මුං, කව්පි හා කුරහන් ආදි ධන්‍ය වර්ග ආනයනය කිරිමේදී කෘෂිකර්ම අමාත්‍යංශය තොරාගත් සිය හිතවතුන්ට බලපත්‍ර ලබා දෙන බවට වාර්ථාවෙි.එසේ ලබා ගන්නා බලපත්‍ර මුදලට අලෙවි කරන බවටද සදහන්වේ.
දේශිය ගොවියා ආරක්ෂා කිරිම සදහා මෙම ධාන්‍ය වර්ග සදහා කිලෝග්‍රෑම් එකකට රුපියල් තුන්සියයක බදු මුදලක්ද අයකරන අතර මිට පෙර මෙම ධාන්‍ය වර්ග ආනයනයට අවස්ථාව ලබා දුන්නේ ව්‍යපාරිකයෙකුට කන්ටෙනර් දෙක තුනක් පමණි.
එහෙත් මෙවර ඇතෑම් අයට මේට්‍රික් ටොන් දහසක් ආනයනය කිරිමට අවස්ථාව ලබාදී ඇත.ඒ අනුව ඇතෑම් සමාගම් සදහා මේ සියලුම ධාන්‍ය ආනයනයට බලපත්‍ර ලබාගෙන ඇත. මෙහිදී තෝරාගත් ව්‍යාපාරිකයින් අට දෙනකුට ටොන් 1000 හා 500 ආදි ප්‍රමාණයන්ගෙන් ආනයනයට බලපත්‍ර නිකුත් කර තිබෙි. එ අනුව මේවනවිට මේට්‍රික්ටොන් දොලොස් දහසකට ආසන්න ධාන්‍ය තොගයක් ආනයනයට බලපත්‍ර ලබා ගෙන තිබෙි.
එසේ ධාන්‍ය ආනයනයට ලබා ගත් බලපත්‍ර මෙිවනවිට අලෙවි කරන අතර එක් කිලෝග්‍රෑමයකින් රුපියල් 20-30 අතර මුදලක් තබා ගෙන අලෙවි කරන බව වාර්ථාවේ.එසේ ලැබෙන මුදලින් අමාත්‍යංශයේ ඉහළ පුද්ගලයෙකුට කිලෝග්‍රෑමයටකට රුපියල් රුපියල් දහයක මුදලක් ලබා දෙන බව වාර්ථාවෙි.එ අනුව බලපත්‍ර ලබා ගත් අය පවසන්නේ එම රුපියල් දහයක මුදල කෘෂිකර්ම ඇමතිවරයාට ලබා දෙන බවයි.

