ජස්වර් උමාර් යනු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාය.ජස්වර් යනු ෂම්මිටත් වඩා නීල කාස හොරෙකි.
කොතරම් දූෂණ චෝදනා තිබුණත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් පතෝල කුමාරත් ඇල්ලීමට සමත් වූ අමු කපටියකු බව අප කියන්නේ වගකීමෙනි.
ලංකාවේ පාපන්දුව දැන් ඉවරටම ඉවරය.ජාත්‍යන්තර තරග වලට සහභාගි කරවන ලංකාවේ ජාතික කණ්ඩායම එහෙම පිටින්ම විජාතිකයන්ගෙන් සමන්විතය. ඔවුන්ගේ ආච්චිලා සීයලා ලංකාවේ කියමින් ලංකා ජර්සිය පළඳින මොවුන් වැඩි දෙනෙකුට සිංහලවත් බැරිය.
මේ ක්‍රමය හැදුවේ ජස්වර් ය. ජාත්‍යන්තර තරග පවත්වන්නේ ආසියානු පාපන්දුවෙන් හා ෆීෆාවෙන් ලැබෙන ඩොලර් නිසාය.
ඒත් ලංකාව තුළ දේශීය පාපන්දු තරගාවලි අක්‍රීය වී තිබෙන්නේද ජස්වර්ගේ පරිපාලනයේ හොඳකම නිසාය.
මේ වන විට ලංකාවේ මෙතෙක් ඉතාමත් සංවිධානාත්මකව පැවති සුපර් ලීගයක් නොමැත.නමට පැවැත්වෙන චැම්පියන්ස් ලීගයේද කිසිදු ගැම්මක් නැත.
සියලු තරග කොළඹ තුරග තරග පිටියේ පැවැත්වුවත් එම තරග නරඹන්න 100 ක් වත් නොපැමිණෙයි.ජස්වර්ට ක්‍රීඩාවේ පරිපාලනයට පිවිසීමට නොහැකි බවට සුගතදාසයේ පිහිටි ක්‍රීඩාවේ වැරදි නිවැරදි කිරීමේ ඒකකයෙන්ද කුසලා සරෝජනී කොම්ෂන් වාර්තාවෙන්ද කියා තිබුණත් ඔහු තවමත් පාපන්දු සභාපතිය.ඒ මදිවට දැන් ඔලිම්පික් කමිටු සභාපති ධූරයටද තරග කරයි.
එහිදී ඔහුට එරෙහිව නැගුණු විරෝධතා සියල්ල කේ.චිත්‍රසිරි ප්‍රමුඛ මැතිරණ කමිටුව ඉවත දමා තිබීමෙන් චිත්‍රසිරි යනු කව්දැයි හෙළිදරව් වෙයි.මෙයින් පසු ජස්වර් ෂම්මි මෙන්ම මුදලට තමන් සුවච කීකරු බලු කුක්කන් බවට පත් කර ගත් මාධ්‍ය කරුවන් පිරිස ගෙන්වා මාධ්‍ය හමුද පවත්වයි .මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ කුමට මෙරට අධිකරණය හා විනිසුරන් යන්නයි.
රටේ සියලු හොරුන් මෙන්ම ක්‍රීඩාවට අරක් ගෙන සිටින හොරුන්ද පතෝල ක්‍රීඩා ඇමතිවරයකු නිසා සුරක්ෂිත වෙනවා නම් අප රටේ ක්‍රීඩාවටත් අබ සරණයි.
2026-04-25
