සාම පාගමනට පාර කියන්නේ සිරස නිසා අනෙක් මාධ්‍ය ආයතනයලට පාර වසයි

විදෙස් භික්ෂූන් වහන්සේලගේ ලංකාවේ සාම පා ගමනේ වඩින වැඩ සටහන නිල මාධ්‍ය සිරස ආයතනය කරන බැවින් වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයකට එම සාම පා ගමන ආවරණය කිරීමට ඉඩ නොදෙන ලෙස පොලීසියට කරන ලද දැනුම්දීම මත මහනුවර ප්‍රදේශයේ සහ මාතලේ දඹුල්ල ප්‍රදේශවලදී පොලීසිය විසින් වෙනත් මාධ්‍ය ආයතන වලට ඡායාරූප ගැනීමට සහ එම අවස්ථාවන් වාර්තා කිරීමට ඉඩ නොදී බාධා කිරීම මාධ්‍ය ආයතන මාධ්‍ය සංවිධාන විරෝධය පළකරති.
කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති සී ආර් රාජපක්ෂ යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටුගස්තොටදී මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් බලපෑම් කරන ලද සිද්ධිය මාධ්‍ය සංවිධාන දැඩි ලෙස විරෝධය පලකරති.
නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සහ ජේය්‍ය්ෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන නිලධාරින් මාධ්‍යවේදීන්ට දැඩි ලෙස බලපෑම් කරමින් සාම පා ගමන වාර්තාකරණ කටයුතු සහ ඡායාරූප ගැනීමටද ඉඩ නොදෙන ලෙස පොලිස් නිලධාරින්ට නියෝග දී ඇති බව පොලිස් නිලධාරින්ම පවසයි.
වෙනත් මාධ්‍ය ආයතන වල කැමරා ශීල්පීන් ,මාධ්‍යවේදීන් පලවා හැරීමේ මූලික කටයුතු පොලීසිය හරහා මෙහෙයවන ලද්දේ සාම පා ගමන නිල ආවරණය තමන් විසින් කරන බව සඳහන් කරන විද්යුත් මාධ්‍ය ආයතනයක් විසිනි.
පොලීසිය විසින් සාම පා ගමන කලබලකාරී නොසන්සුන්කාරී තත්ත්වයට පත් කරද්දී දසදහස් සංඛ්‍යාත බොදුනුවන් සාම පා ගමනේ යෙදෙන විදෙස් භික්ෂූන් වහන්සේලා දැක සාදූකාර දුන්හ.මෙම සාම පා ගමන කඩාකප්පල් කරන තත්ත්වයක් ඇති කලේ පොලීසිය බව මාධ්‍යවේදීන් පවසයි.මොනතරම් ආරක්ෂාව යෙදුවද කටුගස්තොටදී පාරේ යමින්සිටි සුනඛයෙක් ආලෝකා සුනඛයාට බුරා ගෙන පැන්න අතර,එම අවස්ථාවේ ආරක්ෂාවට සිටි කොමාන්ඩෝ භටයෙක් ආලෝකා සුනඛයා ඉවත් කර ගැනීහට ක්ෂණිකව පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *