දිගින් දිගට නාවික හමුදාව ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය රැගෙන එන යත්‍රා අත්ඩංගුවට ගැනිමත් සමග මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රභලයින් අතර දැඩි මුදල් හිගයක් ඇතිවී තිබෙන බවට වාර්ථාවෙි.
මෙම තත්වය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම නිසා පාර්ශවයන් අතර ඇතිවී තිබෙන වෙඩි තබා ගැනිම්ද අඩුවී ඇත.ඊට හේතුව කුළි මිනිමරන්නන්ට හා එවා සමිබන්ධිකරණ, ඔත්තු බලන අයට ගෙවිමට පවා මුදල් නොමැති විමයි.
විශේෂයෙන් මේවනවිට දෙහිබාලේ හා උනාකුරුවේ ශාන්ත විසින් මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් පසුගිය සති කිහිපයේ දකුණු මුහුදු තිරය හරහා රටතුළට ඇතුල් කිරිමට උත්සහ කළත් නාවික හමුදාව එම ටොලර් අත්ඩංගුවට ගත්තේය.
මිට පෙර නාවික හමුදාවෙි ඇතැම් පුද්ගලයින්ගේ සහයෙන් මෙම ජාවාරම දිචු කළත් මෙිවන විට එම තත්වය වෙනස් වී නිසි තොරතුරු නාවික හමුදාවට ලැබෙන නිසා එවැනි වංගු ගසන නිලදාරින්ටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්වී වැඩ කිරිමට බියට පත්ව ඇති බව වාර්ථාවෙි.

