දැන් සෑම කෙනෙකුගේම මුවග රැදී ඇත්තේ මහ භාණ්ඩාගාරයේ තිබු ඩොලර් මිලියන 2.5 මුදල මාරු කළ හොර ගිණුමකට මොකද උනේ යන්නය.මහ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5 ක් වෙනත් ගිණුමකට බැරවී ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් ( නියෝජ්‍ය ඇමති සක ලේකම් හැර) හරියටම දැන ගන්නේ 2026 මාර්තු 22 දෙවෙනිදාය. ඒ මුදල් අමාත්‍යාංශය භාරයේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ අංශය මගින් ඉංදියාවට ගෙවීමට ඇති ණය මුදලක් ගෙවීමට යාමේදී ලැබුන ඊමේල් පනිවිඩයක් හේතුකොට ගෙනය.
එහිදී මුදල ගෙවීමට කටයුතු කරමින් සිටි නිළධාරියා ලැබුණ ඊමේල් පනිවිඩය ගැන සැක සිතී ණය මුදල් වාරිකය ගෙවීම පසෙක ඒ ගැන දැඩි ලෙස විමර්ශනය කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මෙවැනි ඊමේල් පණිවිඩයක් හරහා ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය මුදලක් ගෙවා ඇති බවයි. ඒ පිළිබදව තව දුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය වාරිකයක් වූ ඇමරිකන් ඩොලර් මිලියන 2.5 ක් අදාල ගිණුමට බැර නොවී කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි ගිණුමකට බැරවී ඇති බවයි. මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අනාවරනය වන්නේ මාර්තු 24 වෙනිදාය. ඒ මොහොතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ශණ සූරියප්පෙරුම මහතා නිළධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ මේ පිළිබදව පිටස්තර කිසිදු පාර්ශ්වයක් දැනුවත් කිරීමෙන් වලකින ලෙසයි.

අදාළ මුදල යැවීම සදහා මුල් ඊමේල් පනිවිඩය ලැබී තිබුනේ විදේශ සම්පත් දෙපාර්තමේන්තවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂට ය. මෙවැනි ඊමේල් පණිවිඩයක් ලද විගස මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාව දැනුවත් කර ඇත. අදාළ ඊමේල් පණිවිඩයට යැවිය යුතු පිළිතුර ඔහුට වාචිකව ප්‍රකාශකර ඇත්තේ මුදල් ලේකම් සූරියප්පෙරුම මහතා විසිනි. මේ කරුණු අපට හෙළිදරව් වූයේ රංග නිශාන්ත විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ මගිනි.
එම දෙපාර්තමේන්තුව ඔහුගෙන් තුන් වතාවක් ප්‍රකාශ සටහන් කර ගෙනඇත. වැඩ තහනමට ලක්වීමට පෙර එක් වතාවක් සහ ඉන්පසු දෙවතාවක් ලෙසයි.
ඔහුගේ මරණ සහතිකය ලියා ගත්තේ ඔහු විසින්ම කියා අපට සිතුනේ ඔහු විසින් අවසන් වරට දුන් ප්‍රකාශය නිරීක්ෂණය කිරීමේදීය. මෙම මුදල් ගෙවීම පිළිබදව නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද හොදාකාරවම දැන සිටි බව ඔහු ස්ථිරවම පවසා ඇත. ඔහු කියා සිටියේ නියෝජ්‍ය මුදල් ඇමතිතුමා දන්නවා කියන්නේ ඒ ගැන මුදල් අමාත්‍ය ජනාධිපති තුමා අනිවාර්යයෙන්ම දැනුවත් බවයි.
මේ පිළිබදව පිටස්තර පාර්ශ්වයන් දැනුවත් නොකර සිටින ලෙසට උපදෙස් ලැබීම ගැන ප්‍රශ්න කරන විට රංග නිශාන්ත කීවේ මේ මුදල කොහාටද ගියේ යන්න ජනාධිපතිතුමා ඇතුළු ඉහල පෙළ අය දැන සිටි බවත් එය සමාජ ගතවීම ඔවුන්ට ප්‍රශ්නයක් වන නිසා රහසක් ලෙස තබා ගැනීමට ඔවුන් සිතන්නට ඇති කියාය.
