ශානි අබේසේකරව ඩීඅයිජී කරන්න පොලිස් අමාත්‍යාංශය නටන අළුත්ම මොණර නැටුම.

ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යනු වත්මන් සීඅයිඩී අධ්‍යක්ෂ වරයාය. 2021 වසරේ විශ්‍රාම ගිය ශානි අබේසේකරට ලබා දී ඇති මෙම පත්වීම දේශපාලන පත්වීමකි. එසේ කියන්නේ ශානි අබේසේකර විසින්ම තමාව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් අත්ඩංගුවට ගැනීමෙන් වලකින ලෙසට නියෝග නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයේ පැහැදිලිවම කියා ඇත්තේ ඔහු ජාතික ජන බලවේගය සමග දේශපාලන කටයුතුවල නිරතවන බවයි. එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ 2024 ජනාධිපතිවරණයට දින 9 ක් තිබියදීය.

ආණ්ඩුව බලයට පැමිණි පසුව තමාව ඩීඅයිජී ලෙසට උසස් කරන ලෙස ඉල්ලා ඔහු පොලිස් කොමිෂන් සභාව වෙත 4 වතාවක් ඉල්ලීම් කලද ඒ සෑම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ඔහු අභියාචන පරිපාලන විනිශ්චය සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. එහිදී නියෝග කර ඇත්තේ 2021 දී විශ්‍රාම ගිය ශානි අබේසේකරට 2025 වසරේ පැවැත්වෙන නියෝජ්‍ය පොලිස්පති ( ඩීඅයිජී ) වරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණයට ශානි අබේසේකර ඉදිරිපත් වූ අතර ඔහු එයිනුත් අසමත් වී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න කියන්නෙ මේ මාර්තු අවසන් වෙන්නට පෙර ශානි අබේසේකරට ඩීඅයිජී කම නොදුන්නොත් ඔහු ගෙදර යන බවයි. රවී සෙනවිරත්න සීඅයිඩී සිටියදී යැපුනේ ශානිගෙන් බව අපි හොඳින් දනිමු. රවී සෙනවිරත්න බස්නාහිර පලාත් බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ලෙස සිටියදී යැපුනේ එවකට ඒඑස්පී කීර්ති පාල ගෙන් බවද අපි හොදින් දනිමු.

ඒත් අපට එක ප්‍රශ්නයක් රවී සෙනවිරත්න ගෙන් පමණක් නොව ශානි අබේසේකර තමන් දේශපාලන කලබව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් මගින් කරුණු කියා තිබියදීත් ශානී අබේසේකර දේශපාලන කලේ නැතිබව ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත කරුණු කියූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ඇසීමට ඇත. ” ශානි අබේසේකර මැරුණ දවසට සීඅයිඩී එක වසා දමනවාද” යන්නයි.

 පසුගිය මාර්තු 13 වෙනි සිකුරාදා ශානි අබේසේකරව ඩීඅයිජී කරන්න ඔහුට පමනක් විශේෂ සම්මුඛ පරීක්ෂණයක් මහඩන ආරක්ෂක අමාත්‍යංශයේ පවත්වීම අප කාගේත් විහිළුට කාරණයක් විය. සහකාර පොලිස් අධිකාරී ධූරයෙන් ඉහලට උසස්වීම් ලබා දීමේදී එම උසස්වීම් පරීක්ෂණ මණ්ඩලයට නිළධාරීන් 5 ක් සිටිය යුතුය.  අමාත්‍යාංශයේ ලේකම් , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නියෝජිතයක් , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයෙක්  පොලිස්පති හෝ ඔහු ආවරණය වන සේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක් සහ  ස්වාධීන පිලිගත් නියෝජිතයෙක් ලෙසය.

 ඒත් ශානි අබේසේකර ඩීඅයිජී කරන්න පැවති සම්මුඛ පරීක්ෂණට සිටියේ නියෝජිතයන් තිදෙනෙකි. ඒ හැමදාම ශානිගෙන් යැපුන රවී සෙනවිරත්න , ආණ්ඩුව කරන කියන ඕනෑම ගොං කමක් හිස්මුදුනින් රැගෙන යන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයා පමණි.

 අසම්පූර්ණ පරීක්ෂණ මණ්ඩලයක් යටතේ මෙම සම්මුඛ පරීක්ෂණය තියන්න කීවේ කාදිනල් මැල්කම් රංජිත් ද යන්න අපට සැක පහල වී ඇත. ඒ පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන නිළධාරින්ට තමන්ව අත්ඩංගුවට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් මගින් දැනුම් දුන් ශානි අබේසේකරව නැවත සේවයේ පිහිටුවා සීඅයිඩී අධ්‍යක්ෂ කලේ කාදිනල් මැල්කම් රංජිත්ගේ පුද්ගලික ඉල්ලීමට බව වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක විමල් රත්නායක කල දැනටත් හැන්සාඩ් ගත්වී ඇති ප්‍රකාශය නිසාය.

කාදිනල් මැල්කම් රංජිත්ගේ කතෝලික සභාවේ නියෝජිතයන් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙතට පැමිණ කියන්නේ ශානි අබේසේකර ඉතාමත් හොදින් පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන කරන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන නිළධාරින්ට තමාව අත්ඩංගුවට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් මගින් කියූ එකෙක් අදාල පරීක්ෂණය හොදින් කරන්නේ පවතින මොන නීතිය යටතේද? එවැන්නක් බයිබලයේ හෝ තිබේදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.

 ශානි අබේසේකර ඩීඅයිජී නොව පොලිස්පති කර පැලවත්ත කාර්යාලයේම නතර කර ගත්තත් අපිට කම් නැත. ඒ වත්මන් ආණ්ඩුවේ අයට සේම ශානි අබේසේකරටත් ලැජ්ජාවක් නැති බව අපි දනිමු. ඒත් අවුරුදු 159 ක පොලිස් ඉතිහාසයේ මෙවැනි විගඩම් වලට කීවේ මොණර නැටුම් කියාය. නරඹන රටවැසියන් ඉදිරියේ ලස්සනට නටනවාය ඒත් උබලාගේ පුක එලියේය.

(විශ්‍රාමික පොලිස් සහමුහිකයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *