සීඅයිඩී ය රනිල්ගේ එංගලන්ත ගමන හොයන මුවාවෙන් ආණ්ඩුවට එරෙහිව එහි සිට මාධ්‍ය මෙහෙයවන අය ගැන තොරතුරු සොයලා

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියදී ඔහුගේ බිරිඳගේ ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 ක් සාවද්‍ය පරිහරණය කල බවට ජනාධිපති ලේකම් නන්දික කුමානායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වෙමින් පවතී.

 පැලවත්ත ජවිපෙ මූලස්ථානයට අනුබද්ධ ශාඛා සමිතියක් ලෙසට ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සීඅයිඩී ය රනිල් ගේ ගමනේ විස්තර හොයන්න නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න , සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල, ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත්  , පොලිස් පරීක්ෂක මාලක ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු රජයේ මුදල් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කරමින් රනිල් ගේ සංචාරය පිළිබදව තොරතුරු සොයා බැලීමට බව පවසා පසුගිය වසරේ නොවැම්බර් මස එංගලන්තයට ගොස් තිබුණි.

එසේ ගිය මෙම නිළධාරින් රනිල්ට එරෙහිව ඇති චෝදනාව ඔප්පු කිරීමට අවශ්‍යම සාක්ෂිය වූ අදාල විශ්වවිද්‍යාලය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිළ ආරාධනයක් කලේද යන්න පිළිබදව විමසිය යුතුව තිබුණි. නමුත් පසුගිය නඩු වාරයේදී තහවුරු වූයේ එම සංචාරයේදී එම නිළධාරින් එම කටයුත්ත පැහැර හැර ඇති බවයි. එහිදී එම තොරතුරු ඊමේල් මාර්ගයෙන් ලබා ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට සීඅයිඩීට  මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.

 කරුණු එසේ හෙයින් ඔවුන් එංගලන්තයට ගොස් කුමක් කරේදැයි අපි සොයා බැලුවෙමු. එහිදී අනාවරණය වූයේ ආණ්ඩුවේ ඍජු උපදෙස් මත රජයේ මුදල් අවභාවිතා කරමින් රජයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු ඉදිරිපත් කරන ඩාක් රූම් ඇතුළු වෙබ් අඩවි කරන පුද්ගලයන් සිටින ස්ථාන කොහේදැයි සොයා බැලීමය. නමුත් ඔවුනට එයද සොයා ගැනීමට නොහැකි වී අවසානේ කරේ ආණ්ඩුව ලබා දුන් මුදල් වලින් ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි අරං පැමිණීමය. එයින් ලීටර් 5 මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නට ලබා දී ඇත. ඒ අදාල ගමන ගොස් කලයුතුදේ පිළිබදව ඍජුවම උපදෙස් ලබා දුන්නේ ඔහු නිසාය.

 ජවිපෙ අද්ධ්‍යාත්මික නායක ටිල්වින් සිල්වා මහතා සිහි තබා ගතයුත්තේ  හැමදාමත් වාරකන් නෑ සේම හැමදාමත් නත්තල් නෑ කියාය. ඇත්ත හෙළිදරව් වෙනකොට බොරු කාරයන් කුපිත වීම ස්වාභාවිකය.   ආණ්ඩුවේ සල්ලි වලින් මෙසේ පිස්සු කෙළින්නේ නම් ස්වභාවධර්මය නඩු අසන දවසට ඔබලාගේ සෙවනැල්ලත් ඔබලාට එරෙහි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *