අනුන්ගේ රංමාලයක් තමන්ගේ වගේ උගස් කර මුදල් ලබා ගත් නව පරපුරේ නිලි රසංගාට ඇප

නව පරපුරේ නිලියක් වන හර්ෂි රසංගා තම හිතවතෙක්ගෙන් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුරමුල්ල LB Finance ශාඛාවට උකස් තබා ලක්ෂ 6 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාලව තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලා අංශය මගින් අත්ඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙි.


එහිදී සැකකාර හර්ෂි රසංගා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත් එය බේරා ගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවත්ය.
සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කලා. ඉදිරි දිනට අදාල රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කර තිබෙි.
සැකකාර හර්ෂි රසංගාට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *