කුඩ්ඩන්ගෙන් කසිප්පු කාරය ගෙන් හැකි තරම් ජරාව කන ලෙසට පොලිස්පති ගෙන් පොඩ්ඩන්ට බලපෑම්

වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යනු පොලිස් කොස්තාපල් ලෙස සිට පොලිස්පති ධූරය දක්වා පැමිණි නිළධාරියෙකි. එහෙත් ඔහුට එම නිළ පිළිබදව  හොඳ දැනීමක් ඇතැයි පොලිස් පොඩ්ඩන් ලෙස අපිට නොසිතේයි. හේතුව පොලිස් පොඩ්ඩන් වන අපිට පොලිස්පති විසින් පවරා ඇති රාජකාරීය. පොලිස්පති වරයා තම තත්වය රැක ගැනීමට වත්මන් ආණ්ඩුව කියනු ලබන ඕනෑම පරවැඩක් කරන තැනට පත්වීම පොලීසියේ කඩා වැටීමට තවත් හේතුවක් වී ඇත.

වත්මන් ආණ්ඩුව විසින් සෑම පොලිස් වසමකම ග්‍රාමසේවා කොට්ඨාස වල ප්‍රජා පොලිස් කමිටු සහ ආරක්ෂක කමිටු පිහිටුවා ඇත. ඒවායේ මුල්පුටු ලබා දී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයන්ටය. උන් හිතාගෙන සිටින්නේ ඔවුන්ට ග්‍රාමසේවා කොට්ඨාසයේ වැඩ බලන පොලිස්පති කම ලැබි ඇති බවයි.  උන්ට දැනුම් නොදී ග්‍රාමසේවා කොට්ඨාස වලට පැමිණ පොලිස් නිළධාරින්ට වැටලීම් නොකරන ලෙසට උපදෙස් දෙන්නැයි කියන්නේ ඒ නිසාය.

 සෑම ආරක්ෂක කමිටුවකටම වෙන වෙනම පොලිස් කොස්තාපල්වරු සහ පොලිස් සැරයන්වරු යොදවා ඇත. සමහර අවස්ථාවලදී එක් නිලධාරියකුට වසම් කීපයක් බාරදී ඇත. ඔවුන්ට සතියකට කීප වතාවක් එම කොට්ඨාස වලට යා යුතුය. වත්මන් ආණ්ඩුව කීවේ නිළධාරින්ට තමන්ට බාරදී ඇති ප්‍රජා පොලිස් කමිටු සහ ආරක්ෂක කමිටු වල රාජකාරී යාම සදහා ප්‍රවාහන දීමනාවක් ලබා දෙන බවයි. ආණ්ඩුව පැමින මාස 14 ගියද තාම ප්‍රවාහන දීමනාවක් නම් ලැබිලා නැත. ඒත් මාසිකව පරීක්ෂණ සදහා පැමිණෙන සහකාර පොලිස් අධිකාරිවරයා නම් කිසිම අඩුවක් නැතිව අදාල ප්‍රජා පොලිස් කමිටු සහ ආරක්ෂක කමිටු වලට ඒ සදහා නම් කර ඇති නිළධාරින් ගේ සහභාගීත්ව ගැන කිසිම අඩුවක් නැතිව පරීක්ෂණ පවත්වා වාර්ථා ඉදිරිපත් කරයි. මාස 6 කට වරක් කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා එලෙස පරීක්ෂණ සදහා පැමිණෙයි.

 ඉතින් පොලිස් පොඩ්ඩෝ වන අපට අපට බාරදී ඇති ප්‍රජා පොලිස් කමිටු සහ ආරක්ෂක කමිටු සමග කටයුතු කිරීමට සතියකට රුපියල්  1500/= කට වැඩි මුදලක් අපගේ පුද්ගලික යතුරු පැදියේ ඉන්ධන සදහා වැයවේ. යතුරු පැදියේ නඩත්තු කටයුතු සදහාද එවැනි මුදලක් වැයවේ. ඉතින් එම මුදල අපි සොයා ගත යුතුය. පොලිස් පොඩ්ඩන්වන අපට සාමාන්‍ය මිනිස්සු  නිකං කිසිවක් දෙන්නේ නැත. එසේම මහා පරිමාණ ව්‍යාපාරිකයන් පොලිස්පතිට ගෙවල් හදන්න මුදල් සහ භාණ්ඩ නොමිලේ දුන්නාට අපිට වතුර වීදුරුවක් දෙන්නේ නැත. ඒත් පොලිස්පති ගේ ලබාදෙන නියෝග පරිදි අපගේ රාජකාරී නිසි ලෙසම ඉටුකල යුතුය. ඒ සදහා අපට අවශ්‍ය එදිනෙදා රාජකාරී ඉටුකිරීමට අවශ්‍ය මුදල් ඉල්ලා ගන්නට වී ඇත්තේ ගමේ සිටින කසිප්පු විකුණන එකාගෙන් සහ මත්ද්‍රව්‍ය විකුණන අයගෙනි. මත්ද්‍රව්‍ය විකුණන මහා ව්‍යාපාරිකයන් පොලිස් ලොක්කන් සමග එකමුතුව කටයුතු කරන නිසා උන්ගෙන්ද අපට සහනයක් ලැබෙන්නේ නැත.

 පොලිස්පති තුමා අපිට නොකියා කියන්නේ මොකාගෙන් හෝ මුදල් සොයාගෙන මම දෙන නියෝග අනුව රාජකාරී කරන ලෙසයි. ඒ නිසා සිල්ලර කුඩු කාරයන්ගෙන් සහ කසිප්පු කාරයන්ගේ පිහිටෙන් ඔබ තුමා ලබාදෙන නියෝග නොපිරිහෙලා ඉටුකරන්නෙමු.

( පොලිස් පොඩ්ඩන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *