පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කන්ගේ ජවනිකා

මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තබනවා නම් ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් ඊට කැමතිය.මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ක්‍රියාමාර්ග ගන්නා රජයේ ප්‍රමුඛතම ආයතනය වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයයි. එම කාර්යාංශය පිරිහී ඇති අයුරු  ලිපි මාලාවකින් තොරතුරු සාක්ෂි සහිත අනාවරණය කරමු.

මීගමුව ප්‍රදේශයේ කාර් රථයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සති තුනකට පමණ පෙර අත්අඩංගුවට ගත් පුවත ඔබ මතකයේ ඇති. එය විශිෂ්ට ක්‍රියාවකි. එහෙත් එය යට තිබෙන ශෝචනීය කාරණාව නම් මෙම තොරතුර ලැබෙන්නේ පොලිස් කොස්තාපල් රියදුරු මදුරංගටයි .ඔහු තොරතුරුකරු ලෙසද වැටලීමට හවුල් වූ අයෙකි. එහෙත් ත්‍යාග මුදල් ලබා ලබා ගැනීමේදී තොරතුරුකරු වෙනුවට උප පොලිස් පරීක්ෂක රාජපක්ෂගේ නම යොදා ඇත්තේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වන සහකාර පොලිස් අධිකාරී සේනාරත්නගේ උවමනාව මතය.එය පිළිබඳව විමසූ පොලිස් කොස්තාපල් රියදුරුවරයාට මේ වන විට ස්ථාන මාරුවක් ලැබීමට නියමිතව ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී සේනාරත්න යනු නියෝජ්‍ය පොලිස්පති මෙන්ම හිටපු මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නගේ සොයුරා බව අමතක නොකළ යුතු කරුණකි.

සති කිහිපයකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය  නාසක කාර්යාංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේරත්ගෙන් ලිංගික හිංසනයක් සිදු වූ බව කියන පොලිස් කොස්තාපල්වරියක් ඒ පිළිබඳව උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට පැමිණිලි කළද තමාට සිදුවූ හිංසනයට  විමර්ශනයක් වෙනුවට ලැබෙන්නට නියමිතව ඇත්තේ ස්ථාන මාරුවකි.ජේෂ්ඨ පොලිස් අධිකාරී හේරත් සහ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යනු කවරෙක්දැයි අප ඊළඟ ලිපි වලින් වැඩිදුරටත් අනාවරණය කරමු. අනුර කුමාර රජය ගොණාට අන්දවා පිනුම් ගසන මෙම පොලිස් ලොක්කන් ගැන අප අනාවරණය කරන්නේ රටේ මෙන්ම ජනතාවගේ යහපත උදෙසා බව අමතක නොකළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *