ක්‍රිකට් ආයතනය විසුරුවා අතුරු කමිටුවක් පත් කරන්නට අනුර කුමාර ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දැනගත් සභාපති ෂම්මි හා භාණ්ඩාගාරික සුජීව එක්ව ගේම් රැසක් ගහන බව වාර්තා වේ.
ෂම්මි හා සුජීව විසින් ක්‍රිකට් ආයතනයේ රැකියා ලබා දී ඇති ඔවුන්ගේ හෙංචයියන් විශාල පිරිසකි.ෂම්මිගේ ක්‍රීඩා සමාජය වන සීසීසී ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයන් ගණනාවක්ම ඛෙත්තාරාමයේ සේවයට අනුයුක්ත කොට ක්‍රිකට් ආයතනයෙන් පඩි ගෙවයි.මේවා පිං පඩි වන්නේ ඔවුන්ට එහි කිරීමට කිසිදු රාජකාරියක් නොවීමයි.
ක්‍රිකට් ආයතනයට සේවය සඳහා බඳවා ගනු ලබන්නේ තාවකාලික පදනමේය. සේවයේ ස්ථිර කරන්නේ කාලයකට පසුවය.නොබෝදා පැවති විධායක සභා රැස්වීමකදී ධම්මික මැදගෙදර හා චතුර වික්‍රමරත්න යන හෙංචයියන් සේවයේ ස්ථිර කර තිබෙනවා.යන යකා කොරහත් බිඳගෙන යන හැඩයි. ෂම්මි යන්න කලින් හෙංචයියලාගේ රැකියා ස්ථිර කරයි.
2026-04-28

