කුඩු රැජිනට නියෝජ්‍ය ඇමති  වටගලගේ රැකවරණය රුපියල් ලක්ෂ 50 කට හොර පාස්පෝට් එකකුත් හදලා දීලා.

කාලෙන් කාලෙට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් බිහි වුනත් වැඩ්ඩන් ලෙසට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බිහිවූ යේ 2009 දී උතුරු නැගෙනහිර පැවති යුද්ධය නිමාවී කුමරන් පත්මනාභන් හෙවත් කේපී අත් අඩංගුවට පත්වීමත් සමගය. එය කොටස් දෙකකි.එකක් රජයේ ඉහලම දේශපාලන රැකවරණය සහිතව මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එන්නන් සහ කැඩී බිඳී ගිය එල්ටීටීඊ මත්ද්‍රව්‍ය ජාලයේ ඉතිරිවූ කීපදෙනෙකු සමග එක්වී මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන්නන්‍ ය.

රාජ්‍ය අනුග්‍රහය යටතේ දුමින්ද සිල්වා , නිමල් ලංසා සහ  යන   අයවලුන් වූ අතර එල්ටීටීඊ සුන්බුන් සමග ගනුදෙනු කරන කණ්ඩායම කළුතුෂාර , වෙලේ සුදා දෙදෙනාට සීමාවිය. වෙලේ සුදාට ඍජුවම මත්ද්‍රව්‍ය සැපයීම කරේ ඊබ්‍රාහිම් ඩාවුඩ්‍ ය. වෙලේ සුදා විසින් එස්ටීඑෆ් එක සමග එකතුවී වයිට් සුගර් වර්ගයේ ඉස්තරම් කුඩු කිලෝ 28 කට පොල්ලක් තැබීය. ඒ මත්ද්‍රව්‍ය තොගය එස්ටීඑෆ් එකට හසුවූ බව කියමිනි . ඩාවුඩ්ව ඇන්ඳීම ඒ තරම් ලෙහෙසි නැත. ඔහු කමක් නෑ කියා වෙලේ සුදාව සනසා පසුව වෙලේ සුදා ලංකාවට එනවිට අල්ලා දුන්නේය. වෙලේ සුදා තාම ඇතුලේය. කළු තුෂාර ද ව්‍යාපාරය කරේ ඩාවුඩ් සමග වුවත් ඒ බව ඩාවුඩ් කළු තුෂාරට දැන ගන්නට ඉඩ තිබ්බේ නැත. නමුත් ඩාවුඩ් දෙවන පාර්ශ්වයක් හරහා කළු තුෂාරට කීවේ ඔහුගේ බිරිඳව ව්‍යාපාරය සදහා යොදවන ලෙසත් ඇයගේ රෙකමදාරුව ඇති අයට පමණක් ලංකාවේ ව්‍යාපාර කිරීමට මත්ද්‍රව්‍ය ලබාදෙන බවත් ය.

එකපයින් එයට එකගවූ කළු තුෂාර තම බිරිඳ වූ වෙත්තමුණිගේ තිළිණි නිශායා තිලකරත්නව ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ පේට්න් බලපත්‍රය හිමි කාන්තාව ලෙසට හදුන්වා දුන්නාය. ඊට ටික කලකට පසුව කළු තුෂාර පොලිස් අත් අඩංගුවට පත්වන්නේ රාජපක්ෂලාගේ ගේ ඉල්ලීමට සපුමල් කුමාරයාගේ කඩුව සොරාගැනීම සදහා කෝට්ටේ රජමහ විහාරයට ගොස් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමේ වරදටය.

පසුව  2014 වසරේ දී ගෝඨාභය රාජපක්ෂගේ නියෝග පරිදි වැලිකඩ බන්ධනාගාරය තුලදී තෝරා ගෙන ඝාතනය කරන ලද සැකකරුවන් අතර කළු තුෂාරද විය. තිළිණි කළුතුෂාරට දාව උපන් චින්තාමනී මොහොට්ටිගේ ඉඳුරු ආදිත්‍ය චමුපති පුතා සමග තනිවිය. එම කාළය වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට රටින් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සිටි මාකදුරේ මධූෂ් ගැන තිළිණිට ඉව වැටුනි. ඇය තම ව්‍යාපාරිකයන් හරහා මධූෂ්ව සම්බන්ද කර ගත්තාය. එම සම්බන්ද කොතෙක්ද යත් ඇය ඔහු හා විවාහ විය. මධූෂ්ට දාව ඇයට සමරසිංහ ආරච්චිගේ හිසාරා ලෙව්මිණි නම් දියණියක් සිටී. 2018 පෙබරවාරි 05 ඇයගේ උපන්දිනය වූ අතර දියණියගේ පළමු උපන්දින සැමරුම ඩුබායි හෝටලයක සමරමින් සිටි මොහොතේ මධූෂ්ව අත් අඩංගුවට පත්විය. පොලීසිය භාරයේ සිට මිය යනතෙක් මධූෂ්ට නිදහස් වීමට ලැබුනේ නැත. මධූෂ් අත්ඩංගුවට පත්වීමෙන් පසුව තිළිණි විසින් ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට තවත් නියෝජිතයකු පත්කර ගත්තාය . ඒ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාය. හරක් කටා අත් අඩංගුවට පත්වීමත් සමගම ඇය කෙසෙල්බද්දර පත්මේ තම නියෝජිතයා කර ගත්තාය. කෙසෙල්බද්දර පත්මේව කොටුකර දෙන්නේ ඇය ගේ අලුත්ම හිතවතාවූ ධරූන් රොශාන් සමග එක්වය.