ඔබ විශ්වවිද්‍යාලයේ සිට ජවිපෙ ප්‍රභළ ක්‍රියාකරුවෙක් ලෙස සිටි නිසා ඉහල පෙළේ සියළුම දෙනා මෙම මුදල ගිය තැන දැනගෙන සිටියානම් එය කොහේ වෙන්න ඇතිදැයි ඔබ සැකකරන්නේ යැයි ඇසූවිට ඔහු ඍජුවම කීවේ පක්ෂ අරමුදලට වියයුතු බවයි. මෙම ප්‍රකාශය ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න මහතා දැනුවත් කර තිබෙි.ඔහුගේ ප්‍රකාශයේ එම කොටස ඔහුගේ මරණය ඉක්මන් කලා විය හැකිය.
මෙම මූල්‍ය අපරාධ පිළිබදව එම දෙපාර්තමේන්තුවට පලමු පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ රංග නිශාන්ත විසිනි. ඒ 2026 මාර්තු 25 දිනය. ඒඅනුව එම දෙපාර්තමේන්තුව පරීක්ෂණ කලත් ඒ පිළිබදව අධිකරණය වෙත කරුණු වාර්තා කරේ 2026 අප්‍රේල් මස 26 වෙනිදාය එයද බරපතල වරදකි. මෙවැනි පැමිණිල්ලක් ලැබී පැය24 ක් යාමට පෙර අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්ථා කල යුතුය. එය නොකරන ලෙසට එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබි ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෙනි. එම නියෝග අනුව ක්‍රියාත්මක කර තිබෙි.
මේ අතර 2026 අප්‍රේල් මස 30 වන දින ඉතාමත් අභිරහස් ලෙස රංග නිශාන්ත රාජපක්ෂ මහතා මියගොස් තිබුණි. දැනුමේ අනුව මෙය මිණීමැරුමකි. ලොව කිසිම පුද්ගලයෙකුට තම ශරීරයේ ප්‍රධාන ධමනි තුනක් කපා ගැනීමට නොහැක. එසේම නිවසක කුස්සියක පාවිච්චි කරන සාමාන්‍ය කුඩා පිහියකින් මේ ආකාරයෙන් කැපීම් සිදුකල නොහැක. ඒ සදහා ඉතා තියුණු මුවහතක් ඇති ශල්‍යකර්ම තල වැනි යමක් හෝ එවැනි දෙයකට සමාන පිහිතලයක් විය යුතුය. ඔහුගේ මරණින් පසුව ආණ්ඩුවේ සහ ජවිපෙ නායකයන්ගේ හැසිරීම ඔහුව ජවිපෙ දැනුවත් කණ්ඩායමක් විසින් ඝාතනය කල බව සක්සුදක්සේ පැහැදිලිය. එසේම එම කණ්ඩායමට යුධ හමුදාවේ හෝ විශේෂ කාර්ය බලකායේ හෝ යම් එවැනි විශේෂ පුහුණුවක් ලද අය විය යුතුය. ඒ යුධ භූමියේදී තුවාල ලත් සතුරන්ගේ දෙකකුලේ බල නහර ( ධමනි) කපා දැමීම සාමාන්‍ය දෙයක් බව ආරක්ෂක අංශ නිලදාරින් දනියි.
එසේම විශ්වවිද්‍යාලයේ සිටම ජවිපෙ සමග දැඩි සම්බන්ධතාවය ක් පැවත්වූ ඔහු වැනි කෙනෙකුගේ මල ගෙදරට ගමේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු හෝ සහභාගී වීමම ජවිපෙ විසින් ඔහුව ද්‍රෝහියකු ලෙස නම් කර ඇතිබව ඉතාමත් හොඳින් පැහැදිලි ය.
මෙම මූල්‍ය අපරාධය ගැන පරීක්ෂා කිරීම සදහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් වෙත මුදල් අමාත්‍යාංශයේ ලේකම්වකැදවා තිබුණි. මාධ්‍ය වාර්තා කර තිබුනේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එහි නොයන බව ලිඛිතව දන්වා ඇති බවයි. නමුත් රංග දිසානායක මියගිය ගොස් මොහොතකට පසුව ඒ මහතා පාර්ලිමේන්තුවේ අදාල කාරක සභාව වෙත ගොස් තිබුණි. රංග නිශාන්ත යනු මෙම මූල්‍ය අපරාධය පිළිබද පැමිණිලි කරුසේම ප්‍රධාන සාක්ෂිකරු ය. දැන් පැමිණිල්ලේ බර අඩුය. ඔප්පු කිරීම ඉතාමත් අපහසුය. රංග නිශාන්තගේ ඝාතකයන්ගේ අවශ්‍යතාවය ද එයයි.
