතිවරයා අඩියක් පස්සට ගෙන “එහෙනම් අපි බස් 100 ක්  මිළදී ගමු ඒකට ලැබෙන කොමිස් වෙනුවට බස් 4 ක් ගමු ඉතිරි කෝටි 3 ක මුදල පක්ෂ අරමුදලට බැරකරමු” කීවාය. එයට වෘත්තීය සමිති නායකයන් එකග වූවද කතාව කටිං කට ගියේය. එය සමනය කිරීමට ඉදිරිපත් වූයේ ආණ්ඩුවේ සූර පප්පා ලෙසට විරුදාවලි ලත් නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ය. ඔහු ප්‍රසිද්ධියේ කීවේ බස් මිලදී ගන්නකොට අපි කොමිස් ඉල්ලුවා ඒ තමයි බස් 4 ක් කියාය.

ඒ කතාව අසා වෘත්තීය සමිති සාමාජිකයන් වන අපට හිනා ගියේ පුකෙන් ය. ඇත්ත කතාව බස් 4 ක් නිකම් ගෙනෙල්ලා ඉතිරි රුපියල් ලක්ෂ 300 ක් ( කෝටි 3 ක්) පැලවත්තේ ජවිපෙ ගිණුමට බැර කිරීමය.

අහෝ මේ රටකට වූ විපත අවුරුදු 76 ක ශාපය නිමා කිරීමට අපි අපි ගැන හිතනවා යැයි සිතා වත්මන් ආණ්ඩුව බලයට පත්කලද ආණ්ඩුවේ මහ උන්ට ඕනේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නොව උන්ගේ පක්ෂයේ අරමුදල තර කිරීමට කොමිස් මුදල් එකතු කිරීමය. නිදහසින් පසුව මේරට අද දක්වා පාලනය කලවුන් හොරු නිසා දැන්නම් හිතෙන්නේ මේ රට ලෝකේ බලවත් රටකට යටත් වුනානම් හොඳයි කියාය.

(ප්‍රවාහන අමාත්‍යංශයේ සේවකයෙකු යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *