කෝන්දුරු තෙල් හත් පට්ටයක් සහ චුට්ටක් තිබ්බොත් වත්මන් ආණ්ඩුව විසදන පාස්කු ප්‍රහාරයේ සැඟවුණු ඇත්ත.

අද අප්‍රේල් 21. අදට හරියටම අවුරුදු 7 කට පෙර එනම් 2019 දී අද වැනි දිනක යෙදී තිබුණේ ජනතාව වෙනුවෙන් කුරුසයේ ඇණගසා මරාදැමූ ජේසූස් ක්‍රිස්තුස්වහන්සේගේ උට්ඨානය හෙවත් උන් වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනයයි. එසේම හදවතින්ම ආගම අදහන ක්‍රිස්තු භක්තිකයන් ඊට දින 40 කට පෙර ආරම්භ කරන ලද උපවාස කාළය ( මත්පැන් නොබී මස් මාංෂ ආහාරයට නොගෙන ගත කල කාළය) නිමාවන දිනයයි. එදින සියළුම වැඩ පසෙකලා දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ නැගිටීම වෙනුවෙන් දේවස්ථානයට ගොස් යාඥා කිරීම වසර 2000 ට වැඩි කාළයක් පැවත එන ක්‍රමයයකි.

ඒ අනුව ලංකාවේ සෑම  තැනකම තිබූ සියළුම කතෝලික නිකායන්ට අයත් දේවස්ථාන වල ජේසූස් වහන්සේගේ උට්ඨානය සිහි කිරීමට කතෝලික භක්තිකයන් පිළිවෙතින් සූදානම්ව සිටි මොහොතේ කිසිවකුත් සිහිනෙන් වුවද නොසිතූ මාරාන්තික ප්‍රහාර මාලවක් කොළඹ , කටුවාපිටිය, සහ මඩකලපුව මුල් කරගෙන පැයක කාළයක් ඇතුලත එල්ල විය. එයට සමගාමීව කොළඹ තරු 7 හෝටලයකට සහ තරු පහේ හෝටල් දෙකකටද එක් ලැගුම් හලක් තුලද බෝම්බ පිපිරීම් සිදුවිය. උදෑසන කාළයේදී එසේ සිදුවූ දෑ ගැන වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පරීක්ෂා කිරීමට ගොස් එදින සවස් වරුවේද තවත් නිවසක් තුල බෝම්බ පුපුරවා ගැනීම් තුනක් සිදුවිය.

එම බෝම්බ පිපිරීම් වලින් දෙස් විදෙස් ජීවිත 272 කට අධික ප්‍රමාණයක් මියගිය අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූ අතර ඉන් කීපදෙනෙකුම  ජීවිත කාළයම ආබාධිත තත්වයට පත්විය. මෙම සම්පූර්ණ ප්‍රහාර මාලාවම පාස්කු ප්‍රහාරය ලෙසට අදටත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

 මෙම ප්‍රහාර මාලාවේ කොළඹ ෂැංග්‍රිලා සහ  කිංස්බරි හෝටල් දෙක වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර තිබුනේ 2015 පැවති මහමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරාපේක්ෂක ඊබ්‍රාහිම් යන අයගේ පුතුන් දෙදෙනාය. එම තොරතුර අනුව පරීක්ෂා කිරීමට යාමේදී දෙමටගොඩ මහවිලවත්ත පිහිටි ඊබ්‍රාහිම්ගේ නිවසට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරින් ගියවිට එම නිවසේ දී පෙර බෝම්බ පුපුරවා ගැනීමේදී මියගිය ඊබ්‍රාහිම්ගේ එක පුතකුගේ බිරිඳද බෝම්බ තුනක් පුපුරවා ගනිමින් පොලිස් නිළධාරින් තිදෙනෙකුද මරණයට පත්කරමින් සියදිවි නසා ගන්නා ලදි. ඊබ්‍රාහිම් අත් අඩංගුවට පත්විය.

 සමස්ත පාස්කු ප්‍රහාරයේදී මියගිය කිසිවකුගේත් අවසන් කටයුතු කිරීමට පෙර තවත් විශේෂ සිදුවීමක් විය. එන ඊට පෙර පැවති ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊලග ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීමයි. මධ්‍යයස්ථ මතධාරීන් එය හැදින්වූයේ මළ ගෙදරදී මඟුල් කාඩ් බෙදුවා කියාය. පාර්ලිමේන්තුවේ දී වත්මන් විදේශ සහ සංචාරක ඇමති විජිත හේරත් කීවේ ඊබ්‍රාහිම් ඉතාමත් අහිංසක පුද්ගලයකු බවත් ඔහුගේ දරුවන්ද එසේම අහිංසක බවයි. විජිත හේරත් එසේ ප්‍රකාශකලේ ඇයිද යන්න ඔහු කිසිම දිනක පැහැදිලි කිරීමක් කරනැත.

