විදේශ රැකියා සිහිනය හඹා යන දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ අවසන් බලාපොරොත්තුව වන්නේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයයි.එහෙත් මෑත කාලීනව සිදුවන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල් කීපයක් නිසා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පොලිස් විමර්ශන ඒකකය සහ විමර්ශන ඒකකයේ අවංක සිවිල් නිලධාරීන් කිහිප දෙනෙකුට අත්වීමට ඇති ඉරණම මේ වන විට තීරණය වී හමාරය.
වසර හතරක පමණ කාලයක් තුළ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි ගනන එකොළොස් දාහකි. එහෙත් එයින් අඩක්වත් විසඳීමට අපොහොසත් වී ඇත්තේ ජාවාරම්කරුවන් සමග ඇති හිතමිතුරුකම් පලුදු වේ යැයි ඇති බිය නිසාය.2020 වසරේදී එහි තිබූ පොලිස් ඒකකය ඉවත් කළේ මනුෂ නානායක්කාර සහ ඔවුන්ගේ පවුලට ඕනෑ විදියට ලංකාව තුළ මනුෂ්‍ය ජාවාරම් සිදුකිරීමටයි.ඔවුන් එයට සහයක් ලෙස විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කළේ තට්ට කපිල නමැත්තාය.ඔහුට අල්ලස් යන නාමය සාමාන්‍ය දෙයක්ව තිබුණි. එයට හොඳම උදාහරණය වන්නේ රේන්බෝ රැකියා ඒජන්සියේ දැවැන්ත වංචාවයි. කපිලගේ නිවස ඉදිකිරීමට ප්‍රතිපාදන ලබා ගැනීම සහ නීතිය අංශයේ ප්‍රධානී වන කාන්තාවටද ඇයගේ සැමියාටද තුටු පඬුරු ලබා දීමට රේන් බෝ රැකියා ඒජන්සිකරු හරහා ක්‍රියාකළ බව විදේශ රැකියා නියුක්ති කාර්යයන් සේ ප්‍රසිද්ධරහසකි.පළමුව රේන් බෝ ඒජන්සියට විරුද්ධව පැමිණිලි එන විට ඒවා යටපත් කිරීම නිසා රේන් බෝ හිමිකරු සිදු කළ සම්පූර්ණ වංචාවේ මුළු මුදල රුපියල් කෝටි සීයකට අධිකය.
තවත් එවැනි චෝදනා අනාවරණය වූ නිසා මාලිමා රජය විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට නැවතත් පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණි.එහෙත් තට්ට කපිලගේ කණ්ඩායම තිරය පිටුපස සිට මේ වන විට දැවැන්ත කුමන්ත්‍රණයක නිරතව සිටීයි.
කපිල යනු කාන්තා ලෝලියෙකි. ඔහුට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තුළ අනියම් බිරින්දෑවරුන් හතර දෙනෙකි. එයින් ප්‍රධානතම අනියම් බිරිඳගේ චරිතය හොබවන්නේ කුඩා නදියක් වැනි කාන්තාවයි. එම කාන්තාව මේ වන විට උසස් පුටු හරහා පොලිසිය හොඳ නැති බව පවසමින් මෙන්ම කපිල විරෝධී නිලධාරීන් එළවා දැමීමට සැලසුම් සකස් කර ඇත .එමෙන්ම ඔවුන්ට හිතැති පුද්ගලයින් එම අංශවලට අනුයුක්ත කර ගැනීමටද පළමු පියවර පසුගියදා තබන ලදී .එහි සිටි නිලධාරිනියක එළවා දමා කපිලගේ සහ නීති අංශයේ ප්‍රධානී කාන්තාවගේ බත් බැලයෙකු රැගෙන ඒම සලකා බැලිය හැක.
කපිල සිටියා නම් මේ වන විට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තවත් විධිමත් වේ යැයි පවසන මෙවැනි පුද්ගලයින් රජය විසින් පත් කළ සභාපති කෝසල වික්‍රමසිංහවද අන්දවා ඇත.ඔහුට ලබාදෙන ඕනෑම ඇඳුමක් ඇඳගැනීමට ඔහු සැදී පැහැදී සිටින්නේ මෙම උසස් යැයි කියාගන්නා කාන්තාවන්ගේ චාටු බස් හමුවේ ඔහුගේ හදවත සලිත වන නිසා විය හැක.අවංකව කටයුතු කරන විමර්ශන අංශයේ නිලධාරීන් අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ ඉඳුනිල් නමැති නිලධාරියායි. ඔහු දක්ෂ විමර්ශකයෙකි. මොහොට්ටාල නමැති විමර්ශන නිලධාරිනිය එම ඉඳුනිගේ තනතුර ලබා ගැනීමට පොරකමින් කේලාම් කියමින් දරන උත්සාහයද හාස්‍ය දනවන්නකි.
මාස හයක් තුළ මොහොට්ටාල නිලධාරිනිය විසින් සිදු කළ විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව එකතුව සොයා බැලීමෙන් සත්‍ය අනාවරණය කර ගතහැක.අප මේ අනාවරණය කරන්නේ මාලිමා රජයට කොකා පෙන්වන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ නිරුවතේ පළමු පියවරයි. මොවුන් මෙහි සිදු කරන සහ සිදුකළ සියළුම දූෂිත ක්‍රියා අප ඉදිරියේදී එකින් එක අනාවරණය කරමු.