රංග නිශාන්ත මිය ගිය දිනට පසු දින ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා මැයි රැලිය අමතමින් කීවේ එක් කෙනෙක් මලා අනික් අයටත් මැරෙන්න වේවි. ඩොලර් මිලියන 2.5 ක් වෙනත් පාර්ශ්වයක් වෙතටයාම ඉතාමත් සුළු වරදක් ලෙසට ඔහු පෙන්වා දුන්නේය. නිවාස ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මාධ්‍යට කීවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාව පාර්ලිමේන්තුවට කැදවා එතුමාට මානසික පීඩනයක් ගෙන දීම රංග නිශාන්ත ට සියදිවි නසා ගැනීමට බලකල බවයි. මුදල් ලේකම් තුමාට පාර්ලිමේන්තුවට එන්න කීවේ එල්ලා පහරදීමට කියා නිවාස ඇමතිතුමා සිතුවාද දන්නේ නැත. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු ඇමතිවරයෙකු ලෙසට ඔබේ නොදැනීම ප්‍රදර්ශනය කර ඔහු අවමන් කරේ පාර්ලිමේන්තුව සතු බලතල වලට කියා අපටසිතේයි. නීතීඥ ලක්මාලී මහත්මිය රූපවාහිනී විවාදයට පැමිණ කියන්නට උත්සහ කලේ මෙම ඩොලර් මිලියන 2.5 ක මුදල් වෙනත් ගිණුමකට බැර වීමඒ තරම් ගනන් ගතයුතු දෙයක් නොවන බවත් මෙවනි දෑ ලෝකේ වෙනත් රටවල සිදුවී ඇති බවත් ය. මුදල් නියෝජ්‍ය අමාත්‍යා අනිල් ජයන්ත මහතාද මාධ්‍යට කීවේ ඒ හා සමාන කතාවකි. එසේම නලින්ද ජයතිස්ස ඇමතිවරයා සහ හර්ෂණ නානායක්කාර ඇමතිවරයා කියන්නේ එකිනෙකට පරස්පර කරුණුය. මේ ඉහත කරුණු ඔබ හොඳින් පරිශීලනය කලහොත් මේ මුදල් ගියේ කොහේටද යන්න ජනාධිපතිවරයා ,ජවිපෙ මහ ලේකම් තුමා ඇතුලු ආණ්ඩුවේ ඉහලම පෙලේ අය හොඳින් දැනුවත්ව ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.
ඊළග නින්දිත කාර්ය්‍ය වූයේ මියගිය නොව මරාදැමූ රංග නිශාන්ත ගේ මෘතදේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පත්කරන ලද වෛද්‍ය කමිටුවයි. කුරුණෑගල විශේෂඥ වෛද්‍ය නිළධාරි ඉලගංරත්න බංඩාර, අනුරාධපුර විශේෂඥ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග කුලියාපිටිය විශේෂඥ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන සහ නිකවැරටිය වැඩ බලන විශේෂඥ වෛද්‍ය නිළධාරි ගාමිණී දිසානායක යන මහත්වරුන් ය. මෙයින් ඉලගංරත්න බංඩාර සහ අජිත් ජයසේන යන වෛද්‍ය වරුන් දෙදෙනා උග්‍ර ජවිපෙ සාමාජිකයන් බවට සාක්ෂි සහිතව වාර්තා වී ඇත. ඔවුන් කිව යුත්තේ මරණයට හේතුව පමණක් වුවත් ආණ්ඩුවේ ඉල්ලීම මත ඔවුගේ වපසරිය ඉක්මවා මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ප්‍රශ්න සහගතය. ඔවුන් කර ඇත්තේ මරණය පිළිබදව ආණ්ඩුවේ මතය ස්ථිර කිරීම පමණකි.
දැන් සිදු වන්නේ රංග නිශාන්ත රාජපක්ෂ විසින් තුන් වතාවක් ලබාදුන් ප්‍රකාශ ආණ්ඩුවේ ඉහල බලධාරීන්ට ඕනෑ ලෙසට වෙනස් කිරිමයි. එය කොතරම් අපරාධයක් ද? ඉතාමත් කෲර ලෙසට ඝාතනය කල පුද්ගලයකු නැවත වරක් ඝාතනය කිරීමකි. .
(මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බී.ආර්. එස් යන අනවර්ථ නාම ඇති තිදෙනකු විසින් විද්‍යුත් තැපෑලට එවූ ලිපියකි.)