පසුව ඇය කිසිත් නොදන්නා ගානට ලංකාවට ආවිත් මධූෂ් මියගිය පසුව එවකට මහරගම පොලීසියේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමග පෙම් පලහිල්ව්වකද පැටලුනාය. එහෙත් එයට ඇගේ පලමු කසාදයේ පුතා කැමති නැත. පුතා කරේ දැනට මාසයකට පෙර අදාල කොස්තාපල්වරයාව ගාලුමෝදරපිටිය අසලදී පැහැරගෙන විත් පහරදී පැපිලියානේ කාණුවකට දැමීමය. එම සිඳුවීමට අදාලව පොලීසිය දිලිණි සහ ඇගේ පුතා ඇතුළු  පස් දෙනෙක් අත්ඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

 ලංකාවේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව වෙන වෙනම ගොනු පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබයි. ඔවුන්ගෙන් යම් අයෙකු ලංකාවේ හෝ විදේශ රටකදී අත් අඩංගුවට පත්වූ විඟස අදාල ගොණු පරීක්ෂා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි. ඒ අනුව ජාතික හැදුනුම්පත් අංක 866783039 V ඇති මහරගම වෙවේකාරාම පටුමගේ අංක 19/20 ලිපිනයේ වෙත්තමුණිගේ තිළිණි නිශායා තිලකරත්න ගේ සහ එම ලිපිනයේම පදිංචි චිත්තාමණි මොහොට්ටිගේ ඉදුරු ආදිත්‍ය චමුපති යන අයවලුන්ගේ ගොණු නැවත පරීක්ෂා කල යුතුය. එම ගොණු පරීක්ෂා නොකරන ලෙසට මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ඍජුවම උපදෙස් ලබාදී  ඇති බව වාර්ථාවෙි. එයට විශේෂ හේතුවක් ඇත. ඇයගේ ගොණුවේ නියෝජ්‍ය ඇමතිවරයා රුපියල් ලක්ෂ 50 ක් ලබාගෙන මිනිස්සු පාස්පෝට් ගන්න පෝලිමේ සිටියදී ඇයට සදාදුන් ව්‍යාජ පාස්පෝට් කතාව හෙලිදරව් වෙනවාට බිය නිසා විය හැකිය.

2025 ජනවාරි 03 දින අංක P 0107925 යටතේ ජාතික හැදුනුම් පත් අංක 199581605927 සහිත උපන් ස්ථානය නුවර සදහන් “සෙනරත් මුදියන්සේලාගේ කෝණගෙදර ජෙසිනි ප්‍රේමන්ට් ද බංඩාර යනුවෙන් එම පාස්පෝට් එක ඇයට ලබාදී ඇත.

මෙම සියළු විස්තර ආණ්ඩුව සමග ගණුදෙනු කරන විශ්‍රාමික පොලිස් සාමූහිකයේ නිළධාරින් කීපදෙනෙකුට ලබා දුන්නේ ආණ්ඩුවේ ඉහලම අය දැනුවත් කරන ලෙසයි.අප දැනුම් දුන් කිසිවකුගෙන් යහපත් ප්‍රතිචාරයක් මේ වනතෙත් අපට ලැබී නැත. අපටද ඉවසීමේ සීමාවක් ඇත. ඒ සීමාව දැන් අවසන්‍ ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්දතා ඇති හැම එකාගැනම හෙළිදරව් කරමු. මෙම ලිපියේ කිසිවක් සංස්කරණය නොකොට පල කරන මෙන් කතෘ වරයාගෙන් ඉල්ලා සිටිමු. ඇයට සදා දුන් ව්‍යාජ පාස්පෝට් එකේ පිටපතක් එවමි එයද පලකරන මෙන් ඉල්ලා සිටිමි.

(කළකිරීමට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නීතිගරුක නිලධාරීන් පිරිමක්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *