මහනුවර  සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන්  තෝරාගත්  වාර්තාකරුවන් පිරිසකට වොඩ්කා බෝතල් සහ  වියළි ආහාර  මලු

මහනුවර  පිහිටි  සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින්  අවුරුද්ද වෙ⁣නුවෙන්  ඔවුන් විසින්ම තෝරා ගත් ප්‍රාදේශීය වාර්තාකරුවන්  පිරිසකට සහ  වාර්තාකාරිණියකට    වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ සුපිරි වොඩ්කා මත් පැන්  බෝතලය බැගින් ප්‍රදානය කර තිබේ.

විශේෂයෙන් මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට  අවශ්‍ය රහසිග  තොරතුරු දත්ත සපයන බව කියන ප්‍රාදේශීය  වාර්තාකරුවන් යැයි කියාගත්   පිරිසට අමතරව ත්‍රිරෝද රථ රියදුරෙක්  සහ  විද්යුත් මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු ප්‍රාදේශීය වාර්තාකරුවෙකුගේ දවසෙ දීමනාවට වැඩ කරන කැමරා කරුවෙක්ද මෙම  තෝරාගත් ප්‍රාදේශීය වාර්තාකාර ලැයිස්තුවට ඇතුලත්ය.

පොලිස් බුද්ධි අංශ වලට  විවිධ තොරතුරු වීඩීයෝ දර්ශණ  සපයන ප්‍රාදේශීය වාර්තාකරුවන් කීප දෙනෙකුටද මෙලෙස  සුපිරි මත් පැන් බෝතල් සමග වියළි ආහාර ද්‍රව්‍ය මළු  ලබාදී ඇත්තේ ඉතාම රහසිගතවය.

මේ පිළිබඳව ඉන්දීය සහකාර මහ කොමසාරිස්වරිය නොදන්නා  වුවත් ,මහනුවර සිටින ක්‍රියාකාරී   විද්යුත් සහ මුද්‍රිත මෙන්ම , වෙබ්  ජාලා  වලට ප්‍රවෘත්ති සපයන වාර්තාකරුවන්ද  කපා දමා රහසිගත මෙම  සන්තෝසම් ලබා දී ඇත්තේ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු  දේශීය සිංහළ සේවකයෙකුගේ  ව්‍යාජ මාධ්‍ය  ලැයිස්තුවකට බව  ඉන්දීය සහකාර  මහ කොමසාරිස්  කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට විරුද්ධව  නැගෙන මහජන මතයන් සිය මාධ්‍ය ආයතන හරහා  විකාශය කරවීමට  ප්‍රවෘත්ති  සහ වීඩීයෝ දර්ශණ ඉතා රහසිගතව  ආරක්ෂක බුද්ධි අංශ වෙත ගෙඩි පිටින් ලබා දෙන  , වාර්තාකරුවන් ලෙස පෙනී සිටින කූලී කම්කරුවන්ද ඉන්දීය සහකාර මහ ⁣ කොමසාරිස්   කාර්යාලයේ  ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ ලැයිස්තුවට රහසිගතව ඇතුලත්  කර ඔවුන් හරහා විවිධ තොරතුරු ලබා ගැනීම සිදුවෙන බව  තතු දත්  පිරිස් පවසති. මීට කලින් ඉන්දියාවේ සංචාරයක් සඳහාද හොර රහසේ  මාධ්‍යවේදීන් නොවන කීප දෙනෙකුට  අවස්ථාව ලබා දුන්නේ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස්  වරයෙකුගේ නිර්දේශ මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *