මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න වත්මන් ආණ්ඩුව රවටා දැනට එස්ටීඑෆ් නිළධාරින් විසින් සිදුකරන අධිවේගී මාර්ග යන්හි මුදාවා ගැනීමේ සහ ගිනි නිවීමේ රාජකාරිය ඇවන්ගාඩ් ආයතය වෙත පැවරීමට යාම පිළිබදව පසුගිය දිනක අප විශේෂ හෙළිදරව්වක් කලේය.
අප විසින් හෙළිදරව් කල සත්‍ය තොරතුරු වලට ඇහුම්කන් දී වත්මන් ආණ්ඩුව එම රාජකාරිය ගුවන් හමුදාව වෙත පැවරීම පිළිබදව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට අපගේ ප්‍රණාමය පුද කරමු.
රවී සෙනවිරත්න ඇතුළු අඟේ ඉදන් කණ කන දෙපිටකාට්ටුවන් පරාජය බාර ගැනීමට තවමත් කැමති නැත. අධිවේගී මාර්ගයේ රාජකාරිය ගුවන් හමුදාවට පැවරූ නිසා ඔවුන්ගේ ඊලග ඉලක්කය වී ඇත්තේ කටුනායක , මත්තල සහ පලාලි යන ගුවන් තොටුපලවල වට ආරක්ෂාව ගුවන්සේවා අධිකාරියෙන් ඉවත්කර ඇවන්ගාඩ් ආයතනට පැවරීම ය. එසේ ඇවන්ගාඩ් ආයතනයට එම රාජකාරිය පවරා ගත් පසුව එහි අධ්‍යක්ෂ වරයා ලෙස මේ වසරේ අගෝස්තු 30 විශ්‍රාම යාමට නියමිත එස්ටීඑෆ් හි වත්මන් අණදෙන නිළධාරියා වන නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා පත් කිරීමට ඇවන්ගාඩ් අධිපති නිස්ශංක සේනාධිපති පොරොන්දු වී ඇත.
නිස්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාඩ් ආයතනයට ගුවන් තොටුපල නොව රජයට අයත් බලු කුක්කකු හෝ බලාගැනීමට දීම සුදුසු නොවේ. එයට හේතුව ඔහු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බල්ලෙක් ලෙසට ආමන්ත්‍රණය කරමින් ඔහුව බිංදුවට බස්සා ගෙදර යැවීමට රුපියල් මිලියන 500 ක් වියදම් කරන බව ප්‍රසිද්ධියේ කී නිසාය. එවන් පුද්ගලයකු සමග ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන රවී සෙනවිරත්න හොරෙන් හොරෙන් ගණුදෙනු කරන්නේ පෙර සිට පැවත එන සම්බන්ද කම් නිසාමය. ඔහුගේ පුතා දැනට වසර නිහිපයක සිට සේවය කරන්නේ ඇවන්ගාඩ් ආයතයේ වීමත් රවී සෙනවිරත්න දැන සිටි දෙහිවල එපාර්ට්මන්ට් එක ඔහුට නිස්ශංක සේනාධිපති විසින් මුදල්ගෙවා ලබාදීමේ හිළව්වටය.
වත්මන් ආණ්ඩුව හරිනම් කල යුතුවන්නේ රවී සෙනවිරත්න වද ඔහු දරණ අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමය. එසේ නොකිරීමේ ප්‍රතිපල ආණ්ඩුව නුදුරේදීම අත් විඳිනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුවේ අනෙකුත් වගකිවයුතු පාර්ශ්වයන් වහාම කළ යුත්තේ ගුවන්තොටුපල වල්හි වට ආරක්ෂාවද ගුවන් හමුදාව වෙතම පවරා දිමයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ එම ගුවන් තොටුපලවල් ආශ්‍රිතව ඔවුන්ගේ ප්‍රධාන කදවුරු පිහිටා තිබීමත් ගුවන් තොටුපල පිළිබදව ඔවුන්ගේ දැනුම අන් සියළුම ආරක්ෂ අංශ වලට වඩා ඉදිරියෙන් තිබීමත් නිසාය

