රෝගීන් තුට්ටුවකට නොසළකන හසලක රෝහලේ වෛද්‍යවරු සහ සුළු සේවක නඩය.

මධ්‍යම පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන හසලක ග්‍රාමීය රෝහලේ දී රෝගින්ට ලැබෙන සේවාව ඉතා පහත් මට්ටමකට වැටි ඇති බව වාර්ථාවෙි. සුළු සේවකයන් , වෛද්‍ය වරයා අසාධ්‍ය රෝගීයෙ,කු රෝහලට ඇතුලත් කල විට භාර ගැනිම ප්‍රත්ක්ෂේප කරන බව සදහන්වේ.රෝගියෙකු රෝද පුටුවට සහ ගිලන් ඇඳකට දාන්නවත් මේ රෝහලේ කණිෂ්ඨ සේවකයො කටයුතු නෙකරන බව පැවසේයි.
හදීසි හෘද රෝගියෙක් පසුගිය 08 වන දින ලංගම බසය රථයකින් රෝහලට ගෙන ආ විට රෝගියා භාර ගත නොහැකි බවට වෛද්‍යවරයා ගෝරනාඩු දමා ඇත.පසුව රෝගියාගේ හිතවතුන් එකතු වී ඒ රෝගියා මහියංගන රෝහලට ඇතුළත් කර ජීවිතේ බේර ගෙන තිබෙි .මේ රෝහලේ රාත්‍රී 10 ට ලයිට් නිවා දමා සුළු සේවකයො කකුළක් පිට කකුළක් දාගෙන පුටුවක දිගෑදිල රූපවාහිනි නෑරබිම පුරුද්දක් කර ගෙන ඇති බව රෝගීන් පවසයි.ඔවුන් රෝගී සත්කාරය සතයකට මායිම් නොකරන බව සදහන්වෙි.
මේ රෝහලේ ඉන්න මහජන මුදලින් පඩි ලබන සේවකයින් රෝගී සත්කාරය කරනවට වඩා තම තමන්ගෙ පුද්ගලික වැඩ කර ගැනිමට කාලය ගත කරයි . පරිපාලන වෛද්‍ය නිලධාරියා පුද්ගලික ආරෝග්‍ය ශාලාවෙි කටයුතු වලට ප්‍රමුඛස්ථානය ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *