විදෙස් රැකියා නියුක්ති කාර්යාංශය පිළිබඳව පසුගිය ලිපියෙන් විශේෂ විමර්ශනය ඒකකය පිළිබඳව හෙළිදරව් අතර එහි දෙවන පියවර වශයෙන් අප අනාවරණය කරන්නේ විජේසර කියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී සේනානායක සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේම රාජකාරි කරන ඔහුගේ බිරිඳ වන නීති අධ්‍යක්ෂක නෙළුම් සමරසේකර අඹුසැමි යුවළ පිළිබඳවයි.
වසර ගණනාවක් මෙම අඹුසැමි යුවළ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තුළ අරක් ගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනයට පින් සිදුවන්නටය.අඹුසැමි යුවළක් රාජ්‍ය පරිපාලන නීතිරීති තුළ එකම ආයතනයක සිටිය හැකි මුත් මෙතන ඇත්තේ වෙනස්ම කතාවකි.එහි අරුත වන්නේ සැමියා මොන වැරැද්ද කළත් බිරිඳට සැමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි.
විදේශ රැකියා ජාවාරම්කරුවන් සමග පෙම් කරන මෙම සාමාන්‍යාධිකාරීවරයා තම ජාවාරම්කාර මිතුරන්ගේ පැමිණිලි යටගැසුවේ තම බිරිඳගේ පිහිටෙනි.මේ වන විට ඒවා එකින් එක එළියට ඒම පටන් ගන්නා බැව් වැටහෙන නිසා මෙම යුවළ රටින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පලායාමට සූදානම් වී හමාරය.
ඩුබායි තානාපති කාර්යාලයේ උසස් තනතුරකට ඩීඩීපී සේනානායක රාජකාරී සඳහා පිටත්ව යාමට මේ වන විට දින වෙන්කර අවසානය.ඔහුගේ බිරිඳ ද නිවාඩු දමා ඔහුත් සමඟ යාමට සූදානම් වී අවසන් ඇති බැව් අප කළ විමසීමේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියකු පවසාා සිටියේය.මාලිමා රජය පිළිබඳව ඇත්තේ කලකිරීමකි.එයට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ සමයේ කොරියාවේ තානාපති කාර්යාලයේ සේවයට ගිය මෙම සේනානායකගේ තනියට නෙළුම් නිවාඩු දමා පිටත්ව ගොස් තිබුණා. වසර කිහිපයක සේවා කාලය නිමවා ලංකාවට පැමිණි සේනානායක උසස් වීම් ලැබුවේ සාමාන්‍යාධිකාරී ලෙසයි. බිරිඳගේ උසස් වීම් ලබා ගැනීමට නොහැකි වූයේ ඇය නිවාඩු දමා සේවය නොකිරීම නිසාය.එවකට අමාත්‍යවරයෙකු වූ ප්‍රියංකර ජයරත්න මුණ ගැසී තමාගේ බිරිඳට උසස් වීම් ලබා දෙන ලෙස පවසා සිටි නිසා රාජකාරි කළ බවට ලිපි ලේඛන සකසා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට පැමිණියාය.මෙම කාන්තාව ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට ගියේ සුදුසුකම් සහිත නිලධාරීන් රැසක් සිටියදී සාමාන්‍යාධිකාරී සැමියාගේ උදව්වෙනි.දැන් නැවතත් ඩී ඩීපී සේනානායක ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යන්නේ තානාපති කාර්යාලයේ සේවය උදෙසාය ඇයගේ බිරිඳ යන්නේ නිවාඩු දමාය.මෙපමණ කාලයක් දූෂිත දේශපාලුවන්ගේ උකුලේ නැළවී ඔවුන්ගේ පිහිටෙන් කරනම් ගැසූ මෙවැනි අයවලුන් මාලිමා රජය යටතේද පිනුම් ගැසීම පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අවංක නිලධාරීන් සිටින්නේ මාලිමා රජ පිළිබඳව දැඩි කලකිරීමෙනි.
මාලිමා රජයෙන් පත් වූ සභාපති කෝසල වික්‍රමසිංහ මෙම සියලූ දේවල් දැක දැකත් කසාය බිව් ගොළුවෙ කුසේ සිටීම පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ගැටලුවකි.එක රටක් එක නීතියක් වුවද මෙහි නිලධාරීන් හට නීති ගොඩකි.හිතවතුන්ට එක හැන්දකි.කේලම් කියන අයට තවත් හැන්දකි.අවංකව රාජකාරි කරන අය කුණු බාල්දියටය.එහි නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම දූෂිත ආයතනය නිවැරදි මඟකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු කර දෙන ලෙසටයි.ඊළඟ ලිපියෙන් අප විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ රාජකාරී නොකර අල්ලස් ගන්නා ලලනාවන් පිළිබඳව අනාවරණය කරමු.

