සනත් ෂම්මිට එරෙහි වෙයි

සනත් ජයසූරිය කියන්නේ ලංකාවේ ක්‍රිකට් ලෝක තලයට ගෙන යන්න සමත් වූ අති දක්ෂ ක්‍රීඩකයකු බව පිළිගත යුතු ඇත්තක් වුණත් මීට අවුරුදු දහයකට පමණ පෙර ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට පත් වූවාට පසු මේ දක්වා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වින කටින පිළිකාවක් බවට පත්ව තිබෙන අයෙක් බව වාර්ථාවෙි.
තිලංගට කඩේ යමින් තේරීම් කමිටු සභාපති වූ සනත් ෂම්මිට කඩේ යමින් කෝටියක මාසික වැටුපක් සමග මුලින් කන්සල්ටන්ට් වී පසුව ප්‍රධාන පුහුණුකරු බවටද පත් විය.
තරග පරාජයෙන් පුහුණුකරු කමෙන් අස් වුණත් නැවතත් උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස එම වැටුපටම වැඩ කරන්න සනත් ඉඩ සලස්වා ගත්තේ ෂම්මිට පින් සිද්ධවෙන්නටය.
කන්න දුන් අත හපා කෑමේද අති දක්ෂයකු වන සනත් ඊයෙ පෙරේදා ෂම්මිව ඉවත් කරන්න යන ආරංචියෙන් කුල්මත් වී ජනාධිපතිවරයා හමුවී ෂම්මිට විරුද්ධව කේලාම් කියා තිබේ.
මේ බව ෂම්ම් පාර්ශ්වයට ආරංචි වීම නිසා ෂම්මිද සනත් හා කෝපයෙන් සිටින බව වාර්තාවේ.
සනත් ගැන හොඳින්ම දන්නා අය කියන්නේ ෂම්මිටත් මෙය හොඳ පාඩමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *