ලංකාවේ ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජ වල වාර්ෂික නිලවරණ හා නිලධාරීන් පත් කර ගැනීමද සිදු කෙරෙන්නේ ක්‍රිකට් විධායක සභාව විසින් වරින් වර නිකුත් කරනු ලබන නීතිමාලාවකට අනුවය.
මේ අනුව මෑතකදී එසේ නිකුත් කරනු ලැබූ නීතියකට අනුව ප්‍රධාන නිලයකට පත් වීමට නම් යමකු එම ක්‍රීඩා සමාජයේ වසර 10 ක සාමාජිකත්වයක් සපුරා තිබිය යුතුය.
මෙසේ තිබියදී කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ පසුගියදා පැවැති නිලවරණයේදී සාමාජිකත්වයක් හෝ නොමැති විදේශයක පදිංචි කරුවකු එහි සභාපති ධූරයට පත් කර ගෙන ඇත.
මෙම නීති විරෝධී පත් කිරීම ගැන ක්‍රිකට් ආයතනය විරෝධය පා එම නිලවරණය නැවත පවත්වන ලෙස කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට දන්වා තිබේ.
මෙම පත් කර ගැනීම පිටුපස ක්‍රීඩා සමාජයේ පිරිසක් අත යට මුදල් ගනුදෙනුවක් සිදු කර ඇති බව වාර්තා වේ.
මෙසේ එහි සභාපති ලෙස පත් කර ගෙන ඇත්තේ ඇමරිකාවේ වසන කෝටිපතියකු බවද දැන ගන්නට ඇත.
2026-03-31

