ලංකාවේ ක්‍රිකට් කාපු අය අතර වත්මන් තේරුම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහත් ඉන්න බව බොහෝ දෙනා නොදන්න කාරණාවකි.
ඔහු මීට පෙර වතාවක් තේරුම් කමිටු සභාපති ලෙස කටයුතු කරද්දී එය අවසාන වූයේ ඔහුද සහභාගි වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල අවසන් අටටවත් තේරීමට අසමත් වෙමිනි.
දේශපාලනයේ පක්ෂ ගණනාවක එහෙට මෙහෙට පනිමින් සිටි ප්‍රමෝද්‍ය ජනාධිපතිවරණය ආසන්නයේ මාලිමාවට සහය දැක්වීමට එක්වීම නිසා ක්‍රීඩා ඇමතිවරයා මෙම අසාර්ථක තේරුම් කමිටු සභාපති නැවත වරක් එහි සභාපති ලෙස පත් කිරිමට කටයුතු කළේය.
පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේද තේරුම් කටයුතු සිදු කෙරුණේ ප්‍රමෝදයගේ මූලිකත්වයෙනි.
එහිදී සනත්ගේ උවමනාවට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන ඔහු කිසිදු සැළකිල්ලක් දැක්වුයේ නැහැ.
ඒ නිසාම ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධ වලට ගොදුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල අසාර්ථක වුණේ අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් නොලබමිනි.
දැන් මේ ප්‍රමෝදයම අළු ගසා නැගිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන තදින් සිටිමට පයන් ගෙන ඇත.
මෙවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන දේශපාලන අනාථයන් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් බලවත් ස්ථාන වලට පත් කරන ක්‍රීඩා ඇමතිවරයා නම් අපේ රටේ ක්‍රීඩාව නැත්තටම නැති කරන්න ආ අයෙක් හැටියටයි ක්‍රීඩා ලෝලීන් පවසන්නේ.
අනුර කුමාර රජයක් යටතේ අපේ රටේ ක්‍රීඩාවත් වළපල්ලට ගියොත් එහි වගකීමත් ගන්න වෙන්නේ ජනාධිපතිවරයාටයි.
2026-03-29