 පාස්කු ප්‍රහාරයේ ඉතිහාසය සොයා බැලීමේදී  එය ඕපපාතිකව ඇති වූවක් නොවන බව ඉතා හොඳින් පැහැදිලිය. ප්‍රහාරය එල්ල වන්නේ 2019 දී වුවද ප්‍රහාරය පිළිබදව සොයාගත හැකි පැහැදිලි සාක්ෂි හමුවන්නේ 2014 දීය. ඒ එවකට ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විගණනය කලත් එය රහසක් ලෙසට පවත්වාගෙන යන ආරක්ෂ අමාත්‍යාංශයේ ඔත්තුකරුවන් නඩත්තු කිරීමේ ගිණුම මගින් මුදල් යොදවා එකම මොහොතේ බෞද්ධ අන්තවාදීන් සදහා බොදුබල සේනා සංවිධානයත් අන්තවාදී ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් තවුජීත් ජමාත් සංවිධානයත් බිහි කිරීමත් එම සංවිධාන දෙකට ඔවුන්ගේ මූලස්ථානය පවත්වාගෙන යාමට ජයවර්ධනපුර කෝට්ටේ සහ මාලිගාවත්ත පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් නොමිලේ ලබා දීමත් දැකිය හැක. එම සංවිධාන මගින් ආගමික සමගිය බිඳ දැමීම සදහා 2014 වසරේ දීම අලුත්ගම දී ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ආරම්භ කරන ලද ගැටුම හොදම උදාහරණයකි.

 2015 ජනවාරි 8 ඇතිවූ ආණ්ඩු පෙරළිය සමග අදාල සංවිධාන නිහඩ වුවද නිමවුම් කරුවන්ගේ අවශ්‍යතා මත ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට ඔවුන් සැදී පැහදී සිටියේය.  2015 වසරේ ජනවාරි මස අගදී සහරාන් හසීම් යනු ජාත්‍යන්තර ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන සමග එක්ව කටයුතු කරන පුද්ගලයකු බවත් ඔහු පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවටත් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සිටි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වත්මන් මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න වෙත ලිඛිතව සහ වාචිකව දැනුම් දී ඇත. එම තොරතුර පිළිබදව ඔහු කොතරම් සංවේදී වූවාද කිවහොත් ඔහු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත සිටි 700 ක් නිළධාරින්ගෙන්  පස් දෙනෙකු (05) පමණක් ඒ පිළිබදව සෙවීමට යොදවන ලදි.

ඒ කාළයේ රවී සෙනවිරත්නට තිබුන ලොකුම ප්‍රශ්නය වූයේ සහරාන් හසීම් නොව රජයේ නියෝග මත අත්ඩංගුවට ගෙන තිබූ ඇවන්ගාඩ් ආයතනයට අයත් පාවෙන අවි ගබඩාව නැවත එහි අයිතිකරු වූ නිස්ශංක සේනාධිපතිට නිදහස් කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා රජයේ රස පරීක්ෂක ගෙන් සහය ලබා ගැනීමට රවී සෙනවිරත්න සමත් වූ නිසා එයට ප්‍රතිඋපකාරයක් ලෙසට නිස්ශංක සේනාධිපති විසින් ඔහුගේ පුතාට ඇවන්ගාඩ් ආයතනයේ රැකියාවක් සමග දෙහිවල වින්සර් ඇවිනියුහි පිහිටි මහල් නිවසකින් එපාට්මන්ට් එකක් ලැබුණි. ඒත් ඔහු නොසලකා හැරි සහරාන් හසීම් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කර ජීවිත 272 කට අධික ප්‍රමාණයක් බිළිගත් අතර 500 කට අධික පිරිසක් ආබාධිත තත්වයට පත්විය. තමන්ට වාසියක් නොවන නිසා ඔහු සහරාන් හසීම් පිලිබඳ අවධානය යොමු නොකල බව පැහැදිලිය.

රවී සෙනවිරත්න ගේ එම නොමනා ක්‍රියාව නිසා සිදුවූ අභාග්‍යසම්පන්න ක්‍රියාව වූයේ 2019 සිදුවූ ප්‍රහාරය පිළිබදව මුල්ම තොරතුර ලබා දුන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගේ රැකියාව අහිමි වීමය.  ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණයේදී පවා සාක්ෂි නොදී සැගව සිටීමට රවී සෙනවිරත්න වත්මන් ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීම ඉතාමත් නින්දිතය.

 2019 නොවැම්බර් සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසුව විපක්ෂය කීවේ පාස්කු ප්‍රහාරය පිළිබදව හොඳින්ම පරීක්ෂණ පැවැත්වූයේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර බවයි. නමුත් පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සහ ජනාධිපති කොමිසන් සභාවේදී සහ ඒ පිළිබදව සෙවූ තවත් කොමිෂන් සභාවකදී අනාවරණය වූයේ සහරාන් හසීම්ගේ නායකත්වය යටතේ සිදුවූ මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට සහ සහරාන් හසීම් ඇතුළු කන්ඩායම ජීවග්‍රහයෙන් අත්ඩංගුවට ගැනීමට තිබූ අනගි අවස්ථාව පැහැර හැර තිබුනේ ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදුන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ලෙස සිටි ශානි අබේසේකර බවයි. ඔවුන් දෙදෙනා ජාතික ජන බලවේගය සමග එක්වී ඇත්තේ ඔවුන්ගෙන් සිදුවූ වරද වෙන උන් වෙත පවරා බේරීමට බව දැන් හොඳින්ම පැහැදිලියි ය.

 වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී කල ප්‍රකාශයක් අනුව රවී සෙනවිරත්නට අමාත්‍යාංශ ලේකම් ධූරයත් විශ්‍රාම ගොස් වසර තුනක් ඉක්මවූ ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයටත් පත්කරේ කාදිනල් මැල්කම් රංජිත්ගේ පුද්ගලික ඉල්ලීමට බවයි. ඒ අනුව දැන් පාස්කු ප්‍රහාරය පිළිබදව පරීක්ෂණ පැවැත්වෙන අතර පරීක්ෂණ පැවැත්විය යුතු ආකාරය ගැන දිනපතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන්නේ කතෝලික සභාව විසිනි. පලමු  නාටකය ලෙසට පිල්ලේයාන්ව අත්ඩංගුවට ගත් අතර දීර්ඝ කාළයක් රැදවුම් බාරයේ සිටි ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කිරීමේදී පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් බී වාර්ථාවේ සටහන්ව නැත. දැන් සුරේෂ් සලේව අත්ඩංගුවට ගෙන රැදවුම් බාරයේ සිටීයි. එම නාටකය ගැන රටම අවධානයෙන් සිටිය යුතුය.

 එදා පාස්කු ප්‍රහාරය එල්ල වූ දින වලදී වත්මන් ජනාධිපති වරයා ප්‍රසිද්ධියේ කීවේ දඩයම කරේ තියන් යන එකා දැක්කම තුවක්කුව බැන්ඳේ කවුද කියා පැහැදිලි බවයි. ඔහු එසේ කීවේ ගෝඨාභය රාජපක්ෂට බව ලෝකයම දැනුවත් වුවත් අද ජනාධිපති අනුර කුමාර දිසානායකට අනුව ගෝඨාභය අහිංසකයෙකි. තම බලය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය භාවිතා කල සේම වත්මන් ආන්ඩුව බලයට පත්කර ගැනීමටද අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය ඉතාමත් නිර්ලජ්ජිත ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කළේය. වත්මන් රජයේ මාධ්‍ය ප්‍රකාශක සේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධියේ කීවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇමරිකාව සහ ඉංදියාව ඍජුවම සිටින බවත් සාරා පුලස්ථිනී ආරක්ෂිතව ඉංදියාවට ගෙන ගියේ රෝ සංවිධානය බවයි.

රටේ කරුමෙට එසේ කී පාස්කු ප්‍රහාරය සිදුවන විට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටි වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ජිවතුන් අතර නොමැති විමයි. දැන් ඉන්නේ ඩුබ්ලිකේට් අයෙකි. ඒ නිසා ඔර්ජිනල් එකා කියපු කිසිවක් ගැන කට්ලට් එකයි පැටිස් එකයි සැන්විච් පාන් පෙත්තයි ටී එකයි ලබා ගැනීම මූලික කරගෙන රජයේ මාධ්‍ය හමුවට යන මාධ්‍යවේදීන් කියන එකෙක් ඩුබ්ලිකේට් එකාගෙන් නිකමටවත් ප්‍රශ්න කරන්නේ නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක එදා මෙන් අදත් අත උල්කරමි ඇඟ කරකවමින් හිතට අරගෙන රඟපාමින් චේතිය බොරු කියමින් සිටීයි. කතෝලික සභාවේ ප්‍රධානී කාදිනල් මැල්කම් රංජිත් ඊලග ජනාධිපතිවරණය පැමිණෙන තෙක් අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වටේ යවමින් සිටී. ඒ වෙන කිසිවක් සදහා නොව ඊලග ජනාධිපතිවරණයේ දී පාස්කු ප්‍රහාරය විසදීමට නම් එය කලහැක්කේ තම ඥාති පුතාට පමණක් බව කියා කතෝලික ජනතාව ඇන්ඳීමටය.

නිසි ක්‍රම වේදයක් නොමැතිව අඳුරේ අත පත ගාමින් පාස්කු ප්‍රහාරය වලක්වමින් එය කිරීමට සිටි උන් අත්ඩංගුවට නොගෙන ප්‍රහාරය සිදුවූවාට පසුව බොරු රඟපෑම් කරන රවී සෙනවිරත්න හෝ ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවන් අල්ලාවී කියා වත්මන් ආණ්ඩුව කියනදේ විශ්වාස කරන අයකු සිටීනම් නොපමාව මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *